හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වැනිදාත් ඔහුගේ සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 22 වැනිදාත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි රජයේ ආරංචි කියයි.
නොවැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබියදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා මහ ලේකම් තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමැති ලෙස පත්කිරීම ඡන්ද අල්ලසක් බව නීතිවේදීහු කියති.
ගාලු වරායේ පාවෙන අවි නැවේද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේද තිබී සොයාගත් අවි සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපතිගේ සම්බන්ධය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ අතර බැසිල් රාජපක්ෂ ලබන 21 වැනිදා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අධිකරණ නියෝගයක් අනුව ඔහු පැමිණි ගමන් රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට නියමිතය.
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ නියාමන කොමිසමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලබන 21 වැනිදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමටද නියමිතය.
ලබන සතිය වන විට ගිය රජයේ ප්‍රබලයන් 7 දෙනකු පමණ ප්‍රශ්න කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම මහතා වෙත,රට අස්ථාවර කළේ ගිය රජයනේනේ , තව අවුරුදු 2ක් තියෙද්දී ...(බ)
මෙන්න නියම මාධ්‍ය සංදර්ශන, බලන්නකෝ මේකේ අන්තිමට මොකද වෙන්නේ කියල? පැමිණිල්ලක් කළොත් අනිවාර්යෙන් ගෙන්නන්න එන්න වෙනවා, එකෙන් කියන්න බෑ, වැරදිකාරයො කියල! (බ)
දියෙහි යන දණ්ඩට..පිහිටක් වෙතත් පෙර සිට..දුදනන් හට පිහිට..නොවව් යන බස සැබෑ කළෙ මට - ගුත්තිලය. (බ)
එ්ක ඇත්තටම දේශපාලකයන් විසින් කාලාන්තරයක් තිස්සේ ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙලෙහි ඍජු ප්‍රතිපලයක් රසිකා. පලදායි වැඩ නොමැති මිනිසුන් දේශපාලනය පස්සෙම යන නිසා ඔවුන්ට එයින් තොර ලෝකයක් නැහැ. (අ)
නිර්දෝෂී බව පෙන්නන්න අවස්ථාවක් ලැබිලා (බ)
ශ්‍රී වික්‍රම මෙතැන මුදල් වංචාවක් ගැන කියල නෑ ඒවාට ඉස්සෙල්ල අල්ලන්න ඕනේ මුදල් ඇමැති මහ බැංකුවේ අධිපති (බ)
