‘‘ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමිණ රුපියල් කෝටි 25 දෙන්න හැදුවා. අපාසු එන්න කීවා. මා එම ආරාධනය පිළිගත්තේ නැහැ‘යි හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ පක්ෂ කාර්යලයේදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකව සිටි ගුණවර්ධන මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතා සමග ඉවත්විය.
ශ්‍රී ලනිපය හැර යාමෙන් පසු ඔහු කන්තලේට ආ ප්‍රථම අවස්ථාව මෙයයි.
රථ පෙරහරකින් කන්තලේට ආ ඔහු පිළිගැනීමට මඟ දෙපස විශාල පිරිසක් එක්ව සිටියහ.
යන්ත්‍ර සූත්‍ර යොදාගෙන නැගෙනහිර පළාතේ නිධන් හෑරු දේශපාලනාඥයෙක් සිටිනවා. අග්නිදිග ආසියාවේ ලොකුම කෝටිපතියත් ලංකාවේ. ලංකාවේ ලොකුම කෝටිපතියාත් ආණ්ඩුවේ. මේ කරුණු එදා හෙළිදරවු නොකළේ එය තනියම කළ හොකැකි නිසායි. ඊට අවසථාවක් එන තුරු බලා සිටියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ සල්ලි නැත්තේ?බලන්නකෝ ඉස්සර බැංකු වල ගෙවපු 18% පොලිය මේ වෙනකොට කීයද කියල.මේ බැංකු පොලිය අඩු කිරීම නිසා අවසාන කාලය ජීවත් වෙන්න කියල බැංකු වල සල්ලි දාපු විශ්‍රාමික,විදෙස රටවල දුක් විදින අපි වැනි අසරණයන් නන්නත්තාරම වෙලා තියෙන්නේ. (ස)
මේ වගේ කුට්ටි දෙන්න තමා 10% කොමිස් ගැහැව්වේ. (ස)
අපිට එදා වෙලා කන්න නැති වුනාට ,කෝටි 25 ක් කියන්නේ කට්ටියකට "කජු අැට,කොස් අැට " කියල දැන්වත් තේරුම් ගන්න. (ස)
නම දන්නෙත් පැන්නට පස්සේ, මෙච්චර ගානක් දෙන්න නම් පිස්සෙක් වෙන්න ඕන! (ස)
මේ ඇමතිතුමා කොටි ගානක් වටිනවද බොරු කියන්න එපා (දී)
දැන් ඉතිරි වෙලා ඉන්න අයත් ඉන්නේ නිකන් නොවෙයි කොටි ප්‍රකෝටි ඉදිරියේ දණ ගහගෙනයි.පේන්නේ නැද්ද සමාජවාදය ගැන කතා කරන අයගේ හැටි (දිල්)
සාක්ෂි ඇතිව පගා දෙන්න කැමති කට්ටිය ඉන්නවද ? (හේ)
හැමෝම තමන්ම තමන්ට වටිනාකම් නියම කරගෙන. මේ ලන්සු දාන කෙනා මේ ලෝකයේ කෙනෙක් නම් වෙන්න බැහැ (නි)
ඒකාධිපතියෙකුට කඩේ යන සමාජවාදියෝ ඉන්නේ මොන රටේද? ඒ මොනවා වෙනුවෙන්ද? (ස)
ඉස්සර ස්රෙප්පු දෙකකවත් නැහැ කියපු අය ගැන බලන්නකෝ.පිස්සු හැදෙනවා.නමුත් මහජන මුදල් කනවා කියන්නේ "වහ කනවා" කියල දවසක තේරුම් ගනීවි.(ස)
@ බන්දු... මේකනේ හේතුව .. මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට කෝටි 25 ක් නෙමෙයි 250 ක් දුන්නත් ඒ දෙන අයට පාඩුවක් වෙන්නේ නෑ.. මොකද ඒ අයගේ මුදල් නෙමෙයි දෙන්නේ .. ජනතාවගෙන් බදු විදියට යන මුදල් තමයි දෙන්නේ .. එහෙම දීල ඒ අයව තියාගත්තම මුදල් දීපු අයට තව ගොඩක් කල් දුන්න වගේ 100 ගුණයක් නිකම්ම හොයන්න පුළුවන් .. ඒ සඳහා මේ අයව ඕන කරන්නේ අපි එකඟයි කියල කියන දෙයකට අත උස්සවගන්නයි ..(දී)
