හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසුවිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිත ලෙස කටයුතු කළ ඒ මහතා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇතැයි පවුලේ ඥාතීහු කියති. 1949 ජනවාරි 5 වැනිදා උපත ලද රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
1994 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2001 සිට 2004 වසර දක්වා පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් මළාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ වැරදි කතා කරන්නේ නැහැනේ , ඔබටත් නිවන් සුව පතනවා (බ)
ඉතාමත් ශෝකයට පත්වෙමි. ඉතමත් නිහතමානී පුත්ගලයෙකි රටට වැඩ දී පුත්ගලයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඉමහත් සේවාවක් ඉටුකළ මෙතුමාට නිවන් සුව පාර්ථනා කරමු. (ර)
පිටබැද්දර ජයා.. ඔබ හරි. දන්නෝ දනිති...කෙසේ වුවද නිවන් සුව ලැබේවා!! ප්‍රදේශයේ සෑම මළ ගෙදරකටම සහභාගී වූවෙක් (බ)
ඉතාමත් නිහතමානී,දේශපාලන පක්ෂ බේද නොතකා කටයුතු කළ ජනතා හිත වාදියෙක්. බියගම ජනතාවට විශාල සංවර්ධන කාර්යයන් රාශියක් ඉටු කරදුන් ඇමතිවරයෙක්. සංවර්ධන සභා මන්ත්‍රී ධුරයේ සිට පාර්ලිමේන්තු ඇමතිවරයෙක් දක්වා පැමිණි මානව හිතවාදියෙක්. ගම්පහ දිස්ත්‍රික්කයේම ජනතාව හොඳින් හදුනාගත් , දේශපාලනයෙන් හම්බ කර නොගත් අවංක දේශපාලකයෙක්.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (බ)