අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවංක භාවය ගැනත්, කොමසාරිස්වරුන් ගැන විශ්වාසය නැති නිසාත් තමන් යළි එම කොමිසම හමුවේ පෙනී නොසිටින බව ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොමිසමට අද (4) දැනුම් දුන්නාය.
හිටපු අගවිනිසුරුවරිය අද (4) කොමිසම හමුවේ පැයක් පමණ කාලයක් පෙනීසිටියාය.
පෙර වතාවලදී තමන් මතු කළ විරෝධතාවලට කොමිසමෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද, කොමිසම තමා සම්බන්ධයෙන් අගතිගාමීව දේශපාලන වශයෙන් හිරිහැර කරතියි ද ඇය කියා සිටියාය.
හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු යෝජනාවකින් පසුව නිලයෙන් පහ කැරිණි.
කොමසාරිස්වරුන් දෙදෙනකු සම්බන්ධයෙන් තමන් මතු කළ මූලික විරෝධතාවට පිළිතුරු දෙනු වෙනුවට කොමිසම තමාට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට ක්‍රියා කර ඇතැයි ද ඇය කීවාය.
කොමිසම දේශපාලන චේතනාවෙන් තමාට හිරිහැර කිරීමට මුළු ක්‍රියාවලියම යොදා ගන්නා බව ඇයට සමීප ආරංචි කියයි. වත්කම් හෙළි නොකළැයි කොමිසම ඇයට එරෙහිව විභාගයක් පවත්වයි.
කොමසාරිස්වරුන් දෙදෙනකුට එරෙහිව මතුකළ විරෝධතා ගැන තීරණයක් දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මීට පෙර ද ඉල්ලා සිටියහ.
දැනට කරගෙන යන පරීක්ෂණ වලදී ඉදිරියට සිදු වන්නට ඇති දේ ගැන සඳහන් කරමින් රජයට අයත් පුවත්පතක ගිය සතියේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඇගේ නීතීඥවරු කොමිසමෙන් ඉල්ලා සිටිති.
පසුගිය මැයි මාසයේ කොමිසම හමුවේ පැවැති පරීක්ෂණයේදී හිටපු අගවිනිසුරුවරියගේ නීතීඥ කණ්ඩායමේ ප්‍රධානියා වන ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ කොමසාරිස්වරුන් තිදෙනා ගෙන් දෙදෙනකු පක්ෂපාතීව කටයුතු කරන බවයි.
ඇය විරෝධතා ගොනු කරමින් කියා සිටියේ සෙලින්කෝ නඩුව විභාග වෙද්දී හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් තට්ටු නිවාසයක් මිලදී ගෙන ඇති බවයි. ඔහු හා කොමිසමේ සභාපති බාලපටබැඳි මහතා අතර පවත්නා නෑකම නිසා ඔහු පක්ෂපාතීව කටයුතු කරන බවට ඇය කොමිසම හමුවේ කියා ඇත.
බාලපටබැඳි හා ජයන්ත වික්‍රමරත්න යන කොමසාරිස්වරුන් තමාට එරෙහි පරීක්ෂණ විභාග කිරීම සාධාරණ යුක්ති ධර්මයට හා නීතියේ ස්වාධිපත්‍යයට පටහැනි බව කියමින් හිටපු අගවිනිසුරුවරිය කරුණු දක්වා ඇත්තේය.
‘බාලපටබැඳි මහතා පක්ෂපාතී යැයි මා කියනුයේ හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා හා ඔහු අතර ඇති නෑ කම නිසාය. බාලපටබැඳි මහතාගේ පුත් ඉසුරු, සිල්වා මහතාගේ දියණිය කණිෂ්කා සමග විවාහ වී සිටිනවා.‘ යනුවෙන් ඇය ලිපියක් මගින් කොමිසමට දන්වා ඇත.
කොමසාරිස්වරයකු වන ජයන්ත වික්‍රමරත්න මහතා ඔහුගේ උසස්වීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම තමා අගවිනිසුරු සමයේ විනිශ්චයට භාජනය කළ විනිශ්චය මණ්ඩලයකින් ඉවත දැමූ බව කියන බණ්ඩාරනායක මහත්මිය ඒ නිසා ඔහු පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කියන්නීය.
