
(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයන් පැවරූ නඩු වලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය රුපියල් 21000 ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප‍්‍රභ කළේය.
පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලික තමන්ට නොව රජයට බව සඳහන් කරමින් එම නඩුවලින් තමා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව සිවිල් අභියාචනා අධිකරණය එලෙස නියම කළේය.
සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන සංජීව මොරායස් හා ෆෑන්ක් ගුණවර්ධන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව එලෙස තීන්දු කළේය.
පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට හිටපු ජනපති මෙත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා 109 දෙකු කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ආණ්ඩුවක් යටතේ .. අර තෑගි ලැබුණ " ජනාධිපති මන්දිරය " නැවත රජයට පවරා ගැනීමට සියලු විධිවිධාන යොදා ඇත !
තවමත් ලැජ්ජාවක් නැතුව ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්නවනේ .දැන්වත් තමන්ගේ වගකීම ඉටු උනේ නෑ කියලා පිළිගන්න
අනේ පව් තොත්ත බා .කරන හැම ගොන් වැඩක්ම කරලා නිදහසට කරුණු කියන්නත් එනවා