
(කැලුම් බණ්ඩාර)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් තිබෙනවා දැයි සොයා බැලීම සඳහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවක් පත් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව සොයාගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න නෙමෙයි, එලවලා දාන්න. විශේෂයෙන් යුතු ලෙස ගෙවල් හදා ගෙන, 5000 සල්ලි කොළ ගබඩා කරන ඉන්න මයිනාව එලවන්න. හේර ලිය, සීරාව ඔය ඔක්කොම එලවලා දාන්න.
ජනාධිපතිතුමනි 2/3 වැඩි බලයක් තිබෙනකොට අවශ්‍ය නම් ව්‍යවස්ථාව අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන් නේද? ජනමත විචාරණයකට ගියත් ජනතාවගේ සහයෝගය ලැබෙනවා නේද? එහෙම කළොත් ඔබගේත් මන්ත්‍රී සහ ජනාධිපති විශ්‍රාම වැටුප් කැපෙනවා නේද? ඉස්සර හිටපු ජනාධිපතිවරුත් ඡන්දෙට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි කැරට් අල ජනතාවට දුන්නා. නමුත් දැන් ජනතාව එම කැරට් අල භාරගන්න සූදානම් නැති බව නන්දසේන ජනාධිපතිතුමාට සිදුවුණා ප්‍රශ්නෙන් පැහැදිලි වුණ, ඔබතුමාට පොරොන්දු ඉටු කිරීම හැර වෙන විකල්පයක් නැත. ජනතාව සැදී පැහැදී බලා සිටියි...
බොරු පොරොන්දු දෙන්න ඉස්සෙල්ලා නීතිය මොකද්ද කියලා දැන් නැති මිනිස්සු රටක් කරන්නේ කොහොමද? ගැලරිය පිනවන්න මොනවා කීවත් රටක නීතිය පැවතිය යුතුමය. අන්තිමට කව්ද රැවටිලා තියෙන්නේ....