"දේශපාලකයෝ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ‘‘....(හේ)
අහු වෙන්නම දේවි, ගනීවි පගාව ! සාක්කි ඉල්ලන කට්ටිය මේ දැන් වෙන්න ඇති ලංකාවේ ඉපදෙන්න ඇත්තේ. (ම)
වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න (දී)
දෙපැත්තටම පැනිලි සල්ලි වලට තමා. (දී)
මේක මොකද්ද නිව්ටන් මහත්තයෝ තව කෙනෙක් කිවිවේ තමන් මිලියන 600ක් වටිනවා කියලා (දිල්)
අසා ඇති නේ දෙනවා නම්. (දී)
මේ තරම් සල්ලි තියෙනවානම් නැති බැරි මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නකෝ (දී)
ඔබ කල ක්‍රියාව සත් ක්‍රියාවක් (දී)
මෙයාටත් වටිනාකමක් තියෙනවා කියල පෙන්නන්නයි මෙයාට ඕන වුනේ. නමුත් ගාන වැරදුනා. (නදී)
අපිව දැන් උඩු යටිකුරුවෙලා ඉන්නේ. පුදුම දේශපාලන සංස්කෘතියක් තිබෙන පුදුම රටක්. හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉස්සරහට (නි)
සල්ලි මත දුවන දේශපාලනයක් දැන් තියෙන්නේ. හම්බ කරන්න හොඳම රස්සාව මේක. සුදුසුකම් ඕනෑත් නැහැනේ.කොහොමත් පාර්ලිමේන්තුවට යවා ඇති කට්ටිය හා ඔවුන් කරන වැඩ වලින් පේනවා ඒක.එයාලාව තෝරා යවලා පස්සේ කෑගහන්නෙත් දුක්වෙන්නෙත් ජනතාවම තමා. මෙදා පාරවත් කෑමට බීමට උඩින් ඔපේට නැතුව හරි දේ තේරුම් ගන්න ලැබේවා!!!!! (නි)
ඇමති කෙනෙකුටම මිලියන 100 ලු නේද? එහෙනම් උප ඇමති කෙනෙකුට ඊටවැඩිය දෙනවා ඇති නේද? මේවා ඡන්ද කාලෙට එළියට පනින එක එක කතා වෙන්නත් පුළුවන් (නි)
අපරාදේ ගන්නනේ තිබුණේ (නි)
අනේ අනේ අපි නොදන්නවා නොවෙයි නොකියා හිටියට (නි)
පක්ෂ පාට මොනවා වුණත් ජනතාව දැනගතයුතුයි මේ අයට මොන විදිහටද සළකන්න ඕනෑ කියලා (නි)
මටත් කෙනෙක් ශත 25ක් දෙන්න හැදුවා, ගත්තේ නැහැ. මොකද වැඩක් නැති නිසා. (නි)
මේ දානපතියා කවුද? (නි)
අනේ මනුස්සකමකට ගිය කලක්! එන ආත්මයේවත් මේ ආත්මයේ බැරිවුණොත් පොළියත් එක්කම ගෙවන්නකෝ (නි)
කවුරු නැහැ කියුවත් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා මිනිස්සු දන්නවා (දී)
එයා එච්චර වටිනවද? (නි)
සමන්ජය, බුද්ධිය තිබෙන අය දේශපාලනය දණහිසෙන් ඉහලට ගන්නේ නැත. (ර)
නම කිව්වා නම් අපි විශ්වාස කරනවා (නි)
දේශපාලකයෝ කියන ඒවා ඒ හැටියටම පිළිනොගන ඔබේ බුද්ධියෙන් ටිකක් හිතලා නිගමනයකට එන්න. ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් කෝටි 25ක්, කෝටි 50ක් දෙන්න හැදුව කියලා. එ් වුනාට එයාලගේ එච්චර වටිනාකමක් තියනවද කියලා හිතලා බලන්න.(හේ)
රටේ සල්ලි කෝටි ගණන් බෙදන්නේ කජු ඇට කොස් ඇට බෙදනවා වගේ හිතලා. බලන්න කොතරම් මුදල් කන්දරාවක් ලන්සුව තියනවද කියලා. තව කී දෙනෙකුට දීලා ඇද්ද? රටේ අහිංසක ජනතාවට ලැබෙන්න තිබෙන මුදල් නේද මේ? (නි)