වික්‍රමරත්න මහතාගේ බිරිය මාධ්‍යයට කළ ප්‍රකාශයකින් ඇයගේ අගතිගාමී බව පැහැදිලි වන්නේයැයි ද බණ්ඩාරනායක මහත්මිය කියා ඇත.
කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට ඇය සිය විරෝධතා ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොමිසමේ සභාපති බාලපටබැඳි මහතා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් ‘රහස්‍ය භාවය‘ පිළිබඳ නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
බාලපටබැඳි, එන් ටී විමලචන්ද්‍ර හා ජයන්ත වික්‍රමරත්න යන කොමසාරිස්වරු ඇයට එරෙහි චෝදනා විභාග කිරීමට පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදෙනෙක් පක්ෂග්‍රහී කියන්නේ අනෙක් අය තමන්ගේ පැත්තේ කියන එකද? (දී)
මෙතන නෑ කමක් ගැන කියවෙනවා. එතකොට එතුමිය ඉබේම පිළිඅරන් තියෙනවා නේද තමන්ගේ මහත්මය සම්බන්ද සිද්දියේදී තමනුත් වැරැද්දක් කරලා තියෙන බව?(දී)
අනේ ඔව්වා ලොකු ලොකු අයගෙ දේවල් අන්තිමට අපිමයි වෑරදි කාරයො වෙන්නෙ සද්ද නොකර ඉන්න එක හොඳයි (දී)
ජාතික ලේඛණරක්ෂනාගාරයේ නීති විරෝධි ලෙස මිලයට ගත් කැමරාවේ පැමිණිල්ලේ පරික්ෂණයට මොකක්ද කලේ ? (දී)
බන්දුල පෙරේරා නම් වූ වැද්දෝ රටේ මොනවද වෙන්නේ ?කොහොමද වෙන්නේ?මොකටද වෙන්නේ?කියන එක වාසියට නොපෙනුනාට ඇස්,කන් සහ යහපත් සිහි බුද්ධිය තියෙන ඕනෙම කෙනෙකුට පෙනෙනවා.හැම කෙනෙකුටම තේරෙනවා.(දී)
බන්දුල පෙරේරා නම් වූ වැද්දෝ රටේ මොනවද වෙන්නේ ?කොහොමද වෙන්නේ?මොකටද වෙන්නේ?කියන එක වාසියට නොපෙනුනාට ඇස්,කන් සහ යහපත් සිහි බුද්ධිය තියෙන ඕනෙම කෙනෙකුට පෙනෙනවා.හැම කෙනෙකුටම තේරෙනවා.(දී)
ඔව් නේද බන්දුල පෙරේරා මහත්තයෝ මේ නෝනා හරිම නරකයි නේද? අපේ ආණ්ඩුවෙන් කොමිසම් පත්කරලා ඔක්කොම හරියට කරන්න හදනකොට මේ නෝනා තමයි රට ආපස්සට ගන්න හදන්නෙ නේද? පිල්ලෙටත් කඩේ යනවා වගේ නේද? ඒ කියන්නෙ විදේශ කුමන්ත්‍රණවලටත් මේ නෝනා සම්බන්ධයි වගේ නේද... අනේ මගේ කට, ඔහෙලා වගේ මිනිස්සු ඉන්නකන් අපේ රටට හරියයිද??(දී)
මම මෙය කියවන විට දැනුන දෙය නම් බොහෝ අය වෙනත් නම් වලින් එක අයෙකුට මඩ ගැසීම කරන බවය (නි)
ඔබ තුමිය ගත් තීරණය නිවැරදියි.මුළු ලෝකයාම දන්නවා රටේ සිදුවන දේ.කාන්තවක් ලෙස අභිතව මේ සියලු ප්‍රශ්න වලට නො සැලී මුහුණ දීමට ඇති ශක්තිය අගය කලයුතුය.(දී)
ඔබ තුමිය ගත් තීරණය නිවැරදියි.මුළු ලෝකයාම දන්නවා රටේ සිදුවන දේ.කාන්තවක් ලෙස අභිතව මේ සියලු ප්‍රශ්න වලට නො සැලී මුහුණ දීමට ඇති ශක්තිය අගය කලයුතුය.(දී)
