කොටි සංවිධානයේ හිටපු මුදල් පාලකයා වශයෙන් සැලකෙන එමිල් කාන්තන් අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රි ලංකා අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවත් ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ඉන්ටපෝල් සහය පතමින් නිකුත් කළ රතු නිවේදනයත් ආපසු කැඳවීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය අද (01) නියෝග කළාය. මෙම වරෙන්තුවත් රතු නිවේදනයත් නිසා ශ්‍රි ලංකාවට පැමිණ උසාවියට බාර වීමට නොහැකි තත්ත්වයක් ඇතැයි කාන්තන්ගේ නීතිඥවරු උසාවියට දැන්වුහ.
ඒ අනුව එම නියෝග ඉවත් කළ පෙරේරා විනිසුරුවරිය දෙසතියකින් උසාවියට බාර වන ලෙස එමිල් කාන්තන්ට දැන්වන්නැයි නිතිඥවරුනට සැළ කළාය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු කොටියා දෙසතියෙන් බාර වෙන්න හදයි
නන්දලාල් - ප්‍රංශය Tuesday, 02 February 2016 02:01 AM
දැන් ඉතින් ඔය ඉන්ටපෝල් සහය පතමින් නිකුත් කරනලද රතු නිවේදනය ආපසු කැඳවීමට ගත් තීරණයට පස්සේ මේ සැකකරු රටට නොපැමිණ සිටියොත් කුමක්ද වෙන්නේ? නීතිය ගැන නොදන්නා නිසයි මම මේ ප්‍රශ්නය අහන්නේ (නි)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 02 February 2016 02:06 AM
ඇවිල්ල බාර වෙනතුරු එහෙනම් අපි බලා ඉඳිමු නේද? කොටියා කැලේ මාරුකළත් පුල්ලි මාරු කරන්නේ නැහැ කියලා අපි අසා තිබෙනවා (නි)
ටිකිරි Monday, 01 February 2016 02:37 PM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අතුල Monday, 01 February 2016 11:01 AM
ජනාධිපති සමාව ලැබෙයිද බලමු. නැත්නම් අඩු සිරදඬුවමක්වත්? (නි)
මනෝජ් කොට්ටාරච්චි Monday, 01 February 2016 12:01 PM
බාර වෙන එක තමයි හොඳම වැඩේ. (ර)
ඉමල්ක් Monday, 01 February 2016 12:15 PM
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි... (ර)
ඇසළ Monday, 01 February 2016 01:13 PM
සහජීවනේ එකයි. රිමාන්ඩ් කරොත් දේශපාලන සිරකරුවන් ගොඩට එක්වෙයි. (ර)
ඉන්දික Monday, 01 February 2016 09:08 AM
මාර සැලකිල්ලක්නේ කොටියන්ට දැන් තියෙන්නේ!! (බ)
රුවන් Monday, 01 February 2016 09:21 AM
මේ වෙලාව ගැනීමේ අවශ්‍යතාවයක් බවයි අපිටනම් පෙන්නේ. (බ)