කොටි සංවිධානයේ හිටපු මුදල් පාලකයා වශයෙන් සැලකෙන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රි ලංකා අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවත් ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ඉන්ටපෝල් සහය පතමින් නිකුත් කළ රතු නිවේදනයත් ආපසු කැඳවීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය අද (01) නියෝග කළාය. මෙම වරෙන්තුවත් රතු නිවේදනයත් නිසා ශ්‍රි ලංකාවට පැමිණ උසාවියට බාර වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි කාන්තන්ගේ නීතිඥවරු උසාවියට දැන්වුහ.
ඒ අනුව එම නියෝග ඉවත් කළ පෙරේරා විනිසුරුවරිය දෙසතියකින් උසාවියට බාර වන ලෙස එමිල් කාන්තන්ට දැන්වන්නැයි නිතිඥවරුනට සැළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔය ඉන්ටපෝල් සහය පතමින් නිකුත් කරනලද රතු නිවේදනය ආපසු කැඳවීමට ගත් තීරණයට පස්සේ මේ සැකකරු රටට නොපැමිණ සිටියොත් කුමක්ද වෙන්නේ? නීතිය ගැන නොදන්නා නිසයි මම මේ ප්‍රශ්නය අහන්නේ (නි)
ඇවිල්ල බාර වෙනතුරු එහෙනම් අපි බලා ඉඳිමු නේද? කොටියා කැලේ මාරුකළත් පුල්ලි මාරු කරන්නේ නැහැ කියලා අපි අසා තිබෙනවා (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ජනාධිපති සමාව ලැබෙයිද බලමු. නැත්නම් අඩු සිරදඬුවමක්වත්? (නි)
බාර වෙන එක තමයි හොඳම වැඩේ. (ර)
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි... (ර)
සහජීවනේ එකයි. රිමාන්ඩ් කරොත් දේශපාලන සිරකරුවන් ගොඩට එක්වෙයි. (ර)
මාර සැලකිල්ලක්නේ කොටියන්ට දැන් තියෙන්නේ!! (බ)
මේ වෙලාව ගැනීමේ අවශ්‍යතාවයක් බවයි අපිටනම් පෙන්නේ. (බ)