මේකට වහාම කොමිසමක් පත්කරන්න වෙයි වගේ (නි)
මෙච්චර සල්ලි දීලත් ගන්නේ නැත්තේ මීටත් වඩා හම්බ කරන්න පුලුවන් ඇති (නි)
තිලක් ඩුබායි, බැංකු පොලිය අඩුකලාම ණය ගත්ත අයටත් සහනයක් ලැබෙනවා කියල දන්නේ නැද්ද ? ගෙවල් දොරවල් හදන්න බැංකුවලින් ණය අරගෙන පිටරට ගිය කට්ටිය ගැන හිතෙන්නේ නැද්ද ?(නදී)
කෝටි 25ක්? එච්චර වටිනවද? (නි)
අල්ලස වැරදියි (දී)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)
අපිව නම් රවටන්න ලැබෙන්නේ නැහැ (නි)
මනුස්සයෙක් කෝටි 25ක් වටිනවද? (නි)
මේ මොනවා නැතත් ඇත්ත අපි දන්නවා. අපිට බොරු කරන්න බැහැ (නි)
හීනයකින් හෝ කෝටි 25ක් ලැබීම මොනතරම් පිනක්ද? (නි)
සඳුනි , සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න මෙතන ගිවිසුම් ගහලා නැහැනේ. හිටිගමන් නිවසට ආවා, මේක ඇහුවා. රෙකෝඩ් කරන්න හිටිගමන් ආවාම හැකියාව අඩුයි. මේ රටේ වැරදි දේවල් සාක්ෂි ඉතිරි කරලද මිනිස්සු කරන්නේ. අද ලංකාවේ අනේකවිධ වැරදි වෙනවා. හරි ලස්සනට. කෝ සාක්ෂි? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නි)
බුද්ද සාසන නි. ඇමති මුසාවාද කියනවාද ? (නදී)
මේ රටේ කණු පුරා කටවුට් ගහන්නේ මේ අපේම සල්ලි වලින් නේද? (නි)
මුදල මදිවුණාවද්ද දන්නෙ නැහැ නේද? (නි)
රුපියල් විසිපහක් තරම්වත් වටින්නේ නැද්ද? (නි)
මේ සල්ලි කොහෙන් ආ ඒවාද? (නි)
අපි කොච්චර වටිනවාද දන්නෙ නැහැ නේද? හිතාගන්නවත් බැහැ (නි)
සල්ලි වලට මොනවද කරන්න බැරි (දී)
බොහොම ඉස්සර කාලෙක,එකෝමත් එක රටක, එකෝමත් එක පුද්ගලයෙක් හිටියා. ඒවුණත් "ඔන්න ඔහේ හිටපුදෙන්" කියලා තමයි අපිට කියන්න වෙන්නේ (නි)
ඇවිල්ලා මාසයක් ගියට පස්සෙනේ කියන්නේ. මේක බෝවන රෝගයක් වගේ වෙලා දැන් (නි)
අද දේශපාලනයත් ව්‍යාපාරයක් වගේ වෙලා (නි)
මට හිතෙන්නේ ගරු මන්ත්‍රීතුමාට ඇහිලා තියෙන්නේ වැරදියට වෙන්න ඇති මේ ගණන. (නි)
අල්ලස් දීමත් ගැනීමත් බරපතල වැරදි බව මේ අය දැන දැනත් කියව කියවා ඉන්නේ නැතුව නීති මාර්ගයකට ගියා නම් වැරදි කළ අයට දඬුවම් දෙන්න තිබුආනේ. (නි)
අග්නිදිග අාසියාවෙ ලොකුම පොහොසතා අපි දන්නා විදියට නම් හොංකොං වල ලී කා ෂිං. කොහොමටත් අද කාලෙ ඔය වගේ ගාණකට බැහැ කිව්වා කියන එක හිතාගන්න බැහැ. ඒක මදි කිව්වා නම් ටිකක් තේරුම් ගන්න තිබුණා. (නි)
එක් කෙනෙකුට ඇයි මෙච්චර සල්ලි ගොඩක්? (නි)
බුදු අම්මෝ මේ තරම් මුදලක් (දී)
ඔබට මම හැමදාමත් ගරුකළා. ඔබ ගත් තීරණයට හා හෙළිකළ කරුණු වලට අපේ ගෞරවය! (නි)
අනේ! ඔයා හරියන්නේ එයාලටම තමා. මට නම් ලොකු දෙයක් ඔයා ගිය එක (නි)
