කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන් ඇතුළු එම සංවිධානයේ හිටපු සාමාජිකයින් නම දෙනකු ලබන 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා තරඟ කරන බව ‘‘ ඉන්දියන් එක්ස්ප‍්‍රස් ’’ පුවත්සේවය ඉරිදා (03) වාර්තා කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්ති පක්ෂය යනුවෙන් පිහිටවු නව සන්ධානය යටතේ යාපනය හා කිලිනොච්චි දිස්ත‍්‍රික්ක සඳහා මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයින් තරඟ වදින බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ප‍්‍රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන්ට අමතරව රාසයියා තර්මකුලසිංහම්, කාලිකුට්ටි සුබ‍්‍රමනියම්, කුමරවේලූ අකිලන්, තංගරාසා දේවදාසන් , විනයාගසුන්දරම් මෝහනසුන්දරම්, වීරන් ශක්තිවේල්, සිවගුරු මුරුගදාස්, නඩේසපිල්ලෙයි විධ්‍යාදරන් යන පිරිස මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරඟ වඳින අපේක්ෂකයින් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පසුගිය රජයෙන් පුනරුත්තාපනය කළ කොටිද? (නි)
මහින්ද මැති තුමනි පරිස්සමෙන්. (නදී)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මහින්ද මහත්තයට මල් තියලා වැදපල්ලා (නදී)
කොටියා, කොටියම තමයි. ඔයා පස්සට ගියේ ලොකු පිම්මකට. (නදී)
අපි තව තවත් දේශපාලන වශයෙන් බෙදී මරාගනිමු. (නි)
වැරදි මාර්ගයක ගිය පුද්ගලයින් තමන් කළ වැරදි තේරුම් ගෙන පුනරත්ථාපනය වී මුළු ලොවම පිළිගත් ප්‍රජතන්ත්‍රවාදී ගමන් මඟකට යොමු වීම හොඳ ලක්ෂණයක්.(ම)
ඔව් ඔව්, පිල්ලෙයාන් , රවී බාලන් හිටපු කොටි තමයි. (නදී)