හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සැප්තැම්බර් 10 වැනි දා විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (27) සිතාසි නිකුත් කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළැයි ඔවුනට එරෙහි චෝදනාව වේ.
(මනෝප්‍රිය ගුණසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කොටියාගෙන් බේරාගත්තු නායකයින්ට කරන මේ අවමාන වලට ජාතියටම වන්දි ගෙවන්න සිදුවෙයි දවසක.
තවත් පුස්වෙඩිල්ලක්!
මහජන දේපළ සොරකම් කිරීම හෝ අවභාවිතය ජාතික අපරාධයක්. එවැනි මුදල්වලින් තමන්ගේ දෙමාපියන් ස්මාරක තැනීම ඔවුන්ට කරන අවමානයක් හා අපහාසයක්. ඒ බව අවබෝධ නොවීම හා අවබෝධ කර නොගැනීම උද්දච්ඡ මානසිකත්වය හා නිර්ලජ්ජිත බව පෙන්වන තත්වයකි. මෙවැනි අයෙක් මේ රටේ ජනාධිපති වුනොත් රටට කුමක් සිදුවේද?
මිනීමැරුමක් කල කෙනෙක්ව ජාතික රෝහලක සඟවාගෙන සිට සිංගප්පූරුවට යවපු එකට නඩු නැද්ද? මිනිහා දැන් ඇතුලේ මෙයා එළියේ...
මේ පාරවත් නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් රටේ වාසනාව. මොකක් වුනත් හොරා හොරාමයි.
තවත් මැතිවරණයක් අත ලග...
අපේ දුප්පත්ම දේශයේ මුදල් මොන ක්‍රමයෙන් හෝ හොරකම් කල කිසිම අයෙකුට සමාවක්නම් නොදිය යුතුය.
සමහරුන්ගේ අදහස් බැලුවහම මොනවා කියන්නද? රට බේරාගත්තු පලියට මහජන මුදල් ගසාකන්න පුලුවන්ද? එහමනං මොනවට රටට නීතියක් සහ අධිකරණය?
කවුරුත් කලබල වෙන්න එපා. අධිකරණ තීරණය එනකල් ඉවසන්න. අපේ රටේ නීතියට ඉහළින් යන්න කිසිවෙකුට හැකියාවක් නැත.