ඔබ තුමිය ගත් තීරණය නිවැරදියි.මුළු ලෝකයාම දන්නවා රටේ සිදුවන දේ.කාන්තවක් ලෙස අභිතව මේ සියලු ප්‍රශන වලට නො සැලී මුහුණ දීමට ඇති ශක්තිය අගය කලයුතුය.(දී)
මේ සම්භන්දව අපි කතා නොකර හිටියොත් මොකද (දී)
බන්දුල නමැති අයගේ වෙස්මුහුණ විවර කොට සැබැ මුහුණ මුළු ලෝකයාටම ප්‍රදර්ශනය කර හමාරය.තව දුරටත් ඔය වෙස් මුහුණට රැවටෙන කෙනෙක් නැත. (දී)
හා බන්දුල පෙරේරා,කාලෙකින් දැක්කේ,කි දෙනෙකුට මුට්ටිය අල්ලලාද ඔහොම කෑගහන්නේ, ඔහොම නොකිය පුලුවන්ද ඒ පවට, හිතට එකගව කියන්න ඔබ ඔය ලිව්වේ ඇත්තමද,අල්ලස් කොමිසම හරියටම අපක්ෂාව මේ විනිශ්ය කරනවද,අපක්ෂපාති තීන්දු හිතට එකගව දෙනවා නම් අද ශිරාණි බණ්ඩාරනායක තාමත් අගවිනිසුරු,ඔන්න ඕකයි ඇත්ත,හැබැයි සත්‍ය වහගෙන ඉන්න අයට ඕක තේරෙන්නෙත් නැහැ නොපෙනුනා වගේ ඉන්නවා තේරුනත්,(දී)
ඔයාලා මේ බන්දුල පෙරේරා කියන දේශපාලන හෙන්චයියන්ගේ අදහස් වලට අදහස් දාන්න යන්න එපා. මෙයාගේ වුවමනාව ඔයාලගේ අදහස් දානකොට ඒ අදහස වෙනස් කිරීම.ඔයාලා දාන්න යන අදහස පැත්තක තියල මෙයාගේ කතාවට අදහස් දක්වනවා. එතකොට එයාගේ අදහස ඉෂ්ට වෙනවා .එක හින්ද මේ පෙරේරාව ගණන් ගන්න එපා. (දී)
කවුරු මොනව කිව්වත් නිත්‍යානුකුල අගවිනිසුරු තාම ඔබයි (දී)
මෙතුමිය එදා ඉදන් කලේ ප්‍රශ්න වලින් පැනල යාම නේ..තමන්ට විරුද්ධව චෝදනාවක් අවම එකට පිළිතුරු දෙනවා වෙනුවට නඩුව විබාග කරන කෙනාගේ වැරදි කතා කිරීම ද හරී . (දී)
බන්දුල නමැති ........ පෝතකයනෙනි,නුබලාගේ වෙස්මුහුණ විවර කොට සැබැ මුහුණ මුළු ලෝකයාටම ප්‍රදර්ශනය කර හමාරය.තව දුරටත් ඔය වෙස් මුහුණට රැවටෙන කෙනෙක් නැත.(දී)
බන්දුල නමැති............ පෝතකයනෙනි,නුබලාගේ වෙස්මුහුණ විවර කොට සැබැ මුහුණ මුළු ලෝකයාටම ප්‍රදර්ශනය කර හමාරය.තව දුරටත් ඔය වෙස් මුහුණට රැවටෙන කෙනෙක් නැත. (දී)
දැන් වැරැද්දක් කලත් නැතත් වෙන්න තිබුනු දේ වෙලා ඉවරයි....දැන් ඒ දේවල් වලට උද්ඝෝශන කරලා වැඩක් නෑ,...තමුන් නිවැරදි නම් තමුන්ගේ නිවැරදි බව පෙන්වන්න... (දී)
රවී මහත්තයට මගේ ප්‍රණාමය! නීතියේ සමානාත්මතාවයට හොඳම උදාහරණය තමයි දනුනගේ ආත්තම්මව කුදලගෙන ගෙනත් උසාවි දාපු අපේ රටේ නීතියට මිනී මරලා ඒක මතක නෑ කියපු අයව පෙනෙන්නෙ නෑ වගේ ඉන්න පුළුවන්වීම. අමතක කරන්න එපා මේ ප්‍රශ්න දෙක දිහාම ලෝකයක් බලන් ඉන්නකොට තමයි මේවා කරේ. අපි වගේ පෘතග්ජන මිනිස්සු නොදන්නා කොච්චර දේවල්වලට ඔහොම කරනවා ඇද්ද? (දී)
දැන් වැරැද්දක් කලත් නැතත් වෙන්න තිබුනු දේ වෙලා ඉවරයි....දැන් ඒ දේවල් වලට උද්ඝෝශන කරලා වැඩක් නෑ,...තමුන් නිවැරදි නම් තමුන්ගේ නිවැරදි බව පෙන්වන්න...
