තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමග අලුත් අවුරුදු සැමරීමට එක්විය.
අවුරුදු සිරිතට නැකත් වේලාව අනුව පැමිණ සිටි පිරිස සමග ගනුදෙනු කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිරිත් විරිත්වලට සහභාගීවිය.
තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමග අලුත් අවුරුදු සැමරීමට එක්විය.
අවුරුදු සිරිතට නැකත් වේලාව අනුව පැමිණ සිටි පිරිස සමග ගනුදෙනු කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිරිත් විරිත්වලට සහභාගීවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දද මෛත්‍රීද වඩා හොඳ කියන ප්‍රශ්නය නෙමෙයි මට තියෙන්නේ. මම ඡන්දය දුන්නේ ඒ දෙන්නටම නෙමෙයි. මට පුදුම මෙතන කුහකකම ප්‍රදර්ශනය වෙන හැටි. ටික දෙනයි මධ්‍යස්ථව කරුණු ලියන්නේ. අනිත් අතට කෙනෙක් අවුරුදු කෑවාම අපි ඔච්චර මැරෙන්න හදන්නේ මොකද! (නි)
ඔබ රටට සදා වාසනාවන්! (නි)
ඔබට සුබ අලුත් අවුරුද්දක්! (නි)
සමිතාගේ අදහසට සමාන අදහසක් ඇති කවියක් මම පාසැල් අවදියේදී අසා සහ කියවා තිබෙනවා.ඒ කවිය මෙසේයි. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ - අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ - දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ - සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. පොත සුභාෂිතය, 46 වෙනි කවිය. (නි)
අනේ ඔවු ඩයස්. දැන් දවසකට ලක්ෂ ගානක් ඉතුරුයි. මතකනේ ඒ කාලේ අලිමංකඩ සහ මුලතිවු කඳවුරු විනාශවෙනකොට අපේ ඇස්වලත් කඳුළු වැක්කෙරුණු හැටි. දැන් ඒ සල්ලි විතරක් නෙමෙයි ඒ වටිනා ජීවිතත් ඉතුරුයි. (නි)
හොඳ වෙලාවට රතු පාටින් සැරසෙන්න කියලා නැකත තිබුනේ. නැත්නම්, මම හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් එන්න හදනවද කියලා? (නි)
ජය වේවා! කෝ සුමනදාස? (නි)
මහින්දට නම් හැමදාම අවුරුදු ඇති. මෙතුමාට විතරක් නෙමෙයි ඒ කාලේ හිටපු ගොඩක් දෙනෙකුට ඉතින් හැමදාම අවුරුදු තමයි (නි)
ලබන අවුරුද්දේ ඔබේ නායකත්වය යටතේ මුළු රටටම අවුරුදු සමරන්න ලැබේවි කියා ප්‍රාර්ථනා කරමි. (නදී)
ඔබේ වටිනාකම,රටට දැනෙන්නට ලබා දුන්නු දින සියයේ විරාමයේ අවසාන දින කිහිපයත් මෙසේ ගෙවී ගියදෙන්.සුබ නව වසරක්ම වේවා ජනපතිදුනි ඔබට.(ස)
මෙවර අවුරුදු වර්ණය රක්ත වර්ණය යැයි පැහැදිලිකළ සියළු මිතුරු මිතුරියන්ට ස්තුතියි! ඒ වගේම අපගේ සිංහල දෙමළ සියළු සහෘදයින්ටත් හදපිරි සුභ අළුන් අවුරුද්දක් වේවායි පතමි. නමුත් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අවුරුද්දක් කවදා බිහිවේද කියා බලාසිටිමි. (නි)
මටත් මතක් වෙනවා ලෝවැඩ සඟරාවේ කවියක්. කරන කලට පව් මිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ - කරන එපව් දුරලන උප දේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ. (ස)
ඔබට ජය! සුබ අලුත් අවුරුද්දක්! (නි)
මේ තරම් අදහස් (පක්ෂව හෝ විපක්ෂව) දාන්නේ එතුමා ගැන අදහස් පල කරන්න තරම් වටින කෙනෙක් නිසානේ. නිකමෙක් උනා නම් බනින්නේවත් නැහැනේ. මේ බැනුම් වලින් පවා පෙනෙන්නේ හිටපු ජනාධිපතිතුමාගේ තිබෙන යම්කිසි අගයක්. එක පැත්තකින් හිතුවාම ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ. මොනවා හරි වැඩ කරපු නිසයි හොඳයි නරකයි දෙකම අපිට පෙනෙන්නේ. (නදී)
මේ කතා කියෙව්වහම දැන්නම් 58% පැනලා. මට පෙනෙන හැටියට 75ත් පැනලා. ඉතින් කාටද ආඩම්ම්බර? ඔබ සියලු දෙනාට ජය වේවා! එතුමාගේ ජය අපේ ජයයි. රටේ ජයයි. (නි)
සිංහල දෙමළ කවුරුත් අද නිදහසින් අවුරුදු කන්නේ ත්‍රස්තවාදය අවසාන වූ නිසයි.ඒ ගරුත්වය මේ පවුලට දෙන්නම වෙනවා.ඉන්පසු රාජ්‍ය පරිපාලනයේ නොයෙකුත් අර්බුද මතුවෙන්න ඇති.ඒත් දැනටත් නිවැරදි කළමනාකාරිත්වයක් රටේ පාලනතන්ත්‍රය තුළ දක්නට නැහැ.රටේ ඒකීයත්වයට එල්ලවී ඇත්තේ සුළුවෙන් තැකියහැකි තර්ජන නොවේ.එවැනි වාතාවරණයක් තුළ ජනතාව මහින්දාගමනය බලාපොරොත්තු විම පුදුමයක්ද ..? (නි)
රකිත්ට මොනවාද මතක් වෙන්නේ එතුමාගේ ලොකුම පව හැටියට. 30 අවුරුදු යුද්ධය නවත්වල රටට සාමය ගෙන දෙන්න ගත්ත තීරණයද? ලිස්ට් එකක් ගහල ඊට පස්සේ ඒවායේ හොඳ නරක ප්‍රතිඵල බලන්නකෝ. ඔයා අද ඕව ලියන්නේ ජීවත් වෙන නිසානේ. කොටි බෝම්බයකට අහු වුනානම් ඕව ලියන්න වෙන්නේ නැහැනේ. මගේ පවුලේ කෙනෙක් ඉස්සර වැඩ කරේ ශ්‍රී ලන්කන් එකේ මහ බැංකුව ඉස්සරහ කාර්යාලයේ. ඒ කාලේ එයාලගේ ලේ ටෙස්ට් කරා හදිසි අනතුරකදී අවශ්‍ය වුනොත් කියලා. 96 මහා බැංකු බෝම්බයේදී ඒ ගොඩනැගිල්ලත් ගිනි අරන් විනාශ වුනා. මගේ පවුලේ සාමාජිකයා එදා යන්තම් ජීවිතය ගලවගත්ත කෙනෙක්. ඉතින් අපි මේ ගැන බලන විදිහ ටිකක් වෙනස්. එතුමාගේ ප්‍රශ්න තිබුන, විශේෂයෙන්ම වටේ හිටි සමහරු නිසා (ඒ සමහර කට්ටිය දැන් අයිමත් රජ වෙලා). නමුත් සාපේක්ෂව බැලුවාම පින වැඩියි පවට වඩා. ඒ නිසා සමාවෙන්න අපි ජීවත්වීම වඩා උතුම් හැටියට සැලකීම ගැන.(ස)
අදහස් දැක්කහම හිතුනා අපේ මිනිස්සු මෝඩ නැහැ කියලා (නි)
රකිත්, ඔයා විවිධ කර්ම ගැන දැන සිටීම හොඳයි, නමුත් මේක ධර්ම සාකච්ඡාවක් නොවන නිසා එවෙලේ ඔයාගේ කතාවට අදාළ ටික විතරයි මම කිව්වේ. කොහෙත්ම අහෝසි නොවෙන කර්ම තිබුණත් බුදු දහමේ හැටියට හැම කර්මයක්ම එහෙම නොවන නිසා තමයි අපට කර්මයේ වහලෙකු නොවී යහපත් කර්ම රැස් කර ජීවිතය යහපත් කර ගැනීමට හැකි වෙන්නේ. හිතේ හැටියට පව් කර පසුව බෝධි පූජා කිරීමෙන් ඒවා සෝදා හැරිය හැකි බවක් මම නොකිව්වෙමි. මා පරෙස්සමෙන් වචන පාවිච්චි කර කියූ දේ ඔබත් එලෙස කියවුයේ නම් මෙය පැහැදිලි වනු ඇත. මා කියා ඇත්තේ සමහර අයහපත් කර්ම වල විපාක අඩු කිරීමට හෝ අහෝසි කිරිමට හෝ පසුව කරන යහපත් කර්මවලට වලට යම් හැකියාවක් ඇති බවත් නරක දේ සිදුවන කාල වලදී බෝධි පූජාදී පින්කම්හි යෙදීමේ සිරිතද මේ හේතුවෙන් ඇති විණැයි මා සිතන බවත් ය. මෙය නිසියාකාරව තේරුම් ගැනීමේදී 'සමහර'ම 'යම්' සහ පූජාදී යන්නෙහි එන 'ආදී' යන වචන කෙරෙහි අවධානය යෙදවීම වැදගත් වෙයි. අපවිත්‍ර ජලය සහිත බඳුනකට වැඩි වැඩියෙන් පවිත්‍ර ජලය එක් කිරීමෙන් එම බඳුනේ ජලයෙහි අපවිත්‍රබව අඩුවී පවිත්‍රබව වැඩි වන්නාසේ පුද්ගලයාගේ අයහපත් කර්ම ශක්තියෙහි බලපෑම යහපත් කර්ම ශක්තියෙන් යම් තාක් දුරකට හෝ තුනී කළහැකි බව බුදු බණෙහි එයි. අංගුලිමාල තෙරුන් සහ අංගුලිමාල පිරිත පිළිබඳ පුවත මෙයට උදාහරණයකි. (බ)
