ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුට එරෙහිව පවරා ඇති වත්කම් නඩුව ලබන මැයි 12 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය
අල්ලස් කොමිසම ඒකපාර්ශවික කටයුතු කරතියි ඇය වෙනුවෙන් පෙනීසිටි නීතීවේදී නලින් ලද්දුවහෙට්ටි මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
කලින් චෝදනාපත්‍ර භාරදී ඇත්තේ පිළිගත් ක්‍රමයට නොවන බව කී නීතීවේදියා එම චෝදනාවට සම්බන්ධ ලේඛන එදා භාර නුදුන් බව සඳහන් කළේය.
අද එම ලේඛන භාර දුන්නේය. ඒ අනුව ඒවා අධ්‍යයනය කිරීම කල් අවැසි බව නීතීවේදීයා පැවසීය.
මෙම නඩුව නිරීක්ෂණය කිරීමට ලෝ ඒෂීයා , ජගත් නීතීඥ සංගමය , යුරෝපා නීතීඥ සංගමයේ නියෝජිතයෝද බටහිර රටවල තානාපතිවරු පිරිසක් ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කවදාහරි එළිවේවි (දිල්)
නඩු දිනයේදී ඇවිල්ල ඉන්න පුද්ගලයින් දිහා බැලුවහම මේ නඩුවේ එල්ලී ගිහිල්ල ආණ්ඩුව හොඳට අනාගන්න ඉඩ තියෙන බව පේනවා. (අ)