බන්දුල 2013-09-05 09:07:20 ''අවුලක් නැහැ..මේ ප්‍රතිචාර දක්වන මහත්තුරුන්ටත් මේක ආදර්ශයට ගන්න පුළුවන්.''. බොහෝ දෙනාගේ කන් කීන් ගාන්න ඇති මේ කතාවට නම්.. මන් බන්දුලට කඩේ යන ගමන් මේ.(නදී)
සුසිල් කියන දේ සම්පූර්ණ ඇත්ත... කරන්න තියන හොඳම දේ තමයි ඔය ගරිල්ලා මාකටින් කරන මෝඩ හෙන්චයියන්ට උත්තර නොදී අපිට කියන්න තියන දේ කියන එක. (දී)
ඒක පුදුම කතාවක්.එතකොට කිසියම් වග විභාගයක් කරන කොට අපට ඕනේ අය ලවා ද ඒක කරගන්නේ?එතුමිය නිර්දෝෂි නම් කරුණු හරි හැටි ඉදිරිපත් කර අවසානය ප්‍රතිපලය පිලිබඳ ඔවැනි විරුදධතාවක් දක්වන්න පුළුවන්.උගත්,ඉහල තනතුරු දරපු අය සමාජයට දෙන ආදර්ශය හොඳ නැහැ .ඊයේ පෙරේදා මෙහෙට ඇවිත් ගිය ........... උපදෙසක්වද්ද?(දී)
ඔබතුමිය 100% හරි (දී)
කොහොමද එහෙම ප්‍රතික්ෂේප කරන්නේ (දී)
බන්දුල කියන්නේ ඇත්තටම කවුද කියලා මට හිතා ගන්න බැහැ . එහෙම නම් මේ බන්දුල කියන පුද්ගලයා කවුද?මේකා කියන්නෙම මුළු ලංකාවේම අදහස් දමන අයට විරුද්දවයි.එක්කෝ මේකා මොලේ කචල් එකෙක්.නැත්නම් පිටසක්වලයෙක්. (දී)
බන්දුලට උත්තර දෙන්න එපා එයාට ජනප්‍රිය වෙන්න ඕන මානසික ලෙඩක් (දී)
දේශපාලකයින්ගේත් වත්කම් හොයා බැලුවොත් නරකද? (නි)
අල්ලස් කොමිසම පිළිගන්ට අමාරුයි. ස්වාධින කොමිසමක් පත් කරන්න. සමහර අයට විරුද්ධව තිබූ දේවල් යට ගිහින්. දේශපාලනය ගාව ගන්න හොද නැහැ.(නදී)
හරි හරි. දැන් කට්ටිය කියන විදියට හෙට අනිද්දට උසාවි වලට නඩුකාරයෝ සංචිත ඇති කරන්න වේවි. (නි)
පණ්ඩිතයන් ලෙස පෙනී සිටින මිනිසුන් කොතරම් මෝඩ දැයි පෙනී යන්නේ මෙවැනි විටය. විමර්ශන ආයතනය අධිකරණයක් නොවේ. අපරාධ නීති සංග්‍රහය අනුව රජයේ නිලදාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී සිටිය නොහැක. උසාවියේ කියයුතු කතාවක් කලින් කීම තුලින් විමර්ශන මගහැරීමට බැලීම තත් කොට අපරාදය සාපරාධී දැනුවත් බවට සාක්ෂි සපයයි. (දී)
කුමාර නීතිය නොදන්නා කෙනෙක් වගේ ලියනවා. (නි)
මෙම ක්‍රියාව අපට අනුමත කරන්න බෑ වැදගත් කාන්තාවකට (අ).