සුමුදුහේවා මහත්තයෝ, ඔලුව පොඩ්ඩක් පරීක්ෂා කරගන්න. තමුන්ගේ එක අදහසක් මෙතන කෙටියෙන් ලිව්වා නම් ඉවරයිනේ. ඔහොම ඔලුවට එන එන එක මෙතන ලියන්න එපා. මෙතන තියෙන්නේ හැමෝගෙම අදහස් දාන්න. (නි)
නන්ද, පාට කණ්ණාඩි වලින් බලනවාද නැද්ද යන්න අදහස් ගණනින් තීරණය කරන්නට බැහැ. හැබැයි මම මගේ රටට පක්ෂපාතී නිසා අපක්ෂපාතී කෙනෙකු ලෙස පෙනීසිටින්නේද නැහැ. යම් දෙයකින් හෝ කෙනෙකුගෙන් හෝ අපේ රටට යහපතක් වේ යැයි යම් අවස්ථාවක මට වැටහේ නම් ඒ මොහොතේදී මම එයට හෝ ඒ තැනැත්තාට හෝ පක්ෂපාතී වෙමි. ඔබේ කණ්ණාඩියට කෙසේ පෙනුණත් තවමත් මා නම් ලොව දකින්නේ මගේ පියවි ඇසිනි. (නි)
ස්තුතියි කඳාන මහානාම මහතාණෙනි. (නි)
මූහුණ නම් ඉස්සර වගේ සතුටින් නෙමෙයි (නි)
ශාන්ත , ඔබගේ මරණ බිය සහිත සජීවී අත්දැකීම් මෙහි සඳහන් කරන්න. ඔබ වැනි අය නිහඬ වන තාක්කල්, අනෙකුත් අයට මේ දේවල් අමතකවේවි.මෙතැන ඇත්තේ මහින්ද හෝ මෛත්‍රී මහතා ගැන කතාකිරීම නොවේ. දිනාගත් නිදහස අනතුරේ බව දැන දැන එය බේරාගැනීමට කටයුතු නොකිරීමයි. (නි)
හරිම සතුටක් දැනුනා සිතට (නි)
ඔබතුමාට සුබ අනාගතයක්! (නි)
මේ අදහස් දැක්කහම සිංහලයාගෙ කුහකකම පෙනෙනවා. (නි)
තම ගරුත්වය තියාගෙන නම්බු පිටින් ඉන්න පුළුවන් විදිහට දිගටම ඉන්නවා නම් තමයි හොද අහක යන අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතුව. ඔබගේ කාලය තුල ඔබ පවරපු රාජකාරිය කළා. දැන් අනික් අයට අවස්ථාව දෙන්න. (නදී)
රකිත්, පෙර කළ පව් අහෝසි කරගැනීම හෝ නොගැනීම හෝ කෙසේවෙතත් ජීවිත කාලයක්ම පව්කම් කළ අයෙකුට වුවත් අවසන් කාලයෙහි පින්දහම්හි යෙදීම යහපත් සහ ප්‍රයෝජනවත් දෙයකි. එයින් රැස්වන කුසල් සේම නිතර කුසල් සිතිවිලි පුරුදු පුහුණු කිරීම නිසා අවසන් මොහොතේදී යහපත් චේතනාවකින් යුතුව මියපරලොව ගොස් යහපත් ප්‍රතිසන්ධියක් ලැබීමට ඇති සම්භාවිතාවද එමගින් වැඩිකෙරෙන බැවිනි. ජීවිතයේ කවර අවදියකදී හෝ පුද්ගලයකු යහමඟට යොමුවීම බුදු දහමට අනුව සැළකූවිට විහිලුවට කාරණයක් නොවන්නේ එබැවිනි. (නි)
ඉතා හොඳයි (නි)
ලුම්බිණි, රාජා කිව්වමයි මටත් මතක්වුණේ (නි)
මෙතුමාට කොහොම අවුරුදු කන්න බැරිද? (නි)
මේ සමයන් රටම දනී අපි කන හැටි ලිපා දනී (බ)
ණයට ගත්ත සල්ලි වලින් බදු ලාබ කළාම අපේ සිංහලයට හරි සන්තෝසයි , නමුත් ඒවා ගෙවන්නේ කොහොමද කියලා දන්නෙත් නැ දැනගන්න උවමනාවක් වත් නෑ . බැදුම් කර විකුනලා බිලියන 400 ගන්න හැදුවේ ණයට අරන් බඩු ලාබ කරපු සල්ලි ගෙවන්න හා වැඩි කරපු පඩි ගෙවන්න කියලා දන්නේ මෙතැන් කියෙන් කි දෙනාද ? අනෙක මේ අයට අද මතක නැ 2009 මැයි මාසෙට කලින් අවුරුදු කාපු හැටි , ඔව් පිට රට ඉදන් ලියන මහත්වරු සහ කොළඹ හිටපු අය නම් හොදට අවුරුදු කන්න ඇති , මායිම් ගම්මාන වල හා ත්‍රිවිධ හමුදාවේ හිටපු රණ විරු අය ට අවුරුදු තිබුනේ මහත්තයා , සහෝදරයා හෝ පුතා ගෙදර ආ දාට විතරයි . අපේ අයට එංගලන්ත විපක්ෂ නායක බිලිබෑන්ඩ් මහතා හොද උත්තරයක් දුන්න , බලමු අපේ අය එකට දාන ප්‍රතිචාර (බ)
හිටපු ජනාධිපතිතුමා අවුරුදු කනහැටි ගැන අපේ හුඟදෙනෙක් උජාරුවෙන් අදහස් දක්වා තියෙන්නේ? (නි)
රටේ පිනට පහළ වූ බෞද්ධ නායකයා. හැමදාම අවුරුදු නැහැනේ! (නි)
හිතේ බයක් නැතුව ජාති ආගම් කුල පක්ෂ බේදයකින් තොරව ජාතියක් විදියට අවුරුද සමරන්නට අවස්ථාව ලබාදුන් නායකයා අද හුදකලා වෙලා.තමන්ගේ නිවසේ අවුරුද්ද සමරනවා. එදා ළඟ සිටි පිරිවර අද නැහැ. නමුත් ඔබතුමා ජාතියට මහඟු ආදර්ශයක් ගෙන එනවා. එනම් ඔබතුමා වැටිලා නැහැ කියලා. මම හිතුවේ කාල්ටන් නිවස කියන්නේ රජ මාළිගාවක් කියලා අපේ කට්ටිය කියපු විදියට. ඔබතුමාට සුබ නව වසරක්! (නි)
වැඩි දෙනෙකුට මහින්ද මානසිකත්ව ව්‍යාධිය වැළඳිලා වගේ. අනේ අනිච්චන්! (නි)
ඇත්තමයි දිනේෂ්, සමහරුන්ට නොතේරුණාට එතුමා නිසා කොපමණ නම් මිනිස් ජීවිත අදටත් ආරක්ෂා වෙනවද? ත්‍රස්තවාදය නිසා ඒ දිනවල රටට වුණු ධන හානියත් නැවතුණා විතරක් නොවෙයි වර්ෂ ගණනාවක් මුළුල්ලේම රටේ අඛණ්ඩ ආර්ථික වර්ධනයකුත් පවත්වාගෙන ආවනේ. (බ)
කට්ටිය හරි ආසයි වගේ මෙයාට ආයෙත් රට දෙන්න. අදහස් දැක්කහම මේ වගේ අයද ලංකාවේ ඉන්නේ කියලා හිතෙනවා (නි)
ඔබතුමා එදා වගේමයි අදත්. (නි)
කාල්ටන් කියන්නේ මේ නිවසටද? (නි)
මේ අදහස් දැක්කහම හිතාගන්න පුළුවන් අපේ රටේ හෙට දවස කොහොමද කියලා. (නි)
මොන දේ උනත් අලුත් අවුරුද්දට දේශපාලනය ගාවන්න නරකයි.විවිධ පුද්ගලයින්ගේ විවිධ දේශපාලන අදහස් තියෙන්න පුළුවන් නමුත් රට වෙනුවෙන් එතුමා කාර්ය භාරයක් සිදුකළා. ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා.(බ)
සුබ අලුත් අවුරුද්දක් වේවා! හුස්ම ගන්න නිදහස දුන් නායකයා ඔබයි (නි)
මෙතුමා බලයේ ඉන්න කාලෙදි නම් වෙන කෙනෙක් ගැන මෙහෙම ප්‍රචාරය වුණේ නැහැ නේද? (නි)
ඔබ ඇතුළු ඔබේ පවුලේ සැමට සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවා ! (නි)
ගිය වාරවල සිටි ගොඩක් දෙනා මේ පාර ඇවිල්ලා නැහැ වගෙයි (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා , ආයු බෝ වේවා මහරජාණෙනි!!! අපි ඔබට සදා ණය ගැතියි. (බ)
සුමනදාස නැතුව මොන අවුරුදුද කියලා හිතුණා (නි)
නිමල්, මගේ මතකයේ තිබුණු කවියක් මා උපුටා දැක්වුවා පමණි. මා එතුමාට ආදේශ කළේ නැත. නමුත්, එම කවියෙන් කියවෙන පොදු ධර්මතාවය ලොව මෙතෙක් පහලවූ සියලුම නායකයන්ට පමණක් නොව සෑම මනුෂ්‍ය සංහතියටම අදාල වේ. එම ධර්මතාවය මහින්ද, මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා, ෆොන්සේකා සහ මෙකි නොකී සියලු දෙනාට එක සේ බලපායි. මහින්ද මහතා 30 වසරක යුද්ධය නැති කිරීමට කළ සේවයට ගෞරව කරමි. ඒ වගේම එතුමාගේ පාලන කාලය තුල සිදුවූ දුර්වලතාවයන්ද බොහෝයි. පින වැඩියි පවට වඩා කියා කර්මයේ පල විපාක සිදු නොවේ. පින් කරන විට තම සෙවනැල්ල වගේ යහපත් ප්‍රතිපල අත්වන අතරම පව් කරන විට ගොනා බැඳී කරත්තේ පසුපස එන්නක් මෙන් අයහපත් ප්‍රතිපල ළඟා වේ. (බ)
ඇත්තෙන්ම මෙය රටටම ආදර්ශයක් (නි)
