ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2010 සිට සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග ඇතුළු පිරිසකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කලමනාකරුගෙන් හා මූල්‍ය ප්‍රධානියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන පවත්වා සැප්තරම්බර 26 වැනිදා කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් සියල්ලටම දඬුවම් දෙන්න (නි)
මේ ඇමතිවරයා අස්කළ එක ගැන නම් අපිට සතුටුයි
දැන්නම් මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)
ඉස්සර ක්‍රිකෙට් වලටත් ඇමතියෙක් හිටියද? අපි දන්නේ නෑ නේ (අ)
ඔබට සතුටුයිද දැන්... (නි)
ජවිපේ නැත්නම් සියලු දේවල් යට යනවා රටේ අවංක මිනිසුන්ග් පක්ෂයක් (අ)
ආපෝ , හොර ගෙඩියෝ දෙන්නෙක් !(අ)
සමහරු ඉතින් ඡන්දෙ දෙන්නේ තමන්ගේ සල්ලි හොරකම් කරන අයටනේ. ජනතා කැමැත්ත. කරන්න දෙයක් නැහැ. (නි)
රජයේ හැම ආයතනයකම හොරකම් වංචා දුෂණ නැතුව නෙමෙයි. ලොකු එකාගේ ඉඳලා පොඩි එකා දක්වා හොරු. එක රැයින් පොහොසත්තු වෙන්න බලන්නේ. (නි)
අපි බලමුකෝ... (නි)
ප්‍රශ්න කරාට වැඩක් වෙන්නේ නෑ.(හේ)
මේ දේවල් දකින කොට අපිට දුකයි.(හේ)