දැන් ආණ්ඩුවට වයස මාස තුනකටත් වැඩියි. මහා බැංකුව කොල්ල කෑවා බැංකු අධිපති ඊයේ නිදහස් කළා තොත්ත බබෙක් වගේ මුකුත් නොදන්නා, රජයේ රෝහල් වල බෙහෙත් නැහැ, රජයේ සේවකයන්ගේ පඩි ගෙවා ගන්න මුදල් නැහැ, දෙනවයි කියපුව කෝ.? බොන්නේ කොත්තමල්ලිද. ගිය ආණ්ඩුව කරපු එක මුදල් වංචාවක් ඔප්පු කරලා පෙන්නුවද. ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ දහස් ගණනක් වීර සෙබලුන්ට රැකියා දීල ලක්ෂ ගණන් පඩි ගෙවූ එක වරදක්ද, කියපු බකිම්හැම් මාලිගා, හෙලිකොප්ටර්, එංගලන්ත අස්සයෝ, ලැම්බෝගිනි කෝ එකක් හම්බ උනානම් මාධ්‍ය සංදර්ශන බලන්න තිබුන යසට. මඩ ගහ ගහ ඉන්නවා විතරයි. දැන් වෙවුලනවා මහින්ද නම ඇහෙනකොට. ලැජ්ජයි සිංහලයන් වශයෙන් අපි ලංකා පොලවේ පයගහල ඉන්නේ මහින්ද මහතාට පින්සිද්දවෙන්න . අනිත් අයවගේ ගිවිසුම් ගහ ගහ හිටිය නම් කොටි එක්ක අද ලංකාවක් නැහැ තියෙන්නේ ඉලනේකෙයි. (බ)
රටට වැඩ කළාට ලැබෙන තෑගි තමයි ඔය. ශේප් එකේ තමුන්ගේ වැඩක් බලාගෙන යුද්දෙත් විකුණගෙන කාල හිටිය නම් ඔය මුකුත් නෑ. විශේෂයෙන් සිංහලයන්ට මෙලෝ දෙයක් කළ යුතු නැත. උන්ට කළ හොඳ පස්සෙන් එලවන බව නියතය (බ)
වැරද්දක් කර ඇත්නම් එය නීතිය මගින් නියමාකාරව ඔප්පු වේනම් නීතිය කාටත් පොදු නිසා නිසි දඩුවම් ලැබිය යුතුමයි. කළ කී දෑ අගයනවා මෙන්ම වැරදි වලටත් නිසි දඩුවම් නියම කරලා තියෙනවනේ. පොදුවේ සියලු දේශපාලකයින් අපි වෙනුවෙන් කටයුතු කරන්න යවන අපේ සේවකයින්. ඔවුන් ඒ වෙනුවෙන් වැටුපක් ගන්නවා.ඒවාට ගෙවන්නේ අපි. අපේ බදු මුදල් වලින්.පවරපු රාජකාරිය නිසි ලෙස කිරීමේ යුතුකමක් ඔවුන්ට තියෙනවා. මහජන විශ්වාසය රැක්කොත් තමා නැවත ඔවුන් ගැන විශ්වාසය තබන්නේ.තල වැපුරුවොත් ලැබෙන්නේ තල අස්වැන්නක්. මුන් වැපුරුවොත් ලැබෙන්නේ මුන් අස්වැන්නක්. මෙහි අදහස් පල කරන අය අන්ධ බක්තියෙන් මිදෙන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකිනවනම් තමයි අදහස් සපල වෙන්නේ.(බ)
නියමයි අනිල් නියමෙට කියල තියනව කියන්න ඕන ටික! එල කිරි! (බ)
රට දියුණු කරපු නායකයන්ට කවදත් කෙනහිලිකම් කරනවා රට ජාතිය පාවලා දීපු අය වීරයන් වෙනවා දළදා මාලිගාව කටුනායක ගුවන් තොටුපල රැකගන්න බැරිවුන අය දැන් සිංහ වෙස් අරෙගන අනේ කාලේ වනේ වාසේ කිව්වලු (බ)
නඩුව පස්සේ අහමු දෙන්නම අල්ලලා හිරේ දන්නා , එතකොට අර කට්ටියට හොදට පහසුවෙන් එයා ලගේ ගමන යන්න පුළුවන් , මේකේ අදහස් දාන අයට හොඳට නින්ද ගිහින් එසැනට කොමෙන්ට්ස් දාන්නත් කවුරුවත් නැති වේවි . අර පිට රට ඉන්න අයත් හොඳ සනීපෙට නිදා ගනීවි (බ)
යුද්දය නම් හිගන්නාගේ තුවාලේ 2009 දී සුව කරපු එක ගැනත් විභාග කලා නම් හොඳා (ම)
