හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.

චීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම  සංචාරයේ නිරත වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එම සංචාරයේදී චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ දී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක කරන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.