හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරියවූ රංජනී ජයකොඩි රාජ්‍ය මුදල් රෙගුලාසි කඩකරමින් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට රුපියල් ලක්ෂ 24ක් දුන්නැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
ක්‍රීඩා අමාත්‍යංශය සතු එම මුදල් අයථා පරිහරණය කළැයිද ක්‍රීඩකයන් එතෙර යාමේදීත් 2012 නාවලපිටිය බක්මහ උළෙල විකාශනයේදීත් අබලන් වාහන අලුත්වැඩියාවේදීත් අක්‍රමිකතා හා අකටයුතුකම් සිදුකළ බවට තොරතුරු ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු හේවා, අල්ලන්න බැරි වෙන්නයි වෘර්තිමය හොරු හොරකම් කරන්නේ. (අ)
සුමුදු හේවා මහතාගේ අදහස දැක්කම මට හිතුනේ “ හූ හූ ඔය ඉතිං අපේ වැඩ ඇල්ලුවද එයාලා“ කියලා අහනවා වගේ අදහසක්. හොරකම් කරලා එය අනික් පාර්ශ්වයට අල්ලා ගන්න බැරි වුනාම හෙරාරවැඩ කළ උදම් අනනවා වගේ දෙයක් එම අදහසේ ඇති බවයි මටනම් පසක් වෙන්නේ.(අ)
සේනක කියන්නා වගේ අර පොත් පුරා ලියන්න තරම් දුෂණ වංචා කරපු බලවත් බවලතාටත් ගෑනු පිරිමිකම් නොබලා දඬුවම් කරන්න පුළුවන් නම්! නේද ? (අ)
සුමුදු හේවාලාට ඕනේ හොරු රකින්න. හොරුන්ව අල්ලා ගන්න බැරි වුණාම එයාලා හරිම සතුටු වෙනවා. සතුටු වෙලා විතරක් නිකන් ඉන්නේ නැහැ හොරු ඇල්ලුවෙ නැහැ කියලා උදම් අනනවා. අනේ මෙහෙමත් මිනිස්සු.(අ)
අනේ දිල්හානි, පළපුරුදු කෙනෙකුගෙන් කෙරිච්ච හොරකමක් විතරක් නොවෙයි ඉතාමත් ම සැලසුම් සහගතව කරන මිනීමැරුමක වුණත් ඕනෑකමින් හෙව්වොත් හොයාගන්න හැකි වන හෝඩුවාවන් ඉතිරි වෙනවාය කියලයි මම නම් අසා ඇත්තේ. හැබැයි ඉතින් නොකෙරුණු හොරකම් වල නම් ඉතින් හෝඩුවාවල් හොයන්න බැහැ තමයි. (අ)
ඔය කියන බවලත්තු හොරකම් කලානම් එය අල්ලාගැනීමේ වගකීම 100% තිබුනේ ඊට පසු පැමිනි ආන්ඩුවටයි. ඒ අය ඒක නොකර දැන් මොනවද මේ කියන කතා. පරණ ඒවා කෙසේ වෙතත් ඇස් පනාපිටම පෙනෙන ඒවට වත් දඩුවම්කල යුතුයි. නැතුව රට හදන්න බැහැ.(අ)
සුමුදු හේවා කැමති නැහැ වගේ හොරු අල්ලනවට. (අ)
ඒ පොත්වල තියෙන කතානේ සුමුදු. අපි දන්නේ නැතුව වැලලිලා ගිය මිනිමැරුම් වුනත් ලෝකයේ ඕන තරම් ඇති. හැබැයි ඔබ කියන “ඕනෑකමින් හෙව්වොත් හොයාගන්න හැකි“ බව නම් මාත් පිිළිගන්නවා. (බ)
සුමුදු හේවා මහත්තයො ලැජ්ජා වෙන්න ඕනේ හොරකම් අල්ල ගන්න බැරි උනාට නෙමෙයි. හොරකම් කරන්නයි ලැජ්ජා විය යුත්තේ. (ස)
වන්ද්‍රිකා නෝනා හොරකම් කලා නම් පසුගිය රජය එයා අල්ලන්න එපැයි. ඒකනේ රජයක වගකීම. ඇයි දන්නේ නැහැ මුකුත් නොකර නිකන් හිටියේ? (ස)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිව්වලු. ඒ අයව අල්ලා ගන්න ටිකක් අමාරුයි. කල් යනවා. (ස)
කෝලිත මහතාගේ අදහස ඉතා නිවැරුදියි. (ස)