මර බියෙන් වෙවුලමින් අනගාතයක් ගැන සිහින දැකීමටවත් වරමි නැති ජාතියක් ලෙස සිටි අවධියේදි එම අවධානමි සහගත අරමුණු ජය ගැනිමට අඹමල් රේණුවකින් තරමිවත් උපකාරයක් නොකළ පිරිස් උදව් අවශ්‍ය නෑ අඩුම තරමින් අකුල් නොහෙලා පාඩුවේ සිටියා නම් කම් නැත එයද නොකර පුළුවන් තරම් කඩාකප්පල්කාරි දෑ කරපු පිරිස් අද බලයට ඇවිල්ලා අපිට අහිමි වු නිදහස එසේ නැතිනමි නොඅසපු නොදැකපු සංවර්ධනය මරබිය තුරන් කළ නායකයා සහ ඔහුට ඒ සදහා සහය ලබාදුන් අනුගැමිකයන් හිර කිරිමේ කූඨ උපක්‍රම භාවිතා කරමින් සිටි. අනිත් ජනාධිපතිවරැ මෙන් යුද්ධයෙන් වවාගෙන නොකෑපු වරදට අද ඔබතුමා ඇතුලු පිරිස දඩුවම් ලබයි (බ)
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාව හිරේ යැවීමට එදා නීතියට අයිතිය තිබුණා නම් අදත් ඒ අයිතිය නීතියට තිබිය යුතුය.මෙහි අදහස් පළ කර ඇති සමහරෙකුට අනුව, සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම සාමාන්‍ය පුරවැසියන්ගේ නින්ද යාමට හෝ නොයාමට සහ හීනෙන් බියවීමට අදාළ වන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකිය. . (බ)
වින්සන්ට්, එයාට ඔය ප්‍රශ්නය තියෙනවා අරයා පැරදුන දවසේ සිටම. (නි)
මොන නින්දක්ද මහානාම මහත්තයෝ..දැනටත් මහින්ද මහත්තය හීනෙන් පේනවට බයේ බාගෙට නිදියන එවුන්ට ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඇහැරිලාම ඉන්න..මහින්ද මහත්තයට හෝ ගෝඨාභය මහත්තයට අත තියන්න ගිය දවසට යහපාලනෙට අතපය කද හිස සියල්ල අහිමිවේවි..(බ)
රටේ ජනතාවගේ මුදල් වංචා කළ ඕනෑම කෙනෙක් නීතිය ඉදිරියට ගේන එකේ වැරද්දක් තියනවද ?
මට තේරෙන්නෙ නැහැ දිලිප් ලංකාවෙ මිනිස්සුන්ට අන්තවාදී නොවී, පක්ෂග්‍රාහී නොවී ප්‍රශ්නයක් දිහා බලන්න, කතාකරන්න, තීරණයක් ගන්න බැරි අවාසනාව මොකද්ද කියල. (නි)
රටේ ජනතාවගේ මුදල් වලට වඩා වටින්නේ රටේ ජනතාව හා රටයි. බලන්න මහා බැංකුවේ බැඳුම්කර කොමිෂන් වාර්තාවට වුණ දේ? මේ වෙලාවවේ වැදගත් වන්නේ මහින්ද හෝ මෛත්‍රී නොවේ. රට රැකගන්න පුළුවන් රටේ ආර්ථිකය රැකගන්න පුළුවන් නායකයෙක්. (නි)
තවත් මාධ්‍ය සංදර්ශනයක පෙරනිමිතිද මේ? මේ දේවල් වල යටි අදහස් අපේ අයට තේරෙනකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. අපේ උදවිය දෙකට බෙදිලා කුළල් කා ගන්නකොට එහි වාසිය යන්නේ රට අස්ථාවර කරන බලවේග වලට බව දන්නේ තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද? (නි)
දශක ගණනාවක් තිස්සේ මේ රට සෝදාපාලුවට ලක් කරපු බංකොලොත් දේශපාලනය නිසා අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. කවුරු බලයට ආවත් එ්කයි කියන එක දැන් ඉතා පැහැදිලියි. මේ රට පවතින්නේ පොදු ජනතාව දහදිය මහන්සියෙන් දහදුක් විඳලා උපයන මුදලින් මිසක් ඔය කාගෙවත් පුද්ගලික මුදල් නෙමෙයි. ඒ නිසා යමෙක් රටේ මුදල් වංචා කළා නම් පක්ෂ පදවි තානාන්තර නොබලා දඬුවම් දියයතුමයි. (බ)