නන්ද, යමෙක් පාට කණ්ණාඩි වලින් බලනවාදයි නැත්දැයි තීරණය වෙන්නේ පළ කරන අදහස් ගණනින් නොව ඒවායේ සත්‍යාසත්‍ය භාවය අනුවය.ඔබ කෙසේ කීවත් මට නම් කවර රජයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ රටට යහපතක් වී නම් එය අගය කිරීමටත් අයහපතක් වී නම් එය හෙළා දැකීමටත් ශක්තිය ඇත. (බ)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ඔබතුමාට අනාගතයේත් කුමන්ත්‍රණකාරයන්ගෙන් බේරෙන්න වෙනවා (නි)
යහපාලනය හින්දා හොඳයි (නි)
රටේ හැමෝටම නිදහසේ අවුරුදු කන්න පුළුවන් වුණේ මේ වගේ නායකයෙක් හිටපු නිසයි.ඒත් ඒක අද සමහරුන්ට අමතකවෙලා.අපේ හදවතේ තාමත් ඔබතුමා ඉන්නවා. (නි)
කුමාර්, ඔයා නොදන්නා කාරණය නම් ගමේ දුප්පත් ගෙවල් වලට තියෙන අවුරුදු සිරියාව සමාජයේ බොහොමයක් උසස්ය වැදගත් ය කියන ගෙවල් වල නැති බවයි. අවුරුද්දට තෙල් වළඳක් ලිප තියලා කැවිලි ටිකක් හදන්නවත් තුන්සිය හැටපස් දවසක් ගෙවෙන දවසේ අලුතෙන් වස්ත්‍රයක් ගන්නවත් කිරිබතක් ළිප තියන්නවත් හතර මහා නිධානෙ පහලවෙලා තියන්න ඕනේ නැහැ. හැරත් සමගියෙන් අවුරුද්ද පිළිගන්න ලක ලැස්ති වෙන සාමාන්‍ය පවුලක සිරියාව එකාට එකා නැති මහ ලොකු පවුලක නැති බවට මලයාගේ දේපලට අක්කත් එක්ක නඩු කියන ඔයාලගේ මැඩම්ගේ පවුල වුනත් සාක්ෂියක්. නිකමට කොළඹ කුරුඳුවත්ත පැත්තේ රවුමක් ගිහිල්ල බලන්නකෝ වෙනදාටත් වැඩියෙන් බුම්මාගත්තු මළ පාලුවට ගියපු කොන්ක්‍රීට් බලකොටු මිසක් අවුරුදු සිරියාවක සේයාවක් වත් හොයන්න පුළුවන්ද කියලා. (බ)
ලැබුවා වූ 2015 වසර වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා මැතිඳුනි! (නි)
ඔබ දැකීමත් ඇති අපිට. (නි)
ඇත්තෙන්ම හරිම ලස්සනයි තමයි (නි)
බලන්න කොච්චර ලස්සනද කියලා (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා මැතිඳුනි! (නි)
අප්පච්චි, ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! රටේ වාසනාව ඔබයි. ඔබ රජෙක් නෙමෙයි දෙවියෙක්. අද අපි අවුරුදු කන්නේ ඔබ නිසා. මගේ අප්පච්චිට බුදු සරණයි. (නි)
ඔබ කොතරම් අගනේද? ආදර්ශය නියමයි.ඔහොම යමු. තුන්වේලට ක්ෂණික නූඩ්ල්ස් කන වතුර වෙනුවට කෝලා බොන ෆේස්බූක් එකෙන් අකුරු කියවපු අයට තේරෙන කාලය වැඩි ඈතක නෙමෙයි (නි)
ඔබට සදා සතුටින් සිටීමට හැකිවේවා! (නි)
රකිත්, ඔබ කියන්නා සේම කර්ම විපාක හැමටම පොදු තමයි. එහෙත් එය විපාක දෙන ආකාරය හැම විටම නියතයක් නොවේ. එසේ සිතුවොත් අප පුබ්බේ කත හේතු වාදීන් එනම් පෙර කර්මය වලක්වන්නට නොහැකි හෙයින් වීර්යයෙන් තොරව සියල්ල කර්මයට භාර දී ජීවත් වන්නන් වනු ඇත. එමෙන්ම 'අහෝසි කර්ම' ගැන ඔබත් අසා ඇතැයි සිතමි. සමහර අයහපත් කර්ම වල විපාක අඩු කිරීමට හෝ අහෝසි කිරිමට පසුව කරන යහපත් කර්මවලට වලට යම් හැකියාවක් ඇත. පින පවට වඩා වැඩි යැයි කීමෙන් නිමල් අදහස් කරන්නට ඇත්තේ මෙයයි. අපල කාල වලදී බෝධි පූජාදී පින්කම්හි යෙදීමේ සිරිතද මේ හේතුවෙන් ඇති විණැයි සිතමි. (නදී)
ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත සතුටෙන් සාමයෙන් පිරි සියලු බලාපොරොත්තු ඉෂ්ටවෙන වසරක් වේවා! මේ ඡායාරූප ටික දැක්කහම පුදුම සතුටක් ඇතිවුණේ.සිංහ පවුලක් සහ සිංහ කණ්ඩායමක් ඔබතුමා වටේ සිටීම ගැන අපට සතුටුයි.අපේ අලුත් අවරුදු පැතුමත් නැවත වතාවක් ඔබතුමාට රට වෙනුවෙන් සහ අප වෙනුවෙන් නායකත්වය ලබාගැනීමට හැකියාව ලැබේවායි යන්නයි. (නි)
ඔබතුමාටලට නම් ඉතින් හැමදාම අවුරුදු (නි)
ඔබ නිසයි අද අපි අවුරුදු කන්නේ. දීර්ඝායුෂ ලැබේවා! (නි)
මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න අමාරු මේ දිනවල අපේ ජාතියටම නිගාකරන පිරිසකුත් තවම ඉන්නවා. තමන් හැදු වැඩු දෙමවුපියන්ට නොසළකන , විජාතික බලවේග වලට යටවුණ පිරිසට දෙවියන්ගේම පිහිට තමයි. (නි)
මම නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
තවම සෝබන වැඩ ටික නම් නැවතිලා නැහැ වගේ. (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා මැතිදුණි! සතුටුයි ගොඩක් මේ රූපය දැක්කත්. අපේ දරුවෝ අද සතුටින්, නිදහසේ අවුරුදු කන්නේ ඔබතුමාට පින්සිද්ධ වෙන්නයි. (නි)
2009 නන්දිකඩාල් වන සිදුවුණ වෙනස නිසා බඩේ ගින්න තිබුනත් හිතේගින්න නැහැ නේද? (නි)
මහින්ද මහතා බලයට ගෙනඒම පසුපස රැස් වී සිටින පිරිස අධ්‍යයනය කිරීමෙන් එහි තරම තේරුම්ගත හැකිය. (නි)
ඇත්තෙන්ම මෙය රටටම ආදර්ශයක්. ඔබ රටට සදා වාසනාවන්!! (නි)
අපිට නම් තවමත් නායකයා නුඹ තමා. (නි)
වැඩිදෙනෙකු ඇඳගෙන සිටින්නේ රතු පාට. (නි)
මහින්ද මහත්තයා ඉස්සර හොඳයි. පහුවෙනකොට රජ මානසිකත්වයක් ඇතිවුණා. ඒකයි මෙතන වුණේ (නි)
ඔබයි අපේ ජනපති! 2016 අවුරුදු සමරමු අපේ රජතුමනි (නි)
අප රටේ කිසිම ජනාධිපති කෙනෙක් මීට පෙර සහ වර්තමානයේද සිරිත් අනුගමනය කළේ නැති බව අවධාරණයෙන් යුතුව කියමි. ( සමහරවිට පුද්ගලිකව ගෙදර කරන්නට ඇති)ප්‍රසිද්ධියේ අපේ සංස්කෘතියට තැන දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. පවුලේ සියලු දෙනා එකට එකතුවීමේ සහ ගෞරව කිරීම කළෙත් ඔහුයි. පක්ෂ පාට මොකක් වුණත් සත්‍ය දකිමු (නි)
අපේ දරුවෝ අද සතුටින්, නිදහසේ අවුරුදු කන්නේ ඔබතුමාට පින්සිද්ධ වෙන්නයි. (නි)
නක්ෂත්‍රය හරියට හරි ගියානම් කොහොමට අවුරුදු කන්න තිබුනද? (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා මැතිඳුනි! (නි)
ඔබට අලුත් අවුරුද්දේ කිරි පැණි ඉතිරේවා! (නි)
මෙයාල නම් එදත් කෑවා, අදත් කනවා , ඉදිරියටත් කන්න බලන් න්නවා, නමුත් ජනතාවට? (බ)
අපේකමට මුල්තැන දී සිංහල අලුත් අවුරුද්ද සැමරූ අපේ හිතාදර දුප්පතාගේ හිතවතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නිදුක් නිරෝගී දීර්ඝාසුෂ වැඩෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
මීට වඩා ලස්සනයි හරියට රට පාලනය කෙරුවනම් නේද? එහෙම කෙරුවනම් අදත් රජ ඔබතමයි (බ)
මතකද ගිය පාර එයා දිනලා ෆොන්සේකා අවුරුදු කාපු හැටි? නමුත් අද බලන්න යහපාලනයේ වෙනස (නි)
ඉතා සුන්දර ඡායාරූප පෙළක් (නි)
අද දින අපි අවුරුදු උතුරේත් දකුණේත් සමරන්නේ ඔබතුමා 2009 වසරේ කොටි පරාජය කළ නිසයි. ඒ ගැන අපි ඔබතුමාට පින්දෙනවා. අපේ පැතුම ඔබතුමා නැවත මේ රටේ ජනාධිපති වනු දැකීමයි (නි)
එතුමාටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ටත්, විශේෂයෙන් එසැණ පුවත් පාඨකයින්ටත් ශ්‍රී සුබ නව වසරක් පතනවා! (නි)
මෙතුමා එදා දිනුවා නම් කොච්චර හොඳද කියලා හිතුනා මට (නි)
රටේ දුප්පත් ගෙවල් වලත් මෙහෙම අවුරුදු කන්න පුලුවන්ද කියලා හිතුණා (නි)
යහපාලනයට ජය! (නි)
විජයබාහු, තමන් දන්නා දේ අනුව මේ ලෝකයේ මිනිසුන් වර්ග 4 ක් ඇත. මෙයින් එක වර්ගයක් තමන් කිසිත් නොදන්නා බව නොදනිති. මෙම වර්ගයට අයත්වන ඔබ වැනි පුද්ගලයින් වෙනුවෙන් මගේ වටිනා කාලය අපතේ යැවීමට කිසිසේත් සුදානම් නැති බව අවධාරණය කර සිටිමි.(නදී)
මටත් හරිම සතුටක් දැනුනා (නි)
මෙතුමා දැන් දෙයියනේ කියලා ගමටම වෙලා හිටියා නම්, එතුමාටත් හොඳයි, රටටත් හොඳයි! (නි)
නදිනි ඔලුවෙන් හිටගෙනද කොහෙද කතා කරන්නේ. (නි)
සුමුදු, අහෝසි කර්ම ගැන මම අසා ඇත්තෙමි. නමුත්, ඊට වඩා සැහෙන බලගතු දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය සහ අපරාපරියවේදනීය යන කර්ම 3 ගැනද අසා ඇත්තෙමි. මින්, අපරාපරියවේදනීය කර්මය බුදුබව ලැබුවත්, අරහත් බව ලැබුවත් යම් තැනැත්තෙකුට අත් විඳීමට සිදුවේ. බෝධි පුජා සිදු කිරීමෙන් බලවත් අකුසල කර්ම වල පල විපාකවලින් මිදිය නොහැක. එසේනම්, ඕනෑම අයකුට තම ජිවිතයේ අවසාන කාලයේදී බෝධි පුජා කරමින් තමන් කල පව් වල විපාකය අඩු හෝ ඒවා අහෝසි කර ගත හැකි යැයි කල්පනා කල හැකිය. (ස)
සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබතුමාට තාවකාලික නිවාඩුවක්. නැවතත් අපි ඔබව කරලියට ගේනවා ඉතා නුදුරේම. අන්න එදාට තමයි අපිට අවුරුදු. (නි)
නිමල්ගේ ඥානවන්තකමට වැඩිය ඊර්ෂ්‍යාව නම් පෙනෙනවා (නි)
මිට කලින් නම්, හිටපු ජනාධිපතිලගේ පවුල් පිටින් අවුරුදු ෆොටෝ තියා වෙන පින්තූරයක්වත් ඇහැට දකින්න ලැබෙන්නේ නැහැ. වත්මන් ජනාධිපතිතුමාගේ යහපාලනයට පින්සිද්ධ වෙන්න රට වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ මහින්ද මහත්මයාගේ පවුලේම පින්තූරයක් අපිට දකින්න ලැබීමත් සතුටක්. මට හිතෙන විදිහට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල මහත්මයාත් පවුල පිටින්ම අවුරුදු සමරන්න ඇති. ඒ ඡායාරූපත් අපි බලන්න ආසයි. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!! (නි)
ඉන්ද්‍ර ගැනත් අපිට දුකයි (නි)
මැතිඳුනි, ඔබට අප හැමදා ණයගැතියි. ඔබ නිසා අපේ රට රැකුණා (නි)
ඉතින් ලක්සිරි ඔබත් යන්න අනුන්ට ඊර්ෂ්‍යානොකර. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ (නි)
අපිට හරිම සතුටුයි (නි)
දොම්පේ, එයාලා ඉතුරු කරලා මහජනතාවට සල්ලි එකතු කරනවනේ. ඒක වෙන්න ඇති. (නි)
ඕසන් සලාම්, රතු පාට තමයි මේ පාර අවුරුද්දට නියමිත පාට. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා නැකැත් අනුව. (නි)
කල්හාරි, ඒකට කියන්නේ සිංහලකම කියලා. (නි)
අහෝ දේශප්‍රිය නොදිටි මොක්පුර! ඔසාන්, ඒක තමා ඒ නැකතට අඳින්න ඕනෑ වස්ත්‍රය. හිසතෙල් ගෑම සඳහා ලා කොළ. රාජකාරි සඳහා නිල්. සුබ නව වසරක් වේවා මහින්ද ජනපතිතුමනි! (නි)
මහින්ද මැතිඳුනි, ඔබ දැකීමත් සතුටක්. නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා ඔබට. දීර්ඝායුෂ! (නි)
නන්දලාල් ගේ ආච්චි ඔච්චර මෝඩයි කියල අපි හිතුවේ නැ. සාමාන්‍යයෙන් ආච්චිලා අවුරුදු සිරිත් ගැන දන්නා කට්ටිය එකයි එහෙම කියන්නේ (බ)
2016 ඔබතුමාගේ නායකත්වයෙන් අපිට අවුරුදු කන්න ලැබේවා! (නි)
ටිෂාන්, අපිට තියන ප්‍රශ්නය තමයි, සමහරු ඒ අයගෙම වලිගය උඩ හිටගත්තහම ඉබේටම බළලා මල්ලෙන් එළියට පනිනවා. ඒකට කියන්නේ ගැතිකම කියලයි. කොහොමත් ඉස්සර නම් හොඳට සරුවෙන් අවුරුදු සමරන්න පුළුවන් වුණේ රටේ ලොකු ලොකු කට්ටියට විතරනේ. මෙවර නම් දුප්පත් අපිත් බඩකට පුරා සතුටින් අවුරුදු කෑවා. වත්මන් ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න!! (නි)
ටිෂාන්,මේ ඉන්නේ රට රැකදුන් මනුස්සයා (නි)
චන්දිම, දැන් එතුමා ඒක තේරුම් අරගෙන ඉන්නේ. අනික වටේ සිටි පාවාදෙන්නොත් දැන් නැහැනේ (නි)
ජයවේවා! (නි)
සමහරුන්ට එතුමා දැක්කහම අවුරුදුත් අමතකවෙලා වගෙයි (නි)
අනේ සුමනෝ ඒ අදහස් දමන කට්ටිය නිවාඩු ගිහින් අවුරුද්දට. අාවහම නැවත රාජකාරිය පටන්ගනී (බ)
සුමේධ, වෙන කවුද ඉන්නේ අපේ මිනිසුන්ට වර්ණනා කරන්න (නි)
හරිම සතුටුයි. මේ ඡායාරූප දාපු එකට ස්තුතිවන්ත වෙනවා. (නි)
පුෂ්පකුමාර ඔය ගඳපාන පුෂ්පයේද කුමාරය උනේ (බ)
අදහස් බැලුවහම මට කියන්න තියෙන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා තමා (නි)
අලුත් අවුරුද්දේ අපේ අර හාමුදුරුවන්ගේ බණක් අහලාම වැඩ පටන්ගත්තා නම් හොඳයි නේද? එහෙම වුණා නම් මේ අලංකාරය තව තවත් වැඩිවෙනවා. (නි)
සුමුදුහේවා දැන් ඉටුකරන්නේ චන්දයට කලින් බන්දුල පෙරේරා ඉටුකරපු කාර්ය ,කරුණා කර හිටපු ජනාදිපති තුමා පවුලේ අය සමග අවුරුදු කන හැටි වගේම රටේ මහජන මුදල් පවුලේ අය සමග කොල්ල කාපු හැටිත් ලියන්න. (අ)
කෝ සුමනදාස මහත්තයා? (නි)
නන්දනලට තවමත් ඉතිහාසය මතක නෑ. ත්‍රිවිද හමුදාව සරත් ෆොන්සේකා එදත් හිටිය. කවුරුහරි කියනවනම් සරත් ෆොන්සේකා කොබ්බැකඩුව මහත්මයට වඩා දක්ෂයෙක් කියල මම එ්ක නම් පිළිගන්නේ නෑ. කොබ්බැකඩුව කවුද නොදන්නා අය මේක දන්නේ නැ. එවැනි දක්ෂයෝ ඉඳලත් යුද්දය දිනුවේ නැත්තේ පාලකයන්ගේ තිබුන වැරදි හෝ නොහැකියාව නිසා. එ්ක නිසයි අපි මෙහි ගෞරවයෙන් විශාල කොටසක් මහින්ද සහ ගෝඨාභය දෙදෙනාට දෙන්නේ. නැතුව ත්‍රිවිද හමුදාව හරියට නැතුව ජිල් ගහන්නද නායකයෝ. එක නිසාම තමයි අපි කියන්නේ ෆීල්ඩ් මාෂල්කම ගුවන් හමුදාපති සහ නාවුක හමුදාපතිටත් ලැබෙන්න ඕනේ කියන්නේ. (බ)
රටේ ඒකීයභාවයත් , ජාතියත් රැකදෙන්න. (නි)
ජයෙන් ජයවේවා යනු අපේ පැතුමයි (නි)
මෙන්න සැබෑ වෙනස. මගේ මවුබිමේ බුද්ධිමත් ජනතාවනි, මෙය තේරුම් ගන්න රටේ අනාගතය! ඔබ සැමට ජය සහ සතුට!!! (නි)
ටිරෝන් , ලංකාදීපය කවදාවත් මහින්දට නම් කඩේ ගියේ නෑ. හැබැයි ඔයාට දැන් පායලා තියන බෙදුම්වාදී ෆෙඩරල් ඉර ළඟදීම බැහැල යයි (බ)
වහාම පැමිණ අපේ රට බේරාගන්න. (නි)
අවුරුදු කෑමත් අමතක වෙලා. (අ)
