පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම විසින් සාක්කි විභාග කිරීම ආරම්භ කෙරිණි.
රජයේ මුදල් වියදම් කරමින් හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳගේ නමින් වැලිකන්ද ප‍්‍රදේශයෙන් ලබා ගත් අක්කර 45ක රජයේ ඉඩමක පොල් වගා කිරීම ඇතුළු සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් කොමිසම මෙලෙස සාක්කි විභාග කිරීම ආරම්භ කොට ඇත.
මෙම සිද්ධීන් වලට වගකිවයුතු අය ලෙස හිටපු පොල් කර්මාන්ත ඇමති මෙන්ම මෙම රජයේ ඌව පලාත් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යකෂවරයා වන ජගත් පුෂ්පකුමාර මහතා, ඔහුගේ බිරිද වන ජී.එන්.ටී.ඞී. ගුණරත්න මහත්මිය, ලූණුවිල පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යකෂ එච්.ඒ. ජයන්ත ගුණතිලක මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්ධුල අජිත් වේරගොඩ යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අපක්ෂපාතිව පරිෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. මේ ජනතවගේ මුදල්. (ම)
කාටද දැන් ඔය ප්‍රශ්න නැත්තේ?? (නි)
ඉතින් මෙහෙම අයට ඇයි තාමත් අලුත් පදවි දෙන්නේ? (නි)
අපි නම් දන්නවා එයාලා ගැන (නි)
චුදිතයෙකු වීම අපේ රටේ තනතුරු ලබාගැනීමට සුදුසුකමක් වගෙයි (නි)
තවම වැරදිකාරයෙක් වෙලා නැහැනේ. පරීක්ෂණ හමාර වුණාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. තවම පැමිණිල්ල විභාග කරනවා විතරයි (නි)
වැඩියෙන්ම ලැජ්ජා නැත්තේ අපේ රටේ ගොඩක් මිනිසුන්ට (නි)
මෙහි සඳහන්වන පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත ගුණතිලක මහතා ලඟදී මිය ගියා, කලක් අසනීපව සිට.