අපට අවශ්‍ය දේශපාලකයන් නොවන මහජන සේවකයන් යැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
ඔහු මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීක කණ්ඩායමකින් ඉදිරිපත් වෙයි.
ඔහුගේ පණිවුඩය මෙසේය.
‘ඔබටත් මටත් පවතින ක්‍රමයට වෙනස් වන දේශපාලන සංස්කෘතියක් ලැබිය යුතුයි. දක්ෂතාවයත්, හැකියාවත්, පිරිසිදු බවත් සපිරුනු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අපව නියෝජනය කල යුතුයි. මේ වෙනස ඔබ අප සදහා කල නොහැකිනම් අපගේ ඉදිරි පරම්පරාවට හෝ එය උරුම විය යුතුයි. අප ඉදිරියේ ඇත්තේ දීර්ඝ සහ අසීරු ගමනක්. නමුත් එය කොතැනකින් හෝ ආරම්භ විය යුතුයි. අපට අවශ්‍ය දේශපාලනඥයන් නොව, මහජන සේවකයන්. මේ ඒ ගමනේ ඇරඹුමයි!‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ගිහින් ඕක තාත්තට කිව්වානම් හොඳයි (ම)
සුභ පැතුම්.(නදී)
මේ පරම්පරාවත් ඉතුරු වුනේ කොටියාගෙන් රට බේරුණු නිසා. ඒ දවස්වල කොහෙද දන්නේ නෑ හිටියේ. දැන් බබා වගේ කතා කරනවා. රට ගැන හිතනවානම් රටට වෙන්න ගිය දෙයත්, රට බේරුනා හැටිත් ඒ දවස්වල තාත්තා කරපු දේවලුත් කිව්වනම් හොඳයි නේද. (බ)
හොඳයි, නමුත් ලංකාවේ මිනිසුන්ගේ ඡන්ද දෙන ක්‍රමය තේරුම් ගත යුතුය. ජවිපෙ මෙච්චර කරලත් ගන්න බැරි එකේ ස්වාධීන කොහොම ගන්නද? (බ)
හැබැයි අපිට දැනට අවශ්‍ය මහජන සේවකයන් නෙමෙයි, නිවැරදි දැක්මක් ඇති රටේ දීර්ඝකාලීන සුබ සිද්ධිය ඇති කළ හැකි නායකයන්. අනික සේවකයෝ වැඩිවුණහමත් කරදරේ! (නි)
චන්දි හිතන්නේ මේ රට කොටියාගෙන් බේරාගත්තේ එක පුද්ගලයෙක් විතරයි කියලාද? රට බේරාගත්තාට මදි, රට ගොඩදාන්නත් උවමනාවක් තිබිය යුතුයි.තමන් ගැන පමණක් හිතලා වැඩ කළ නිසයි ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ. අලුත් අලුත් චින්තනයන්ට මුහුණ දියයුතුයි.එසේ නොමැති නම් හැමදාම අපිට වෙන්නේ කට උඩට හරවාගෙන දේශපාලකයින් කියන වහසි බස් අහලා නිකන් ඉන්න තමයි.මොනවා වුණත් මේ සැරේ ලොකු වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
ඔබේ අරමුණට සුබ පතනවා (නි)
ඔබට සුබ පැතුම්! (නි)
හිත ඇත්නම් පත කුඩාද කිවුවලු. ඔබේ උත්සාහය අගය කරනවා (නි)
තනියම ඡන්දෙ ඉල්ලලා යමක් කරන්න බැරි වේවි ශක්තිමත් සිවිල් බලවේගයක් ගොඩනැගීමට පෙරමුණ ගන්න. (ර)
ස්වාධීන කණ්ඩායමකින් හරි ඉදිරිපත්වීම ප්‍රසංශනීයයි. සුභ පැතුම්..ජයවේවා.! (ර)
චන්දි, ඔයා වගේ හිතන අය නිසා තමා මේ රටට මේ කල ගියේ. යුද්ධය දිනුවේ තනිවම නොවෙයි.වසර තිහක් හිටිය දේශපාලන නායකයෝ ,හමුදාවේ ප්‍රධානීන් ,අහිංසක දෙමාපියන්ගේ දරුවෝ මේ හැමෝගෙම කැපවීමේ ප්‍රතිඵලයක් නිසා තමා යුද්ධය දිනුවේ. (නි)
ඕන ක්‍රමයක් අත්හදා බලන්න. කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු අවස්ථාවාදියි. ක්‍රම එකකවත් වැරැද්දක් නෑ. මොන ක්‍රමයක් වත් වරද්දා ගැනීම සඳහා සකස් කළ ඒවා නොවෙයි. 20 නෙමෙයි 30 වෙනකනුත් බලන්න ප්‍රශ්න ඉවර වෙයිද කියලා. (නදී)
සහන්, ඔයා කියන දේශපාලකයන්ගේ කැපවීම තිබුණා නම් වසර තිහක් යුද්ධ කරන්න ඕන නෑ.(නදී)
රටට පාලනය කරන්නනට නිසි අධ්‍යාපන සුදුසුකම් නැති වුනාම එ් මහත්වරු පිස්සු විකාරයෙන්...රට පාලනය කරන්නේ...එහෙම නායකයෝ තෝරගන්න මිනිස්සුන්ට තව ඉගනගන්න පාඩම් ගණනාවක් තියෙනවා...(බ)
චන්දි ඔයා රට බේර ගන්න මොනවද කරලා තියෙන්නේ කියල අපිට කියන්න. මම යමක් කරපු නිසා ඔයාගෙන් මේ ප්‍රශ්නය අහන්න මට සාධාරන අයිතියක් තියනවා, (බ)
ඊළග පාර එජාප හරි පෙරමුණෙන් හරි ඉල්ලාවී ඔය අරම්භයනේ (බ)