සමිත, මම නම් අහල තියෙන්නේ දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ.. සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ කියල (බ)
සුබ අලුත් අවුරුද්දක් වේවා මහ රජාණෙනි! (නි)
මහින්ද රාජපක්ෂ අවුරුදු කන එක බලන් හිටියත් , මේ දමල තියෙන සමහර ප්‍රතිචාර දැක්කම අවුරුදු කාපුවත් වමාරන්න හිතෙනවා (අ)
අනේ ඩයස්ට ලැබෙනවනේ ලොකුවට දැන් සමහර ගුරුවරුන්ට මේ මාසේ පඩියවත් තාම ලැබිල නැහැලු . ඉස්පිරිතාලවල බේත් නැහැලු. එව්වා හොයල බලල මෙතන ඇවිත් අදහස් දාන්න.(බ)
හිටපු ජනපතිතුමාට සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
එතුමා හැමදාම තමන්ගේ ප්‍රතිපත්ති වලට අනුව වැඩකළා (නි)
අභීත සිංහල නායකයාණෙනි, ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා! පරණ දුෂ්ට දෙපිටකාට්ටුවෝ ටික ඉවතලා අවංක රටට හිතවත් කට්ටියක් සමග නැවත ඇවිත් රටට සේවය කරන්න. එහෙම කලොත් කිසිදිනක කාටවත් ඔබව පරදවන්න බැරිවෙයි. (අ)
අනේ ඔව් දිනේෂ් ඒ ලේ වගුරලා ජිවිත පුදලා බේරගත්ත රට නිකන්ම නැවත කොටි හිතවාදින්ටම පුදනකොට හරි සතුටක් දැනෙනවා නේද (බ)
මේකේ අදහස් දැක්කහම තේරෙනවා මීළඟ ඡන්දයේදී මොකද වෙන්නේ කියන එක. ලැබුවා වූ අලුත් අවුරුද්ද මහින්ද මැතිඳුන්ටත් ලංකාදීපයටත්, ලංකාදීප පාඨක සැමටත් සෞභාග්‍යමත් නීරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!!! (නි)
රකිත් නිකන් දන්න පලියට කවි කියන්න එපා. පුවතට ගැලපෙන කවියක් කියන්න (බ)
සමාධි හරි වැරදි තිබුනත් වැඩක් කළ මනුස්සයෙක් කියන දේ සමහරුන්ට තේරෙන්නේ නෑ හෝ තේරුම් ගන්න ඕනේ කමක් නෑ (බ)
ඔබතුමා සුපුරුදු ලෙංගතු සිනහවෙන් සිටීම දකිනකොටත් හිත පිරෙනවා (නි)
ඔබතුමා මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නා.ඔබතුමා අපේ සංස්කෘතිය රැකගැනීමට ක්‍රියාකරන නායකයෙක්. හෙළ සිරිතට ( බටහිරට පරගැති නොවී ) මුල් තැන දෙන ආදර්ශමත් අව්‍යාජ නායකයෙක්. ඔබතුමා ඇතුළු පවුලේ සැමදෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
මාකාවිටලාට දැන් කාපුවා වමාරගන්න නොහැකිව ඉන්න බව පෙනෙනවා (නි)
දිලිප් ට හරි ආස ඇති නේද (බ)
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් සපිරි නව වසරක් වේවා ! (නි)
මේ කිසිම කෙනෙකුට ඇත්ත නොපෙනෙන හැටි ? (නි)
ඇයි ජගත් උම්බලකඩ සැමන් කොත්තමල්ලි අඩුකරලා තියෙන්නේ එව්වා කන්නකෝ. (බ)
ලබන අවුරුද්දේ කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
රකිත් ගේ බුදුදහම ගැන දැනුමත් අඩුයි වගේ. (බ)
විජයබාහු අයිය ඔව්ව මායිම් කරන්න එපා. කට ගඳ ගහන කපුරුහාමිලයි පළාත ගඳ ගහන කිඩාරම් පුෂ්පකුමරයෝයි හිටියට බජාර් එකේ හැමෝම එහෙම නෑ අයියා. (බ)
ඔබට ගොඩක් පින් අපිට නිදහස ලබා දුන්නාට.නැවත එන්න රට බේරාගන්න! (නි)
අදහස්ටික දැක්කහම හරි සන්තෝෂයි. ඒකෙන් කියන්නේ දැන් පාලනය ගැන එච්චර සන්තෝෂ නැහැ වගේ. ගිය දේ ගියා. දැන්වත් එකතුවෙන්න බලමු.හිටපු ජනාධිපතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටත් එසැණට අදහස් දමන සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. (නි)
අම්මට සිරි, රට කාලා ඉවරවෙලා මේ සැරේ අවුරුදු කනවා (නදී)
මැතිඳුනි, අපි අවුරුදු කන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් හමුදාව අපිට ලබාදුන් නිදහස නිසයි. අපි ඔබට ණයගැතියි. ඔබතුමා ඇතුළු සැමට සුබ නව වසරක් වේවා! (නි)
ඇත්තමයි මාකාවිට පැරිස්, අර සුමුදු හේවා කියන කෙනා, අවුරුදු කාලා නෙමෙයි, මෙතන වමාරලා. බලන්නත් අප්‍රසන්නයි (නි)
ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක්! ඉක්මනට නැවත අපට අපේ ආණ්ඩුවක් ගෙනදෙන්න. නිදහස් පාක්ෂිකයන්ගේ පැතුම ඔබයි (නි)
සලාම්,හැමදෙයක් දෙසම වැරදි අන්දමට බලන්න එපා (නි)
මගේ අම්මෝ! මේකට ලැබිලා තියෙන ප්‍රතිචාර කන්දරාව? ඡන්දෙන් පැරදුනේ කොහොමද කියලත් හිතෙනවා. (නි)
හෙළ කුල සිරිතට, අපේකමට සැරසුනු සිංහල අවුරුදු මේසේ ...... නැවතත් සමරමු .... අලුත් රටක් අලුත් ඉරක් යට ලබන වසරේ ... සුබ නව අලුත් අවුරුදක් වේවා ඔබතුමාට!! (නි)
මට නම් හිතට කණගාටුවක් දැනුනා (නි)
ඔබතුමාට සුබ නව වසරක් වේවා ! (නි)
සල්ලි තිබුනා නම් අපටත් අවුරුදු.දැන්වත් දේශපාලනයට එන්න හිතෙනවා. (නි)
සලාම්, අද වැඩ අල්ලන්න තියෙන්නේ රතු පාට ඇඳලා තමයි (නි)
ජයවේවා මැතිඳුනි !!! (නි)
අපි ඔබතුමාට ආදරයෙන් සැළකුවා. ඔබ වටා සිටියවුන් ඒක නැතිකළා. අද ඒ අය ඔබ ළඟ නැහැ. (නි)
මෙතන වන්දිභට්ටකම් කරන සුමුදු හේවා ඔය හෑල්ල නවත්වාගන්න. කන්කරච්චලේ බැහැ. නිදහසේ ප්‍රතිචාර දමලා පැත්තකට වෙන්න. (නි)
මේ වගේ නිදහස් රටක් ලබාදුන්නේ ඔබතුමා තමා. ඔබට සුබ අනාගතයක්! (නි)
සිංහල අය එක්ක අපිත් අලුත් අවුරුදු කන්නේ ඔබතුමාට පින්සිද්ධ වෙන්න... (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම ලාංකිකයන්ට! (නි)
එතුමාටත් සියලු ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂයෙන් එසැන පුවත් පාටකයින්ටත් ශ්‍රී සුබ නව වසරක් පතනවා. පුවතක වටිනාකම දන්නේ මාධ්‍ය සහ මාධ්‍ය වේදීන්. ඔවුන් පල ඇති රුක සොයාගෙන යනවා නදිනි. පල නැති රුකකට වවුලොවත් වහන්නේ නැහැ. ඕකට ඉරිසියා කරලා වැඩක් නැහැ. අද මුළු රටම හොයන්නේ එතුමා මොනවද කරන්නේ කියලා. එතන තමයි පුවත් තියෙන්නේ. පුවත් මැවෙන්නේ. (නදී)
අපිට නම් තවමත් රජාණෝ ඔබමයි! (නි)
සුමුදු කියන්නේ බන්දුල පෙරේරා ගේ දුවද / පුතාද ? ඒ මෝඩ කම එහෙමම පිහිටලා තියනවා මහරජුගේ පාලනය යටතේ පුරවැසියන් සිටියේ නැත. සිටියෝ, රජුට අනුහස් සහිත නායකයායැ’යි ආවඩමින් සිය මඩිය ද තරකරගත් අන්තේවාසිකයෝ රොත්තක් පමණෙකි. තවදුරටත් රටට එවැනි රජෙකු අවශ්‍ය නැත. අන්තේවාසිකයන් ද අවශ්‍ය නැත. දැන් රටට අවශ්‍ය වන්නේ ‘මම’ ගැන කියන්නකු නොව ‘අපි’ ගැන කියන්නෙකි. පුරවැසියන්ගේ සැබෑ නියෝජිතයකු වන නායකයෙකි. ඔහුට තිබිය යුත්තේ, තමාගේ නමින් හඳුන්වාගන්නා දුප්පත් චින්තනයක් නොවේ. සමූහයකගේ සම්මුතික හා විසම්මුතික අදහස් මනා සේ සලකා සකස්කරගන්නා ලද සාමූහික, පොදු න්‍යාය පත‍්‍රයකි. (නදී)
නොසැළෙන නායකත්වය! වෙන උදාහරණ කුමට? (නි)
සුබම සුබ අලුත් ඖරුද්දක් වේවා මතිදුනි. ඔබඊ අපේ මහරජාණන්.
ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් පතමි! (නි)
ජාතියේ පිනට පහළවුණ නායකයාණනි,ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් පතමි.ඉක්මනින්ම නැවතත් රටේ අනාගතය බාරගන්න ලැබේවායි ඉතසිතින් පතමි.ඔබ එනතුරු ලක්මව බලාසිටී. චිරන් ජයතු මහරජාණනි! (නි)
ටිෂාන්, ඔයා කියන දේම තමයි මටත් තියෙන ප්‍රශ්නෙත්. මේක හරියට අඟහරු ලොවෙන් ආපු රංචුවක් අපේ රටේ අවුරුදු කන්න ඇවිල්ල ඉන්න කොට ගත්ත ෆොටෝ එකක් ද කියා මගේ ආච්චි අහනවා. රතු පාට ඇඳන් ඉන්න නිසා වෙන්න ඇති එයා එහෙම හිතුවේ (නදී)
එදා විදියටම අදත් හොඳට සමරනවා. ඒත් මේවා බලලා මගේ ලේ රත්වෙනවා (නි)
මේ ඡායාරූප දැක්කහම හිත පිරෙනවා (නි)
ඔබතුමාට සතුට සමඟින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
මෙය තමයි රටේ අනන්‍යතාවය. සංස්කෘතිය දැන් ඉන්න නායකයන් අවුරුදු චාරිත්‍ර ඉටුකරන හැටි මම දැක්කේ නැහැ මොකද ඒ අයට එහෙම දෙයක් නෑ වගේ. අපි බයනැතිව කඩයකට ගිහින් ඇදුම් පැළදුම් අරගෙන අවුරුදු සැමරුවා බෝම්බ බය දැනුනේ නැහැ. ඒ නිදහස ලබාදීමට දේශපාලන නායකත්වය සැපයු අතිගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමණි ඔබට පිං. (නදී)
මොකද තාම බයේද නැවත අගමැති උනොත් "සුදු වෑන් වලින් ඇවිත් උස්සාවී "කියලා. බය නැතුව අනෙක් අදහස් ප්‍රසිද්ද කරන්න. සුදු වෑන් යුගය දැන් අවසානයි (නදී)
සිරි සුබ අවුරුද්දක් වේවා! (නි)
මාකාවිට පැරිස්,තව ටික දවසක් ගියාම බලන්නකෝ (නි)
මේ අදහස් දැක්වූ බොහෝදෙනා ගැන මට දුකයි (නි)
මැතිඳුනේ, ඔබතුමාට පින්සිද්ධ වෙන්න මුළු රටම අවුරුදු කනවා. ඔබ පරාද නැහැ. (නි)
අවුරුදු චාරිත්‍ර ඔවුන් හැමදාම අකුරටම ඉටුකරනවා (නි)
අපිට නියම සිංහල සිංහයා ඔබයි මැතිඳුනි! (නි)
පොඩි නිවැරදි කිරීමක් කරන්නාගොඩ මහතාට ලැබිය යුත්තේ අද්මිරාල් ඔෆ් ෆ්ලීට් කියන තනතුර සහ ඩබ්ලිව්.එම්.ආර්.ජේ ගුණතිලක මහතාට ලැබිය යුත්තේ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් තනතුරයි. මෙමෙ තනතුරු දෙක ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමාන තනතුරු වේ. (බ)
වෙඩි හඬ, බෝම්බ හඬ තුරන්කළාට ඔබතුමාට බොහොමත්ම පින්! මිනිසුන්ට මතකයි (නි)
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට! (නි)
මෙතන කට්ටියත් අලුත් අවුරුද්දට ගජරාමෙට වෙඩි ගහලා තියෙන්නේ...? මට නම් ඔය වෙඩිවල සද්දෙට වැඩිය ගඳ තමයි ඉවසන්න බැරි (නි)
ඔබ දැකීමත් හිතට සතුටක් (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා! ඇඳුම්, පරිසරය ඇතුළුව හැමදේම ලස්සනයි. අතීතය තමයි ප්‍රශ්නය! (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ඔසාන්,මේ අවුරුද්දේ වර්ණය රතු (නි)
දෙවියන්ට ස්තුති කරන්න. ඕනෑ. මේ අවුරුදුද අපිට ජයටම ලැබුණා. ගිය පාර බඩු ගණන්. මෙවර බෝනස් වැඩියි. ලැබුණා ගොඩක්. ලොකුම ලොකු වෙනසක් මේක. මේ ජනපති ඇත්තටම දෙවි කෙනෙක්. දුප්පතාගේ දුක තේරෙනවා (නි)
පොළොන්නරුව පැත්තේ "මතට තිත" සංකල්පය ක්‍රියාවට නැඟීමට උත්සාහ කළොත් නේද හොඳ? (නි)
සියලු අවුරුද්දක්ම ඔබට ප්‍රීතිමත්ව සැමරීමට පැබේවා! (නි)
ලංකාවට එන වෑන් වැඩි හරියක් සුදු තමයි. සුදු වෑන් ගැන කතාකරන අයට මරාගෙන මැරෙන බෝම්බයයි, කටු කම්බි සහ ටයර් මාලයයි අමතකයි වගේ. (නි)
හිටපු ජනාධිපතිතුමා , එතුමාට තව බලයේ සිටීමට කාලය ඉතිරිව තිබියදී එතුමාගේ ජනාධිපති ධූරය පරිත්‍යාග කිරීමෙන්ම එතුමා බලයට කෑදර නැති නායකයෙක් බව ජනතාවට ඔප්පු කළා. ඔය උද්ඝෝෂණ කරන අයත් මිටවැඩිය හොඳට එතුමාට සළකන්න ඕනෑ (නි)
රට බේරාදුන් නායකයාණනි, ඔබට සුබ නව වසරක් වේවා! (නි)
එසැණ අදහස් පළකරන පිවිතුරු යහපාල නොහොත් පරණ බන්දුල පෙරේරාත් තංගල්ල පැත්තේ යන්න ඇති. අවුරුදු නැකතට ගනුදෙනු කර වැඩ ඇල්ලීමට. (නි)
ඔබට සුබ අලුත් අවුරුද්දක්! (නි)
ජය වේවා! (නි)
දකිනකොටත් හරිම අභිමානයක් දැනෙනවා (නි)
ආණ්ඩු පක්ෂයේ අය අවුරුදු කනවා දැක්කේ නැහැනේ! (නි)
අවුරුද්ද පුරාවටම අවුරුදු කන අය උතුරේ වගේම දකුණේත් ඉන්නවා. අපිට කොයින්ද ඉතින් එහෙම පිං.... (නි)
බලන්න එතුමාගේ අව්‍යාජ සිනහව! (නි)
ලැබුවාවූ නව වසර ඔබතුමා ඇතුළු ඔබතුමාගේ පවුලටම සතුට සාමය සපිරි සුබ නව වසරක් වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)
දිමුත්, ඔයාගේ ඔලුව අතගාලා බලන්න පොඩ්ඩක් (නි)
ඇත්තම කියනවා නම්, මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ ඔය මිනිසුන්ට පෙනෙන්න කරන බොරු සෝබන වැඩ නැහැ. මේ හේතුව නිසාම තමයි මෛත්‍රී මහත්මයා බුද්ධිමත් ජනතාව අතර මේ තරමටම ජනප්‍රිය. (නි)
ලංකාදීප එසැණ කට්ටියට අලුත් අවුරුද්දම සරු වේවා!! (නි)
ඔබ නිසයි රටටම කිරි ඉතිරුනේ! (නි)
හරි සතුටුයි. වෙන ජනාධිපතිලා තනතුරෙන් ඉවත් වුණාම කවුරුත් බැලුවේවත් නැහැ මොනවා වුණාද කියලා. ඔබතුමා ඇතුළු සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔසන් සලාම් අවුරුද්ද ගැන දන්නේ නැහැ වගේ. හැම අවුරුද්දටම නියමිත සුබ වර්ණයක් තියනවා. මේ පාර රතු පාට (නි)
එතුමාටත්, සියලු ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂයෙන්, එසැණ පුවත් පාඨකයින්ටත් ශ්‍රී සුබ නව වසරක් නැවත වරක් පතනවා..පුවතක වටිනාකම දන්නේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන්.ඵල නැති රුකකට වවුලොවත් වහන්නේ නැහැ.ඕකට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ.අද මුළු රටම හොයන්නේ එතුමා මොනවද කරන්නේ කියලා.එතන තමයි පුවත් තියෙන්නේ.පුවත් මැවෙන්නේ.. (නි)
රට රැකදුන් උදාර නායකයාණෙනි, ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් රට රකිනා සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔබතුමාටත් පවුලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන ඉතාමත්ම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා! රටටද ඔබතුමාගේ නායකත්වයෙන් යුතුව පරසතුරු උවදුරින් මිදී ඉදිරිය බැලීමට හේතුවාසනා වේවා ! හේතුවාසනා වේවා! (නි)
මෙවර නැකතට අනුව සුබ වර්ණය රතුය. සැමට සුබ නව වසරක්! (නි)
ඔබට දීර්ඝායුෂ මැතිඳුනි...! (නි)
ආ...එයාලටත් අවුරුදු වගේ ....! (නි)
චිරන් ජයතු මහා රජාණෙනි! ඔබ නිසා අද ජාතියක් නිදහසේ අවුරුදු සමරනවා. අපිට නිවහල් රටක ජීවත්වෙමින් ,අපි නිවහල් ජාතියක් කියා මුළු ලොවට ඇසෙන්න ආඩම්බරෙන් හඩඟා කියන්න හැකිවුයේ ඔබ නිසාමය.ඔබ අමතක කරන්නට අපි ගුණමකු නැහැ.ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍ය පිරි, ඔබ සිතන සිතුම් ,පතන පැතුම් ඉටුවන්නට අපෙන් පැතුම්!!! (නි)
සමහරු හිතාගෙන ඉන්න විදිහට ඉතින් තනි පුද්ගලයෙක් තනිවමනේ කොටි ත්‍රස්තවාදය අවසන්කළේ. (නි)