මම මේ ඔලුව කසමින් කල්පනා කරන්නේ මේ කාගේ සල්ලිද කියලා. (නි)
දැන් අපිට මේ කතා අහලා අහලා එපාවෙලා (නි)
අනිවාර්යෙන්ම.මේ පැමිනිල තිබෙන්නේ නියම අවස්තාවක්.(දී)
මේ තරම් මුදලක් දෙන්න මේ කාගේ සල්ලිද (දී)
මේවා හොඳ වැඩද මහත්තයෝ
අම්මෝ! මෙච්චර ගාණක් කවුද එපා කියන්නේ? (නි)
මේවාට විරුද්දව කවුරුත් කතා කරන්නේ නැද්ද (දී)
මටත් රුපියල් කෝටි 250 දෙන්න හැදුවා මම එපා කිව්ව...ඕව ගණන් කරන්න වෙලා නැ (දී)
මම මේ කියන්නේ ඇත්තමයි. මීට දින කිහිපයකට කලින් එක්තරා ප්‍රබල දේශපාලකයෙක් මටත් එතුමාගේ පක්ෂයට එන්න කියලා කෝටි දෙකක මුදලක් දෙන්න හැදුවා. මම ඒක ගන්න හදනකොටම මාව ඇඳ පල්ලට වැටුණා. අපොයි දෙයියනේ බැලුවාම හීනයක්. කමක්නැහැ, හීනෙන් හරි කෝටි දෙකක් දකින්න ලැබුනානේ. (නි)
එක දවසට ලක්ෂ දෙක තුන රාත්‍රී සමාජ ශාලාවලට, ගණිකාවන්ට, මත්පැන් වලට, තරුපහේ හෝටල් වලට බිල්ගෙවන මන්ත්‍රී ඇමති දූ දරුවන් ඉන්නවා කියලා අහලා තියෙනවද? තරුපහේ හෝටල් වල බිලක් බලන්න. (නි)
මේ තරම් විලි ලැජ්ජා නැති තැනකට අවිල්ලාද ලංකාව (දී)
කෝටි 25 මොන කජ්ජක්ද අපේ දේශපාලකයන්ට? (නි)
අල්ලස් දීමත් දීමට තැත් කිරීමත් වරදක් ඔබ තුමා නිසි පියවර ගන්න (දී)
මේවා බොරු වෙන්න බැහැ (දී)
මෙතුමා ගොඩක් වටිනා කෙනෙක් වගේ. (නි)
අපි පවු නේද (දී)
මේ රටේ දැන් තියෙන්නේ ප්‍රජා නොවෙයි, "පගාතන්ත්‍රවාදයක්"! (නි)
ඔබ ගත් තීරණය හරි (දී)
කියන බොරුව උනත් හරියට කියන්න. දේශපාලකයෝ දේශපාලකයෝ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ කොහේ හරි හිලක්. ඇයි නම කියන්න බැරි මේ මිනිහ තමයි මට අල්ලස් දෙන්න හැදුවේ කියල. (දී)
නියම රටට ආදරයක් තියන ගරුත්වයක් හිමි දේශපාලකයෝ (දී)
මේ ප්‍රකාශයත් විමසුමට ලක්වෙයි. මෙහෙම සල්ලි තියෙනවාද ? ඒ වගේම ඒ තරම් මුදලක් දෙන්න වටිනාකමක් තියෙනවද.? (දී)
ඇට නැති දිව මොන පැත්තට නවන්න බැරිද කිවුවලු (නි)
සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා මම රහස් පොලිසියෙන් ඉල්ලා සිටිනවා.ගිය අය කියන කතා තමයි ඕවා. කිසිම පදනමක් නැති කතා. මේ අය මෙච්චර වටිනවද? ඕවට පිළිතුරු ලැබෙන්නේ ඡන්දයෙන් නම් නෙමෙයි (නි)
අපි නොකා නොබී ගෙවන බදු මුදල් මේ....... මේවා වැරදි විදිහට, වැරදි දේවල් වලට යොදා ගන්නා සෑම දෙනාටම උප නුපන් සෑම ආත්මයකදීම නිරයේම ඉපදීමට හේතු වාසනා වේවා (දී)
අඩුකළ ඉන්ධන මිල ගණන් ගැන එහෙම ආරංචියක් නැද්ද තවම? අපිට ඒවා කෝටි 25කට වැඩිය වටිනවා (නි)
මේ පිනට දෙන්නේ කාගේ සල්ලිද (දී)
සල්ලි වලට පැති මාරුකරන හැටි පුරුදු කළේ කවුද කියලා දන්නවා නේද? (නි)
අනේ මොකද මේ වෙන්නේ (නදී)
