සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් ලබාගෙන පොල් සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වලින් එය වැඩි දියුණු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට අද (14) කැඳවා තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට පැමිණිමට නොහැකි බව ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු! ආණ්ඩුවේ ගානේ පිට රට ඇරලා ප්‍රතිකාර කොරන්න. මැඩම්ගේ වාට්ටුවෙන් හරි කමක් නැහැ! (බ)
අපේ වර්තමාන සහ හිටපු සමහර දේශපාලකයන් මේ විදිහට ලෙඩ වෙන්න ගත්තාම සාමාන්‍ය ලෙඩුන්ට යන්න රෝහලුත් බෙහෙත් ගන්න දොස්තරලාත් ඉන්දියාවෙන් ගෙන්වන්න වේවි. (ම)
පුදුම දේවල්නේ මෙයාලා කරලා තියෙන්නේ? රජයේ ඉඩම් විකුණන්න නිකන් පුලුවන්ද? ඒ සඳහා යෝජනා කර ඇත්තේ කවුද? අනුමැතිය දෙන්නේ කවුද? අමාත්‍යංශ මුදල් පෞද්ගලිකව යොදන්න අනුමත කළේ කවුද? මීටකලින් මේවා ආයතන හෝ රජයේ විගණනයන්ට හසුනොවුණේ ඇයි? වගකිවයුතු අය කවුද? (නි)
බලේ ඉන්න කොට කොලේ වහල ගහන ඒවා බලේ නැති දාට එළියට එනවා.පව් ඇත්තටම අසනීප ඇති. (ම)
පපුවේ අමාරුවක්වත් හැදෙන්න ඇති.(හේ)
දිල්කි කලබල වෙන්න එපා (බ)
සංජීවට වැරදුනා නේද? අමාරුවක් හැදෙන්න පපුවක් තියෙන්න එපැයි (බ)
සමහර අය අධිකරණයට, කොමිසමකට වගේ තැනකට යන්න තියෙන දවසට ලෙඩ වෙනවා, අසනීප වෙනවා. (ර)
පින් පවු එනවා ඔබ පසුපස්සේ. (නි)