රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (9) පස්වරුවේ දිවුරුම් දුන්හ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරු හයදෙනෙක් නව රජයේ පහළ පදවි බාර ගත්හ.
ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්.ෆවුසි, ප්‍රියංකර ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්වධන හා ටී.බී. ඒකනායක රාජ්‍ය ඇමැතිවරු ලෙස ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය ඇමැතිවරියක ලෙස ද පත් කරනු ලැබ සිටිති.
රාජ්‍ය ඇමැතිවරු
ටී.බී.ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමැති
ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - මුදල් රාජ්‍ය ඇමැති
ඩිලාන් පෙරේරා - මහාමාර්ග රාජ්‍ය ඇමැති
රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තිය සමිති රාජ්‍ය ඇමැති
ඒ.එච්.එම්.පවුසි - ජාතික ඒකාබද්ධතා රාජ්‍ය ඇමැති
දිලිප් වෙදආරච්චි - ධීවර රාජ්‍ය ඇමැති
නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය ඇමැති
පාලිත රංගේ බණ්ඩාර - වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති
රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමැති
මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමැති
චම්පික ප්‍රේමදාස - කර්මාන්ත රාජ්‍ය ඇමැති
වී.රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය ඇමැති
ඒ.එල්.එම්.හිස්බුල්ලා - පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති
ඩබ්ලිව්.මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය ඇමැති
සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳාම් රාජ්‍ය ඇමැති
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - ජලසම්පාදන රාජ්‍ය ඇමැති
වසන්ත සේනානායක - වාරිමාර්ග රාජ්‍ය ඇමැති
වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති
අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු
සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති
සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති
අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති
ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති
ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති
දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති
නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති
දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති
අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති
හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති
රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති
අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති
අරුන්දික ප්‍රනාන්දු - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති
එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති
තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති
කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති
නිමල් ලංසා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
අද දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි නියොජ්‍ය ඇමැතිවරු
සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
අනුරාධ ජයරත්න - මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති
එස්.දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය ඇමැති












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙන්නකෝන්,ඔයාට පිස්සුද? ජම්බෝ කැබිනට් එක නිසා රටම ඉන්නේ වික්ෂිප්ත වෙලා. ඔයා තව වැඩිකරන්න කියනවා. මොකද ඔයාට සල්ලි උතුරනවද? එහෙනම් කෑමත් නැති පවුල් ලක්ෂ ගානක් ඉන්නවා . ඒ අයට පිහිට වෙන්න. (නි)
මදැයි අපි ඔක්කොම රටවැසියෝ මේ අයගෙනුත් ඉල්ලන් කෑවානේ. කෝ බුද්ධික පතිරණ මහත්තයා? (නි)
බුද්දික පතිරණ සියබලාපිටිය ගෙනාවේම නැද්ද ? (ම)
අපේ මනාපයට ලැබුණු වටිනාකම ගැන මට ඇත්තේ දුකකි (නි)
මට නම් ඇත්තටම ලොකු කළකිරීමක් තිබෙන්නේ (නි)
මේ අය අතරත් චෝදනා ලබපු අය ඉන්නවා නේද? අපිට හරිම දුකයි (නි)
හැමෝම බුද්ධිමත්ව සිතියයුතු කාලය දැන් එළඹ ඇත (නි)
කියනවා විතරනේ. කරනකොට වෙනස්නේ... (නි)
බුද්ධික පතිරණ ? (අ)
දැන් බැලුවම් හැමෝම එකයි (අ)
මෛත්‍රී මහත්තයත් රනිල් මහත්තයත් මෛත්‍රී පාලනයක් පොරොන්දු පත්‍රයේ පොරොන්දු වෙච්ච විදිහට ඇමති මණ්ඩලය 20ත අඩු කරන්න. එවිට නැති වූ ජනතා විශ්වාසය යලි ස්ථාපිත වනු ඇත. (අ)
මේවා ගෙවන්නෙ අපේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකෙන් (අ)
අනේ මන්ද අපේ සල්ලි නේද ? (අ)
පැරදුනේ මිනිස්සු (අ)
මේ විදියට ඇමති කම් සහ රාජ්‍ය සහ නියෝජිත ඇමති කම් දුන්නොත් වැඩිකල් නොගොස් මහින්ද රාජපක්ෂට වෙච්ච දේම වේවි. එබැවින් කල්පනාවෙන් වැඩ කළොත් බොහෝ කාලයක් රජය පවත්වාගත හැකිවේවි. (අ)
'ලිබර්ට් ප්ලාසා" එකටත් ඉඩම් කැල්ලක් වෙන්කරලා දෙන්ඩ හැකිවේවි .(අ)
ආයේ නම් එක්සත් ජාතික පක්ෂයට එකට චන්දෙ දෙන නෑ මොකද මුතුහෙට්ටගමටත් ඇමති කමක් දුන්නනම් ඇයි බුද්දික පතිරණට දුන්නේ නැත්තේ (අ)
මර්වින් ට සජිත් වාස් ට ඇමතිකමක් නැද්ද? (ම)
සමහර තනතුරු ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ (නි)
අපි බලාපොරොත්තු වුණේ මේ වගේ වෙනසක් නම් නෙමෙයි මහත්තයෝ (නි)
මම හිතුවා අර පොලිසියට ගල්ගහලා මරනවා කිවුව අයටත් මොකක්හරි දෙයි කියලා. හරිම අසාධාරණයි. මේකද යහපාලනය? (නි)
මට නම් මේ ඇමති මඬුල්ල දැක්කහම පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
තිබුන ආණ්ඩුවේ සහ මේ ආණ්ඩුවේ වෙනස මොකද්ද කියලා මට කවුරුහරි කියා දෙනවද? (නි)
කලින් නොයෙක් නොයෙක් චෝදනා තිබුණු හැමෝම දැන් ඇමතිවරු. එතකොට දැන් අපිද වැරදිකාරයෝ? (නි)
බුද්දික පතිරණ කෝ හරි කැතැ යි (අ)
අද මේ මෙගා ඇමති මණ්ඩලය හින්දා රටම ඉන්නේ කළකිරීමෙන් (නි)
බුද්ධික පතිරණ මහත්තයා ගැන අපි ලොකු බලාපොරොත්තුවකින් හිටියේ (නි)