රටේ පිළිගත් නීතියට අනුව යමෙකුට එරෙහි චෝදනා ඔප්පු වනතෙක් ඔහු නිර්දෝෂ සේ සැළකිය යුතුයි. එමෙන්ම චෝදනා ඔප්පු නොවුණොත් චුදිතයා නිදොස්කොට නිදහස් කෙරෙනවා. එහෙත් මෙතන ඉන්නා කට්ටියගේ නීතියේ හැටියට ඕනෑම චෝදනාවක් ඇත්ත සේ සළකා නඩු නැතුවම චුදිතයාට නින්දා කරන්නත් නඩු අසා චෝදනා ඔප්පු නොවුණත් චුදිතයා සදාකාලිකවම වැරදිකරුවෙකැයි සළකන්නත් අවසරපත්‍ර ලැබිලා වගෙයි (නි)
මහා බැංකුවේ කෝටි ගනනකට ඇස් පනාපිටම වැඩේ දුන්නු මහ එකාවත් නිදහස් කලා නම්, ලක්ෂ 24 මොකක්ද ? (ස)
බලනකොට හොරකම් නොකරපු කෙනෙක් දැන් නැහැ වගේ. හැමෝටම ටික ටික හරි හොරකම් කරගන්න හොඳට ඉඩ දීලා වගේ. (නි)
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාගේ සිහින ගැන පහදා දෙන එක අවස්ථාවක , යම් ජලාසයක රන් රිදී මුතු මැණික් සහ බරෙන් යුතු වටිනා ද්‍රව්‍ය නොපෙනී මඩේ සැඟවී ගොස් "හිස්" ටින් බෙලෙක්ක ලී පතුරු වැනි නොවටිනා දේ ජලයෙන් මතු වී පා වෙමින් තිබෙන්න සේ උගත් වැදගත් බුද්ධිමතුන් යටපත් කරමින් මතු වන තුට්ටු දෙකේ මිනිසුන් විසින් සමාජයම විනාස කරන බව දේශනා කර තිබෙනවා.මිනිසුනේ මේ ඒ කාලයයි. (ස)
දක්ෂ ක්‍රීඩිකාවක් වගේ (නි)
දහමේ ප්‍රකාරව කෙනෙකු තම පුතෙකු වෙනුවෙන්වත් රට රාජ්‍යය වෙනුවෙන්වත් පව්කම් නොකළ යුතුය. නමුත් ඔවුන් එහෙම කර තිබෙනවා. මොවුන්ට තවමත් කත් අදිමින් අදහස් දමන පාඨකයන් තවමත් නොදන්නවා වුණාට බලය අතේ දරමින් රටේ සියලුම මුල්‍ය මර්මස්ථාන මොවුන් ඩැහැගෙන තිබෙනවා. කෙනෙකුට දුෂණ ක්‍රියාකිරීමට ඉවහල් වෙන ප්‍රධාන දෙයක් වන්නේ අසීමිත දේශපාලන බලයයි. මේ දුෂණ ක්‍රියාවන් කරගෙන යන්න ඕනෑ නිසයි මේ විධායක බලතල නැතිකර හෝ අඩුකර දමනවාට විරුද්ධ වෙන්නේ. මම කියන්නේ රටේ හා ජනතාවගේ දියුණුවට රටේ සම්පත් එක තැනකට පොදිගසන්න ඉඩනොදී සියලු තැන් වලට ගලා යායුතුයි (නි)
පහුගිය කාලේ සමහර ආයතන වල හිටිය සමහර ලොකු ලොක්කෝ කලේ රස්සාව නෙමෙයි දේශපාලනය. පිට කසපු තරමට තමයි උසස්විම්, පිටරට සංචාර ලැබුනේ. (අ)
ඒකනම් ඇත්ත පියදාස මහත්තයෝ. තමන්ගේ බලය, වරදාන, වරප්‍රසාද, යානවාහන, පිටරට සංචාර අඩුවිම හා කළ හොරකම් වහගන්න තමයි නැවත පරණ අයව ගෙන්වාගන්න හුඟක් ලොකු ලොක්කෝ අද වෙනකොට දඟලන්නේ. එහෙම නැතුව රට ජාතිය ගැන කැක්කුමකින් නම් නෙමෙයි. (නි)
අනිත් අමාත්‍යංශත් හාරා අවුස්සලා බැලුවොත් මේක මොකක්ද කියලා හිතෙයි. මේ එකක් විතරයි. රටට වැඩක් කළේ නැහැ මේ ලොක්කෝ ලොක්කියෝ. දේශපාලඥයෝ කියන කියන පදේට නට නටා, ඔවුන්ට ප්‍රශස්ති ගී ගායනා කර කර රටේ සල්ලි නාස්ති කළ එක තමයි හුඟක් තැන් වල වුණේ. (නි)
