සිංහල ක්‍රීඩා සමාජය නොහොත් එස්.එස්.සී යනුවෙන් ප්‍රකට ක්‍රීඩා සමාජය හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දොර වසා දැමිණි. ඔහුට එස්.එස්.සීය හතර මායිම තහනම්ය. ඉස්සර ඔහුගේ අණසක ක්‍රීඩා සමාජවලට පමණක් නොව ක්‍රීඩා ලෝකෙටම අනුල්ලංඝනීය විය.
අද ඔහු අසරණය. ඔහුට එම ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය දිය යුතු යැයි විධායක සභාවට යෝජනාවක් ඉදිරිපත් විය. එස්.එස්.සී සාමාජිකයන්වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නිලධරයෝ තිදෙනෙක් ඔහුගේ නම යෝජනා කළහ. එහි විධායක කමිටුව ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, නීතිඥවරුන්ගෙන් හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විතය. අලුත්ගමගේ ගේ නම යෝජනා කළ අයගෙන් අලුත්ගමගේ ගේ වාර්තා -- ක්‍රීඩා වාර්තා නොවේ -- ගැන විධායක සභාව දිගින් දිගටම ප්‍රශ්න කළේය. හිටපු ඇමැති අපරාධ කළ බවට තහවුරුවී හෝ ඔප්පුවී හෝ නැතැයි ඔහු කීවේය. ඔහු වැරදිකරුවකු වනතුරු නිවැරදිකරු නොවේදැයි යෝජනාකරු ඉපැරණි නීතිමය සිද්ධාන්තයන්ද ගෙනහැර දැක්වීය. එහෙත් විධායක සභාව එය නොපිළිගත්තේය.
සාමාජිකත්ව කමිටුවේ සභාපති ඡන්දය විමසීමේදී ඡන්දය නොදුන්නේය. හිටපු ඇමැති සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු යැයි හත් දෙනෙක් ඡන්දය දුන්හ. විධායක කමිටුව 15 දෙනකුගෙන් සමන්විතවේ. එවැනි පුද්ගලයකු ඉවත් කිරීම සඳහා එක් ඡන්දයක් වුවත් ප්‍රමාණවත් වේ. ඔහුගේ ඉල්ලුම් පත්‍රය ඉවත දැමිණි. ඉන්පසු ප්‍රශ්නයක් මතු වූයේය. යෞවන සාමාජිකයන්වන තම දරුවන් රැගෙන යාමට එහි පැමිණීමට හැකියාව ඇත්දැයි ප්‍රශ්නයක් මතුවිය. එයටද ඉඩ නොලැබිණි. ඔහුට ලැබුණු එකම සහනය වූයේ වෙනත් සාමාජිකයකුගේ අමුත්තකු වශයෙන් ඔහුට එහි පැමිණිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහමට අනුව මිනිසා විසින් කරන හොඳ නරක මේ ආත්මෙදිම තමන් පසුපස ලුහුබදින බව මේ දෙයින්ම සනාත වෙනවා. (ස)
පෙරේරා, ඒ මිනිස්සුන්ට පිස්සුද ඒ ගොල්ලන්ගේ තියෙන ක්‍රීඩා සමාජය අතහැරලා පෙරේරා හදන අලුත් ක්‍රීඩා සමාජයට එන්න. (නදී)
තමන් වගා කල දෙයම අස්වැන්න ලැබිලා. (ර)
ඔය විදියට හැම ආයතනයකම වුණා නම් මෙලහකට රට හැදිලා (නි)
සිංහල ක්‍රීඩා සමාජය මෙන් අනිකුත් සමාගම් හා ආයතන සුදුසු ආකාරයට වැඩ කරනවානම් රටටම යහපතක් වේවි. (ම)
සුසිල්, මමද ඔබගේ අදහසට එකඟ වෙමි.(ම)
මුතු මැණික් ලොව පහළ වන්නේ එකක් හෝ කිහිපයක් පමණක් යයි ස්වභාව ධර්මයත් අපට කියනවනේ ..(ම)
මට ඔහොම කළානම් මම අලුතෙන් ක්‍රීඩා සමාජයක් හදාගෙන කෙනෙහිලිකම් කරපු අය සේරටම හතර මායිමට එන්න දෙන්නේ නැහැ. (බ)
රටටත් බරක් උන අනවශ්‍ය පුද්ගලයින් ඉවත්කරන්න. පසුගිය කාලයේ හිටපු නොවටිනා ගල්කැට ඉවතදමා, මුතු මැණික් ලංකරගනිමු. (නදී)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයම වෙයි... (නි)