වසර නවයක් පූරා රටේ නායකයා අලුත් අවුරුදු සමරන ආකාරය රූපවාහිනියෙන් පෙන්වූ අපුරු පුරුද්ද නව ජනාධිපතිතුමා වෙනස්කිරීම ගැන අපගේ ප්‍රණාමය නව රජයට පිදිය යුතුය! සිරිසේන මැතිඳුන්ගේ චාම් දිවිපෙවත අගය කළයුතුය (නි)
අපේ සුමනදාස මැතිතුමාගේ දසුන අවශ්‍යමයි මෙතනට.. (නි)
ලැබුවා වු නව වසර ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා... !!! (නි)
වාසනා, දේශප්‍රිය, චතුරි, අප්පුහාමි, කරුණාදාස, උපාලි,ඉහත මොහාන්ගේ කතාව කියවන්න. ඒ ජනාධිපතිතුමා කවදත් හොඳ මහත්මයෙක්. ඕනෑතැනක ගියොත් ඕනෑතැනෙක සෙනඟ ඉන්නවා. මොන ප්‍රශ්න තිබුනත් ඉන්නේ හිනාවෙලා. කතාවත් මනෝහරයි. කියන්න හිතට එකඟවම කවුද එතුමාට අකමැති කියලා. (නි)
රකිත් ඔය කොහෙන් හරි ටිකක් ඉගෙනගෙන තියනවා නමුත් එක හරියට ඉගෙනගෙන නැ එකයි මෙතන තියන ප්‍රශ්නේ.(ම)
මමත් දිමුතු එක්ක! ජයවේවා!! (නි)
හරිම සුන්දර දසුන් පෙළක් (නි)
අවුරුදු සතුට බෙදාහදා ගන්න ගමන්ම අපි අපේ රටේ අනාගතය ගැනත් ස්වෛරීභාවය ගැනත් ඉතාමත්ම පරීක්ෂාකාරී වියයුතුයි. (නි)
පහුගිය ආණ්ඩුව කාලේ රටේ විවිධ පළාත්වල ඉන්න ජනතාව කොටවමින් ඒ මදිවට පිටරටවල ඉතාම සමගියෙන් ජීවත්වූ ජනතාව බේද කරමින් ඔවුන්ව එකිනෙකා කොටවමින් ඔවුන්ට අපහාස කරමින් කලාවූ ඒ හිරිකිත වැඩේ අපිට අමතක නැහැ. ඒවාට උදව් කළේ මේ පාදඩ ජඩ මාධ්‍යම තමයි. එහෙම කලා ඒ අසමජ්ජාතින්ටත් අලුත් අවුරුද්දේ ඉර පායනවනේ . (ස)
හරිම සමගිසම්පන්න පවුලක්. දැක්කත් ඇති හිත පිරෙන්න. සුබ අලුත් අවුරුද්දක්! (නි)
අපේ දුටුගැමුණු රජ ඔබයි , අපි සැමදා ඔබ සමගයි. (ස)
මගේ අදහසත් නැහැ. සුමන කිව්වා වගේ. (ස)
ඔබ තුමාටත් ඔබ තුමාගේ පවුලේ සැමටත් සුබ අලුත් අව්රුද්දක් වේවා (ස)
මෙතුමා ගැන කියන්න වචන මට නැහැ. (නි)
මහජනතාවට කවදාවත් බොරු කරන්න බැහැ (නි)
රටට ආදරය කරන මනුස්සයෙක්. ජය වේවා! (නි)
ඔබතුමාටයි නෑදෑයින්ටයි අපි කිව්වත් නැතත් ඉස්සරහට පරම්පරා ගණනාවක් යනතුරු හැමදාම අවරුදු තමයි. අනේ ඉතින් ණය පොළී ගෙවා ගෙවා ,බදු ගෙව ගෙවා පුංචි පඩියකට කඹුරන අපේ දුප්පත් ජනතාව! (නි)
ගොඩක් සතුටුයි මේවා දකිනකොට..... (ස)
ඔබතුමාට සෙත් වේවා! (නි)
චිරං ජයතු මහින්ද මතිදුනි (ස)
පැමිණ ඉන්න අයගෙන් පෙනෙනවා එතුමා කොපමණ අහිංසකද කියලා.කීයක්වත් ඉල්ලා ගන්න බැරිද දන්නේ නැහැ අපිටත් අවුරුදු කන්න (නි)
මේ අදහස් කන්දරාවෙන් කියවෙන්නේ මේ මනුස්සයා මොන තරම් ජනතාවගේ හදවත් වලට බලපෑම් කරනවද කියා නොවේද ..? (නදී)
බලන්නකෝ කට්ටියගේ ලස්සන! (නි)
මම බැලුවේ හිටපු ජනපති මෙහෙම අවුරුදු කන අතරේ දැන් ඉන්න ජනපති කිසිම ප්‍රසිද්ධියක් නැතුව නිහඬව අවුරුදු කන එකයි. දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මට තේරෙන්නේ නැත්තේ ඇයි අපේ රටේ ම්නිස්සුන්ට මෙච්චර මෙතුමාව පෙන්නන්න බැරි කියල (ස)
ඉස්සර නම් මහින්ද මහත්තයයි එයාගේ අයයි විතරයි අවුරුදු කෑවේ. මේ අවුරුද්දේ බඩු මිල අඩු නිසා නව රජයට පින්සිද්ධ වෙන්න ඔන්න අපිත් වසර 9කට පස්සේ අවුරුදු කෑවා. (නි)
ඔසන් සලාම්, මෙවර නැකත් වලට යෙදුනු පාට රතු වර්ණයයි. ඒකයි හැමෝම රතු ඇඳගෙන ඉන්නේ (නි)
ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනා,හිටපු ආරක්ෂක ලේකම්තුමා,මේ විදිහට හරි දකින්න ලැබීම කොතරම් සතුටක්ද?නෙත් එෆ් .එම්,සේවයටත් ගොඩක් ස්තුතියි.ලක්බිමේ උතුරේත් දකුණේත් අවුරුදු සිරිය විහිදෙන්නේ ඔබතුමා වැනි නායකයෙකු නිසයි.නව වසර වාසනාවන්ත එකක්ම වේවා!මේ සමගම විමල් වීරවංශ මැතිතුමාටත් ලැබූ නව වසර වාසනාවන්ත එකක්ම වේවායි ඈත දුර රටක සිට පැතුම් එක් කරනවා. (නි)
ඔබයි අපේ ජනපති! 2016 අවුරුදු සමරමු අපේ රජතුමනි! (නි)
ජැක්සන්, අපිට නම කාවවත් පේන්න බැරි ලෙඩක් නැහැ. (නි)
ඡන්දදායකයා අවබෝධයෙන් තොරවූ තරමට දේශපාලකයාට රජ මඟුල් .....! (නි)
එතුමාට තමන් අතින් කෙරුණු අඩුපාඩු පෙන්වා දෙන්න බොරුවට වරුණාව නොකර. එතකොට තමයි හැදෙන්න පුළුවන් වෙන්නේ. (නි)
ඔබට ජය! (නි)
සරත් ෆොන්සේකා මැතිඳුන් අවුරුදු කන හැටි බලන්නත් අපි ආසයි (නි)
සුබ අලුත් අව්රුදදක් වේවා (බ)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
අඩුවකට තියෙන්න අර රාජකීය දෛවඥයා නැති එක. (නි)
නුවන් චන්ද්‍රසිරි, කොටි නිසා මරබියේ සිටි උතුරු නැගෙනහිර දෙපළාතේ මිනිස්සු ඇතුළු සමස්ත ලංකාවාසීන්ට හිතේ සැනසීමෙන් අවුරුදු කන්න පුළුවන් වුණේ හිටපු ජනපතිතුමන් කොටින්ගෙන් රට මුදාගැනීමෙන් අනතුරුව බව නොරහසක්. ඇරත් ඔයාලා අවුරුදු නවයක් හාමතේ ඉඳලා මෙවර ජයට අවුරුදු කන්න තරම් හාල් පොල් මිළ නම් මෙවර අඩුවෙලා තිබුණේ නැහැ. හැබැයි මට ඔයාගේ අදහස දැකලා ඔයා ගැන අප්‍රසාදයක් වෙනුවට ඇතිවුණේ පක්ෂ දේශපාලනය නිසා අපේ රටට වෙලා තියෙන වින්නැහිය ගැන සැබෑම සංවේගයක්. අපේ අයට හිතේ කහටක් නැතුව හොඳදේට හොඳයි කියන්න නොහිතෙන තරමටම පක්ෂ දේශපාලනය ඔවුන්ගේ සිත් දුෂ්‍ය කරලා. (නි)
මේ අවුරුද්දේ බඩු මිල අඩු නිසා නව රජයට පින්සිද්ධ වෙන්න ඔන්න අපිත් වසර 9කට පස්සේ අවුරුදු කෑවා (නි)
සුබ නැකතට ඔබතුමා කිරිබත් කාලා වැඩ ඇල්ලුවා වගේම අලුත් අවුරුද්දේ සුබ නැකතින් රාජකාරියට වාර්තා කරනු දකින්නටත් අපි පෙරුම් පුරාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. ජයෙන් ජය වේවා! (නි)
ඉතාම වටිනා ඡායාරූප පෙළක් (නි)
දැනුයි තේරුනේ ආශ්චර්යයෙයි, යහපාලනයෙයි වෙනස (නි)
කලණි කියනවා වගේ පැරදුණත් මලේ බඹරු වගේ පිරිවර ලබන මෙහෙම භාග්‍යවන්තයෙක් ලොවෙත් නැතුව ඇති! අපිත් ඉතින් රටට නිදහස දිනාදීමට පෙරුමන් පුරනා එතුමාට මේ දුෂ්කර අවස්ථාවේදී වනේ තියෙන කොයිදේවත් රසවේවා යැයිද, ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා යැයිද එමෙන්ම අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා යැයිද ඉත සිතින්ම පතමු. (නි)
නුවන් චන්ද්‍රසිරි,මොනවද අලුත් අවුරුද්දට හැදුවේ? උම්බලකඩ සම්බෝල හදලා ,ආපු අපිට දුන්නේ කොත්තමල්ලි නේද? සුබ වේවා! (නි)
විපුල, මේ ඡායාරූප වලින් අපේ ගෙදරත් හැමෝම සන්තෝෂ වුණා. හිත පිරෙනවා තමා. හරිම සිරියාවන්ත සමගිය තිබෙන පවුලක්. (නි)
එක එක්කෙනා තමන්ගේ දේශපාලන කැමැත්ත හැටියට අදහස් දානවා. මට නම් හිතෙන්නේ එතුමා ඇතුළු පවුලටත් අපි කාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එතුමා විදේශීය බලවේගවලට යටත් නොවී රට ගැන සිතා ගත්ත තීරණය නිසා අපි බෝම්බ බයනැතුව කොළඹ සහ අනික් ගම්නගර වල අවුරුදු කනවා. විශේෂයෙන්ම අපේ මායිම් ගම්මාන ලෙස ඒකාලයේ හැඳින්වුණ පෙදෙස් වලත් සුළුවෙන් හරි බය නැතුව අවුරුදු කනවා ඇති. ඒ කරුණ අනික් වැරදිවලට වැඩියෙන් උඩට මතුවී පෙනෙනවා. ඒකයි අපි එතුමාට තවම ගරුකරන්නේ වෙන මොන ප්‍රශ්න තිබුනත්. මෙතන කොටසක් රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු පින්තූර දැමීම නිසා එතුමා සමඟ තරහක් ඇතිකරගෙන. (නි)