අපේ රටේ මිනිස්සු හිතන්නේ තමන්ට තැනක් ලැබුනහම ඒක තමන්ගේ බූදලයක් කියලා. නීතියක්, චාරයක්, වගවිභාගයක් නැහැ ඔහේ අත්තනෝමතිකව ක්‍රියාකරනවා. හැමදේම තමන් අඳුනන දේශපාලඥයෝ ඉන්නවා නම් ඔවුන් ලවා වහගන්න පුවවන් කියලා හිතනවා. මේක තමයි රටට වෙලා තිබුනු ලොකුම හෙණය. මේ මානසිකත්වය නැති නොකරන තාක්කල් අපේ රටට දියුණු වෙන්න බැහැ. (නි)
පසුගිය රජය යටතේ නිලධාරීන්ට මුහුණදෙන්න සිදුවුණ ලොකුම ප්‍රශ්නය දුෂණයට විරුද්ධව කතාකරලා ගෙදර යනවාද, නැත්නම් හොරකමට උදව් කරලා උසස්වීම් හා මුල්‍ය වාසි ලබාගන්නවාද කියන එක. (නි)
ආණ්ඩු වෙනස්කරන එක පැත්තක තියලා කරන්න තියෙන්නේ රාජ්‍ය ආයතන අරක්ගෙන ඉන්න දේශපාලන හෙන්චයියෝ ටික එළවලා දාන එකයි. පෙරළෙන පැත්තට මුක්කු ගහමින් අඟේ ඉඳන් කණ කන්නේ මෙන්න මේ කට්ටියයි. මේක තමයි රටට තිබෙන ලොකුම පිළිලය. රාජ්‍ය නිලධාරින්ව දේශපාලනයෙන් ඉවත් කළයුතුයි. පාට කණ්ණාඩි දාගෙන මොවුන් කොහොමද අපක්ෂපාතිව වැඩ කරන්නේ. (නි)
බලනකොට කාන්තා පක්ෂයත් කරට කර ඉඳලනේ! (නි)
ලංකාවේ රජයේ හොඳ රස්සාවක් ගන්න, උසස්විමක් ගන්න, දේශපාලනය අනිවාර්ය අංගයක් වෙලා. මේක නොදියුණු රටවල් වල ලක්ෂණයක්. දියුණු රටවල දේශපාලඥයින් ජනතාවවත්, නිලධාරින්වත් මහා ලොකුවට ගණන් ගන්නෙ නැහැ. ඒකට ලංකාවේ? (නි)
පහුගිය කාලේ ආණ්ඩුවේ තැන්වල ලොකු ලොක්කෝ වැජඹුනා. දවස ගානේ කාර් මාරුකළා. පිටරට සංචාර ගියා. සාද දැම්මා. සංදර්ශන පැවැත්වුවා. ඒවා දිහා ඒ ආයතනවලම සේවය කළ මාසෙට දහපහළොස් දාහක් පඩි ගත් නමුත් මහන්සිවෙලා වැඩකළ පොඩි මිනිස්සු බලාහිටියා වේදනාවෙන්. ආදායම් බෙදීයාමේ විෂමතාවය ගැන දැනගන්න මහ බැංකු වාර්තා බලන්න උවමනා වුණේ නැහැ. ආණ්ඩුවේ කන්තෝරුවක ලොක්කොයි, සාමාන්‍ය සේවකයායි දිහා බැලුවහම හොඳට තේරුනා. දැන්වත් ඒක වෙනස් කරන්න කියලයි මම ඉල්ලන්නේ. (නි)
කාන්තාවෝ සම තැනනේ ඉල්ලන්නේ. දඬුවම් දෙනකොටත් කාන්තා බව නිසා ලිහිල් නොකර එක සමානව දඬුවමත් දියයුතුයි. නැත්නම් ඕනෑ වරදක් කරලා ගැහැණුකම ඉස්සරහට දාලා බේරෙන්න හදන එක අද ලංකාවේ ෆැෂන් එකක් වෙලා. අයිතිවාසිකම් වලට විතරයි මේගොල්ලන් සම තැන් ඉල්ලන්නේ. (නි)
කපටි දේශපාලඥයින්ට වඩා සිය දහස් ගුණයක් භයානකයි රාජ්‍ය ආයතන වල ඉහළ තනතුරු දරමින් යටින් දේශපාලන රැකවරණය ලබමින් වැඩකරන සමහර මිනිස්සු. දිය යටින් ගින්දර ගෙනියන්නේ ඇඟට පතට නොදැනීම රටේ ආර්ථිකය කඩාවට්ටන්නේ මොවුන් තමයි. නමුත් හැමෝම බනින්නේ දේශපාලඥයාට විතරයි. මේ අයව වැහිලා තියෙන්නේ. (නි)
බලනකොට කාන්තා පිරිමි කියලා බේදයක් නැහැ වගෙයි (නි)
අලුත් චෝදනා ගෙනෙන්නේ ඇයි? දින සීය අවසන්වෙලත් කලින් ගෙනා පරණ චෝදනා ඔප්පුකර ගන්න බැරිවුණානේ! (නි)
මං කීවේ අලුත් චෝදනා ගෙනෙන්නේ දින සීය ඉවර වෙලත් කලින් ගෙනා පරණ චෝදනා ඔප්පු කර ගන්න බැරි වුණු එකේ ලැජ්ජාව වහ ගන්න නේද? කියලයි. (අ)