පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇතිදැයි සෙවීම සදහා සිදුකිරීමට සැලසුමි කර සිටින ජාත්‍යන්තර වෛද්‍ය පරීකෂණයට උපදෙස් දීමට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් පත් කරනු ලැබීය.
මහ ඇමැතිවරයා එම කමිටුව පත් කර ඇත්තේ උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශ අනුවය.
මෙම පංචපුද්ගල වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස යාපනය ශීක‍්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සිවන් සුදන් මහතා පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ පරිදි උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සඳහාම තවත් අනු කමිටු පමක් පත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර වෛද්‍ය පරීකෂණයට ඇමරිකාව සහාය නොදක්වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් උතුරු මහ ඇමැතිට දන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසක් ශරීරයට ඇතුළු වුනාම මිනිහෙක් හරි සතෙක් හරි එම අවස්ථාවේ හෝ දින දෙක තුනකින් විතර මැරෙනවා කියලනම් දන්නවා. විෂ ශරීරයේ තියාගෙන ජීවත් වෙනවා කියල නම් අහල නැහැ.(රේ)
මෙයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?(හේ)
දැන් ඉතින් විස ඒගොල්ලෝම ගහගෙන පරීක්ෂණයට යයි. කොහොමත් ස්වේච්චාවෙන්ම බෝම්බ බැඳගන්න ජාතියක්නේ.(රේ)
එතකොට ඔය සාමාජිකයෝ ඉස්සෙල්ල බෙල්ලේ එල්ලගෙන හිටිය සයනෛඩ් කරලේ තිබුන මාරාන්තික විසෙන් ටිකක් හෙම සරීරගතවෙලා තිබුනොත් ඒකත් ඔය පරීක්ෂණයට අහුවෙයිද? (රේ)
මාර වැඩ තමයි වෙන්නේ.(හේ)
හරියට හරි. ශරීරයේ විෂ ඇතැයි සැක කෙරෙන සියලුම ශරීර අවයව වහාම විදේශයකට යවා හොදින් පරීක්ෂා කරවා ගත යුතුයි. ඔය යෝජනා කරන අයගේ මොළය පවා එහි යවා පරීක්ෂා කර ගත්තොත් වඩා හොදයි. මොකද ලෙඩක් තියනවානම් බෙහෙත් දෙන්න පුළුවන් එතකොට.(රේ)
මේ විග්නේෂ්වරන් නම් මොනවා කරන්න හදනවද මන්දා? (නි)
මේ ප්‍රශ්න නිසා අවසානයේදී රට කලින් තිබුණු තත්ත්වයටම යයිද කියලයි අපිට බය (නි)
මේ සිද්ධවෙන දේවල් නිසා අපි සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ (නි)
මෙම පරීක්ෂාවන් ශ්‍රී ලංකාව තුළදී කිරීමේදී විශාල වියදමක් ඒ අයට දරන්න වේවි. (නි)
සංහිදියාව ඇති කරනවා. (ර)
මේ සෑම වියදමක්ම විග්නේශ්වරන්ගේ පුද්ගලික වියදමින් කිරීමට යෝජනා කළයුතුය. නැවත අපේ රටවැසියෝ කිසිමදේකට ඔවුන්ට සතයක්වත් වැයනොකළ යුතුය. මදැයි අහගත් දේ? කළගුණ සැළකීම තමා ඒ (නි)
බෙනට්ට ඕනෑම නම් උතුරට ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දැන් පරීක්ෂාවන් පටන් අරන්. එයාගේ මිනිස්සු කරපු අපරාධ ගැන නොවෙයි හොයන්නේ, අපරාධ කරපු අයගේ ශරීර සෞඛ්‍යය කොහොමද කියලයි හොයන්න ඕනෑවෙලා තියෙන්නේ. අහිංසක ජිවිත දහස් ගණන් විනාශ කරලා තව නිරෝගිතාවය ගැනත් හොයනවා. ඕවට යන වියදම් රටේ මුළු මහත් ජනතාව ගෙවන බදුවලින් තමයි හොයන්න ඕනෑ. (නි)