ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය ගැන හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ලංගම හිටපු සභාපතිවරුන් වන එම්.ඩී.බන්දුසේන හා ශෂී දිලුම් වෙල්ගමගේ ප්‍රකාශ ලබාගත් බව මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්සීඅයිඩී) අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.කේ.ආරියරත්නගෙන් මීට පෙර ලබාගත් ප්‍රකාශයක් අනුව 2011-12-9 සිට 11 දක්වා කාලයේ හිටපු ඇමැති හා ලංගම සභාපතිවරුන් ඉන්දියාවේ කළ සංචාරයක ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවූ බව කියන බස් රථ අමතර කොටස් ගෙන්වූ ඉන්දීය ‘නිම්බස්‘ සමාගමේ අධ්‍යක්ෂවරයකු වන විජය කපූර් එම ගෙවීම් කළ ක්‍රෙඩිට් කාඩ් පතේ ගිණුම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා එෆ්සීඅයිඩියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං සවාරියක් නම් ඉතින් ආණ්ඩුවට ලාබ ඇතිනේ... (නි)
පිං සවාරි කිවුවට අන්තිමට බලන් යනකොට, මේ ගමන් ගියේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් වෙන්නත් පුළුවන් ....(ම)
යහපාලන ආණ්ඩුවෙන් තවත් පැරණි රසාංගයක්ද? (නි)