පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම විසින් සාක්කි විභාග කිරීම ආරම්භ කෙරිණි.
රජයේ මුදල් වියදම් කරමින් හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳගේ නමින් වැලිකන්ද ප‍්‍රදේශයෙන් ලබා ගත් අක්කර 45ක රජයේ ඉඩමක පොල් වගා කිරීම ඇතුළු සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් කොමිසම මෙලෙස සාක්කි විභාග කිරීම ආරම්භ කොට ඇත.
මෙම සිද්ධීන් වලට වගකිවයුතු අය ලෙස හිටපු පොල් කර්මාන්ත ඇමති මෙන්ම මෙම රජයේ ඌව පලාත් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යකෂවරයා වන ජගත් පුෂ්පකුමාර මහතා, ඔහුගේ බිරිද වන ජී.එන්.ටී.ඞී. ගුණරත්න මහත්මිය, ලූණුවිල පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යකෂ එච්.ඒ. ජයන්ත ගුණතිලක මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්ධුල අජිත් වේරගොඩ යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ජනපති කොමිසමට
ඩයස් Monday, 30 November 2015 04:27 AM
කරුණාකර අපක්ෂපාතිව පරිෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. මේ ජනතවගේ මුදල්. (ම)
ශ්‍රීලාල් Sunday, 29 November 2015 08:55 PM
කාටද දැන් ඔය ප්‍රශ්න නැත්තේ?? (නි)
දිනේෂ් Sunday, 29 November 2015 11:07 PM
ඉතින් මෙහෙම අයට ඇයි තාමත් අලුත් පදවි දෙන්නේ? (නි)
විකුම් Monday, 30 November 2015 12:53 AM
අපි නම් දන්නවා එයාලා ගැන (නි)
ගමගේ Monday, 30 November 2015 01:56 AM
චුදිතයෙකු වීම අපේ රටේ තනතුරු ලබාගැනීමට සුදුසුකමක් වගෙයි (නි)
පිටබැද්දර ජයා Monday, 30 November 2015 02:49 AM
තවම වැරදිකාරයෙක් වෙලා නැහැනේ. පරීක්ෂණ හමාර වුණාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. තවම පැමිණිල්ල විභාග කරනවා විතරයි (නි)
අහිංසා Monday, 30 November 2015 03:03 AM
වැඩියෙන්ම ලැජ්ජා නැත්තේ අපේ රටේ ගොඩක් මිනිසුන්ට (නි)
රාජුන් Friday, 20 July 2018 01:34 AM
මෙහි සඳහන්වන පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත ගුණතිලක මහතා ලඟදී මිය ගියා, කලක් අසනීපව සිට.