IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ඇමැතිගෙ සිංහල පාඩම

20160310-ent-134දැන උගත්කම ගැන ප්‍රසිද්ධ ගිය ආණ්ඩුවෙ හිටපු ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය දවසක ආරක්ෂක අංසෙ කන්තෝරැවකට කැඳෙව්ව... ඒ ගිය ආණ්ඩු කාලෙ කරපු සමහර වැඩ ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කරන්න...

ඉතින් මේ දැන උගත් හිටපු ඇමැතිතුමා ආවෙ රටේ නමගිය ජනාධිපති නීතිඥතුමෙකුත් එක්කලු.. ඉතින් මේ දෙන්න සැලකිලිමත්ව පිළිගත්ත ප්‍රශ්න කිරිම් භාර තරැණ නිලධාරි මහත්තය මුලින්ම හිටපු ඇමැතිගෙ නම අහල රස්සාව ඇහුව... ඊට පස්සෙ උන්නැහේ ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගෙ වෘත්තිය හා ඒකට අදාළ සුදුසුකම් විස්තර කළා. අනේ උන්නැහේ මේ විස්තරේ කළත් අර තරැණ නිලධාරි මහත්තය පෑන කටේ ගහන් බලන් හිටිය මිසක් වචනයක්වත් ලියාගත්තෙ නැහැ... ඊළඟට හිටපු ඇමැති පුදුමෙන් වගේ ඇහුව ඔබේ ප්‍රශ්නයටයි මම උත්තර දුන්නෙ ඇයි ලියන්නෙ නැත්තෙ කියල.

"අනේ සර් මම ඔය උපාධි අරව මේව ගැන දන්නෙත් නැහැ. ඉංග්‍රීසිත් අමාරැයි සර්ට සිංහලෙන් කියන්න පුළුවන්ද?" නිලධාරිතුමා ටිකක් අප්සෙට් එකේ කිව්ව.


ඊට පස්සෙ හිටපු ඇමැතිතුමා හොඳයි සිංහලෙන් කතාව කියල ප්‍රශ්නවලටත් උත්තර දුන්න ඊළඟට ලියාපු කටඋත්තරේට අස්සන් කරන්න කියල හිටපු ඇමැති අතට දුන්න නීති විශාරද භාෂා විශාරද මේ ඇමැතිතුමා කටඋත්තරේ කියවල මෙහෙම කිව්ව...  "මහත්මය මේකෙ භාෂාව සහමුලින් වැරදී... ඉස්පිලි පාපිලි කොම්බු අකුරැ ණනලළ සේරම වැරදි. මේවා මෙහෙම වැරදුණාම ඔයා ලියල තියෙන්නෙ මම කිව්වදේට වඩා වෙනස් දෙයක් කියල පේනව... ඒක නිසා මට මේකට අස්සන් කරන්න නම් බැහැ. කොම්බුවක පාපිල්ලක තිතක වරදින් විශාල නීතිමය වැරදි වෙන බව මුන්නැහේ දන්නවද? හිටපු ඇමැතිතුමා කාරැණිකව ප්‍රශ්න කළා.

 


"අනේ සර් මේක මගේ රස්සාව. සර්ම එහෙනම් මේක ව්‍යාකරණ හදල දෙනවද?" නිලධාරිතුමා ආයෙම ඇහුව... ඒ ගමන පැය ගණනක් අරන් හිටපු ඇමැති කටඋත්තරේ භාෂාවත් ව්‍යාකරණත් හැදුව. හදල අත්සන් කරනකොට කට්ටියම බඩගින්නෙ දවසක් ගෙවල ඉවරලු.

 



අදහස් (0)

හිටපු ඇමැතිගෙ සිංහල පාඩම

පීරිස් Wednesday, 03 February 2016 01:38 AM

පොතේ දැනුම තිබුණට ප්‍රායෝගිකව කිසිම වැඩක් කරන්න බැරි නම් වැඩක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site