මෙහෙම තමයි හැම පැනපු කෙනාම කිව්වෙ. ඒකෙන් එයා කරන්නෙ තමුන් මෙච්චර වටින බව ලෝකයට පෙන්වන්න හදන එක නේද? (නි)
මෙයා මෙච්චරටම වටිනවද? (දී)
දැන් එතකොට අර එක්කෙනෙක්ව මිලියන 600 කට ගන්න ගියා කියන කතාව බොරුද? සඳුනි, පුළුවන් නම් කට ඇරලා එතන සාක්කියත් පෙන්වන්න කියන්නකෝ. (නි)
මගේ රත්තරන්ට මට එයා කෝටි 25 වටිනවා කියලත් එයා මට බැහැ කිවුවා (නි)
ඇමතිතුමාට ඕනෑදෙයක් කියන්නත් අදහස් දාන අයට එයාලට කැමති අදහසක් දාන්නත් නිදහසත් තියෙනවා. නමුත් සදුනි කියනවා වගේ සාක්ෂි සාධක ඇතුව ප්‍රකාශ කිරීම වටිනවා.අල්ලස් දීම වරදක් බැවින් පහසුවෙන් අල්ලා දෙන්න තිබුනනේ. (නි)
දැන්ද එයාලට මතක්වෙලා තියෙන්නේ මේවා ජනතාවට හෙළිකරන්න? (නි)
මොකද ඇමතිතුමෝ එක්තරා දේශපාලකයෙක්, එක්තරා සභාපතිවරයෙක් කියන්නේ? ඕක ඇත්ත නම් කෙලින්ම නම කියලා හෙළි කරන්නකෝ. හැබැයි ශාක්ෂිත් එක්ක. (නදී)
මම නම් නම දැනගත්තේ පැන්නට පස්සේ. කෝටි 25 ක් වටිනවද එතුමාව? එක එක්කෙනා ගණන් වැඩි කර කර කියනවා වගේ. මේවා මේ ඇත්තමද? නැත්නම් මේ අපිට සේවය කරන්න තියෙන ආදරේට මේවා එපා කිවුවා කියලා පෙන්වන්න හදනවද? (නි)
කියන්නා කෙසේ කිවත්, අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුවේ. (නදී)
කවුද අප්පේ මේ සල්ලිකාරයා? (නි)
කෝටි 25 ක් දීල ගන්න මොඩයා කව්ද ? (නදී)
දැන් ඔහොම කිව්වට මෙච්චර ගාණක් දෙන්න නැතුව ඇති.දුන්නා නම් මේ වෙන කොට ඕක අරං.(හේ)
වෙලාවේ හැටියට සල්ලි ප්‍රශ්නයක් නෙවේ. බලය රැක ගන්න, බලයේ සදා රැදෙන්න ඕන වියදමක් දරන්න පසු බට වෙන්නේ නැහැනේ. (නදී)
මෙවැනි ගනු දෙනු සාක්කි ඉතිරි කරමින් කරන්න කවුද ලැස්ති ? ලොකුවට සාක්කි ඉදිරිපත් කරන්න කිව්වට පගාව දෙන්නේ සල්ලි විතරක් නෙවෙයි , තනතුරු , යාන වාහන ගෙවල් දොරවල් විතරක් නෙවෙයි පරණ ණය පියවීම් පවා. මේවා සිද්ධ නොවුනානම් කිසිම දේශපාලනයට එනවිට , ආදායමක් ලැබෙන වෘත්තීය සුදුසුකමක් තමන්ට වත් බැඳපු කෙනාටවත් නැති , පරම්පරාගත දේපලක්වත් නැති උදවිය සමහරු අද ලක්ෂේට කොඩිය දාල ඉන්නේ කොහොමද ? (ෆහ්)
කෝටි 25ක් මේ කාගේ සල්ලිද?(හේ)
පුදුමයි ගත්තේ නැතුවා.(හේ)
අනේ මන්ද (දී)
සත්‍යපාල මහත්තය ආයේ බොරැල්ල පැත්තෙන් ගෙදර ගියේ නද්ද? බලාගෙන ඔබ තුමාටත් කට්ටිය අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කියල එන්න කියාවි..කොහේටවත් නෙමෙයි.බොරැල්ල කනත්තට..යන්නනම් එපා කොච්චර දෙනවා කිව්වත්..අපිට ඔබ තුමාව ඕන තව දුරටත් ...ටිකිරි බණ්ඩා ,ඩුබායි තිලක් සත්‍යපාල නැති එසැන පුවත් මොකටද..? ජනධිපතිතුමාගේ තෙවන පාලන සමයේදීත් එසැන පුවත් රසවත් කරන්න ඔයාල ඉන්න ඕන. (ස)