අනේ ඔසන් සලාම්ට දොස් කියන්න එපා. එයා අවුරුදු සිරිත් ගැන නොදන්නා නිසා හුඟ දෙනෙක් රතු ඇඳ සිටින බවට එයාගේ නිරීක්ෂණය කෙරෙන්න ඇති. අඩුගණනේ එයා අපේ ජාතික සිරිතකට සම්බධ මේ පුවත ගැන යම් උනන්දුවක්වත් දක්වලා තියෙනවානේ. (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
එතුමලාට මොකද ඉතින් අවුරුදු කන්න බැරි? (නි)
ගණන් ගන්න එපා ජැක්සන්, ඕක ඔය මහින්ද භීතිකාවයි, ඊර්ෂ්‍යාවයි එකතුවුණාම හැදෙන ලෙඩක්. හැබැයි ඉතින් හැමෝටම හැදෙන්නෙත් නැහැනේ. (නි)
ඔයාගේ කතාව සහතික ඇත්තයි දිනේෂ්. මෙතන සමහරුන්ට දේශපාලන පාට කණ්නාඩි නිසා ඇත්ත පෙනෙන්නේ නැති නිසා හොඳ දේට හොඳයි කීමේ හැකියාව ඔවුන්ගෙන් ගිලිහිලා. මේක මේ පක්ෂ දේශපාලනය නිසා අපේ රටට වුණු ලොකුම වින්නැහියක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? (නදී)
හිටපු ආරක්ෂක ලේකම්තුමාත් මෙතන. රට රැකගන්නට සවියක් වූ සොයුරාණෙනි, ඔබ දෙපළ අලුත් අවුරුද්දේ එකට දැකීමත් කොච්චර වාසනාවක්ද? ජයෙන් ජය වේවා! දිගාසිරි වේවා ! (නි)
ඔබතුමා නිසයි අද හැමෝම බිය සැක නැතුව අවුරුදු සමරන්නේ. මුළු මහත් ජාතියම ඔබතුමාට ණයගැතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා ජනපතිතුමනි!!! (නි)
සියළු දෙනාටම සුබ අලුත් අුවරුද්දක් වේවා! (නි)
අනේ අම්මපා! තවමත් ඒ මනුස්සයාගේ ගුණ වර්ණනාවමනේ මෙි මිනිස්සු කියවන්නේ (නි)
පරණ සිංහල කවියක කියවෙන අදහසක් මතක්වුණා. මහනෙල් මල තලන්න තලන්න ඒකෙ සුවඳ තව තව පැතිරෙනවලු. කාටද ඒ කවිය හරි එය ඇතුළත් පොතේ නම හරි මතක? ඉස්සර පාසලේදීත් ඉගැන්වූ කවියක්. (නි)
සුමේධගේ මහින්ද භීතිකාව නප්පියටම තද වෙලා වගේ. මන් ඔන්න තමුන්නැහෙගේ ලොකු මැඩම්ලා කියන විදිහටම කිව්වා (නදී)
ගුණ වර්ණනා කරන්නේ ගුණ තියෙන නිසා (නදී)
ලුම්බිණි, ඔයා ගම් පළාතක උපන්නා නම් මෙතුමා නිහඬව අවුරුදු කන්නේ නැත කියා දොස් නඟන්නේ නැහැ. ගමට රටට වැඩක් කරන ඉස්කෝලේ මහත්තයෙකුට වුණත් ගමේදී තනිවම නිහඬව අවුරුදු කන්න බැරි තමන්ට ඕනෑ වුණත් නැති වුණත් ගමේ උදවිය කළගුණ සැළකීමක් හැටියට ගෙට ගොඩවීම යුතුකමක්යැයි සළකන නිසයි. (නි)
අවුරුදු පින්තූරයක් දැක්කමත් මරාගන්න ජාතියක්ද අපි? ඕක තමයි ඔලුව උඩට බෝම්බ වැටෙනතුරු අපිට දැනුනේ නැත්තේ. සමහරවිට සිරිසේන ජනාධිපතිතුමා මේ අවුරුද්දේ ලොකුවට චාරිත්‍ර කරන්නේ නැතුව ඇති සහෝදරයාගේ මරණය සිදුවුණේ ඉතා ළඟදි නිසා. (නි)
අනේ සුමුදු හේවා, පාට කණ්ණාඩි වලින් බලන අය අතරින් ඉස්සරහින්ම ඉන්න කෙනා ඔයා කියආ මේ අදහස් කියවන අයට පේනවා. බලන්න ඔයාගේ අදහස් කීයක්ද? (නි)
මම මායිම් ගමක හැදුනු කෙනෙක්. දිනේෂ්ගේ කියමන අනුමත කරනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් අපේ ගම්වල දැන් සුළුවෙන් හරි බය නැතුව අවුරුදු කනවා. ජීවත්වෙනවා. සුමේධ ඇතුළු ඒ වගේ හිතන අනික් අයට දැනුනේ නැතිවුණාට අපිට තාමත් එතුමාගේ ගුණ මතක් වෙන්නේ අපේ මරබිය නැතිකරන්න ලෝකය ඉදිරියේ බයනොවී කටයුතු කළ නිසයි. (නි)
මහින්ද මැතිඳු ඇතුළු සියළුම ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ නව වසරක් වේවා! (නි)
අගය කළයුතු කෙනා අගයවෙනවා. ඒක වළක්වන්න බැහැ.ඔබට සුබම සුබ නව වසරක් වේවා! (නි)
අපේ නායකයාණෙනි, ගොඩක් සන්තෝෂයි (නි)
අනේ කොච්චර දෙයක්ද එතුමා හිටපු ජනාධිපතිතුමා වූ එක? දැන් දවසකට ලක්ෂ කීයක් මේ රටේ මිනිසුන්ට ඉතුරුද? (නි)
අපිට නම් අදටත් ජනපති මහින්ද තමා. (නි)
කට්ටියක් මෙතන රතිඤ්ඤා පුපුරවන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා බෝම්බ පුපුරවන අයව නවත්වන්න මුලිකත්වය දුන් නිසා කියලයි මට නම් පෙනෙන්නේ. ඒ කට්ටියට නම් දැන් මතක නැතුව ඇති උදේ ගෙදර ගියාම හවස එනවද කියන්න බැරි කාලෙක අපි ජීවත්වුණ බව. නැත්නම් ඒගොල්ලන් වෙන රටක ඉන්න ඇති ඒ කාලේ. මේ අපි එකම රෙද්ද තියාගෙන හෝදනවා නෙමෙයි. ඒත් ජීවිත දානය කියන මහා දානය මෑත කාලෙකදී අපිට ලැබුනේ මෙතුමාගෙන්. ඒකයි අපි මෙච්චර හොඳ කියන්නේ. (නි)
රට බේරාගත් මහා නායකයාණෙනි, ඔබතුමාට සහ පවුලේ සියලුම දෙනාට සුබම සුබ නව වසරක පතමි! ඒ වගේම ඔබතුමාට අපහාස කරන , නින්දා කරන බොරු චෝදනා කරන අයටද එසේම පතන අතර සමාව දෙමි. මොකද එයාලට මුල මතක නැහැ. සිංහලයන්ට හැමදේම මතක තියෙන්නේ උපරිම සුමානයයි. ඒ වගේ මේ අයට මතක නැහැ අද මේ උතුරේ ඉඳගෙන විඳින නිදහස ඔවුන්ගේ දරුවන්ට හා උපදින දරුවන්ට ලබාදුන්නේ ඔබතුමාගේ අභීත නොපසුබට නායකයත්වය යටතේ බව. (නි)
ලුම්බිණිට අමතක වුණාද එතුමාගේ බාල මල්ලි නැතිවෙලා බොහොම සුළු කාලයයි කියලා. (නි)
තමන්ගේ වියදමෙන් අවුරුදු කන එකත් ජනතාවගේ වාසනාවක්. (නි)
මහින්ද දිනුවා නම් තත්ත්වය කොහොම වෙනස්වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
දකිනකොට දුකයි.නරකට හිටියේ තණ්හාවනේ.නැත්නම් අදත් දෙවියනේ කියලා ඉන්නවනේ ..... (නි)
යුදබිමට ගොස් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ව කාටවත් මතක්වෙලා නැහැනේ (නි)
සුමුදු හේවා, ඔබ කරනුයේ මිල කළ නොහැකි සේවයකි. හරි දේ හරියි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නටත් බැරි අය අපේ රටේ ඉන්නේ. මේ කුහක මුල අමතක මිනිසුන්ට අද මතක නැහැ මුළු රටම අද අවුරුද්ද සමරන්නේ මේ මහා නායකයා නිසා කියලා. ඉස්සර නම් සිංහල අවුරුදු , නත්තල් , වෙසක් , අලුත් අවුරුදු , විවාහ උත්සව, මේ ඕනෑම දවසක ලංකාවේ කොහේ හෝ මළගෙදරකි (නි)
සහතික ඇත්තයි සඳුනි. අපේ රට දශක තුනකට ආසන්න කාලයක් ත්‍රස්තවාදයෙන් බැටකෑවේ එයින් රට මුදාගන්න ඕනෑකරන දේශපාලන නායකත්වය නොතිබුණු නිසා මිසක් රණවිරුවන්ගේ රණශූරත්වයේ අඩුපාඩුවක් නිසා නොවෙයි. එතුමා තනිවම යුද්ධ නොකළත් කොටි ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම ගැන රටම එතුමාට කෘතඥ වෙන්නේ ඒ සඳහා තීරණාත්මක සාධකය වූ දේශපාලන නායකත්වය එතුමා ලබාදුන් නිසයි. හැබැයි තමන්ගේ දේශපාලන පාට කණ්ණ්ඩි නිසා මේ ඇත්ත නොදකින සහ එය පිළිගන්න අකමැති උදවියත් අපි අතර ඉන්න බව සමහර අයගේ අදහස් වලින් පෙනෙනවා. (නි)
ඔබතුමාට මගේ පවුලේම උත්තමාචාරය! මෙරට නිදහස් කරදුන් නායකයා ඔබයි. 2016 ඔබතුමාගේ නායකත්වයෙන් අවුරුද්දක් කන්න ලැබේවා! (නි)
නායකයා යනු තම චර්යාවෙන් අනුන් වෙනස් කරන්නාය (නි)
අලුත් අවුරුද්ද ජය වේවා! (නි)
ඔබයි අපේ අවුරුදු කුමාරයා! (නි)
බලන්නකෝ කට්ටියගේ අදහස් ටික... (නි)
ලබන වසරේ රටම එක්ක එකට අවුරුද්ද සමරන්න ලැබේවා! (නි)