මෙම නෝනා නීනි විරෝධී තීරණයක් මෙන්ම අතිශයින් නරක ආදර්ශයක් දීල තිබෙන්නේ ! මාව හමුවුන මනුස්සයෙක් අහනවා , බණ්ඩාරනායක නෝනා ප්‍රතික්ෂේප කලේ කොමිසම එය පක්ෂග්‍රාහී නිසා තමන්ට අසාධාරණයක් වෙන නිසා . මටත් මිනීමැරුම් චෝදනාවක් තිබෙනවා පොලිසියත් උසාවියත් පක්ෂග්‍රාහී බව මට දැනෙනවා ඒහින්ද මමත් ප්‍රතික්ෂේප කරලා උසාවියට පොලිසියට නොගිහින් ඉන්නම් නේද කියලා.(නදී)
තමන් නිවැරදි නම් මොකටද කාටවත් බය වෙන්නේ (දී)
මේ කට්ටිය නීති වලින් වැඩ පෙන්නවා වගේ. කරලා තියෙන දේවල් මිනිස්සු දැන් දන්නවා. පාට කන්නාඩි වලින් බලන අයට මොනවා කරන්නද.(නදී)
ප්‍රතික්ෂේප කිරීමෙන්ම තමන් වැරදි කරුවකු බව හෙලි නොවේද (දී)
යකඩ ගැහැණිය හිටියේ එංගලන්තේ විතරද? ඔය ඉන්නේ ලංකාවෙත්.එතුමියගේ හිතේ ශක්තියට ජයවේවා! (නි)
අයියෝ බන්දුල, මේ මොනවද දොඩවන්නේ? (නි)
එහෙම කොහොමද එන්න බෑ කියන්නේ. කරන්න ඕන හැම වැඩක්ම කරලා නිකන් ලෝකේ හිනස්සනවා. මේ වගේ ගනන් ගන්නේ නැති අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ.(නදී)
බන්දුල නෑමෑත්තාට සරිලන නම් යෝජනා කල තිලක් සහ රත්නමාලි දෙපලට මගේ ස්තූතිය.(නදී)
ඔබතුමිය හිටපු අගවිනිසුරු. නීතිය ගැන අපි මොනවා කියන්නද? තනතුරු නැතත්, රට වෙනුවෙන් යමක් කරන්න. නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
මෙහි තිබෙන බොහෝ ප්‍රතිචාර රජයට විරුද්ධ අයගේ බව පෙනී යනවා. ඒ කියන්නේ අපක්ෂපාත බාවයක් නොමැතිකමය. ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු කාලයේ හැසිරුණු සහ කරපු දේවල් නොදන්නා අය වැඩිය. (නි)
අපේ රට අස්ථාවර කරන්නේ අපේ රටට විරුද්ධව බොරු කේලම් කියන්නෙත් අපේම සිංහලයන්. එයින් ඵල ප්‍රයෝජන ගන්නේ දමිල සහ මුස්ලිම් අය. ඔවුන්ගේ ඇති එකමුතුවත් ඔවුන්ගේ ඇති ජාතික මමත්වයත් අප සිංහලයන් අතර නැත. සියල්ල දත්තෝ මෙන් ප්‍රතිචාර කරති (නි)
තමන් වැරදි කරලා නැහැනේ එනිසා ඕකට නොගියට කමක් නැහැ (දී)
බන්දුල මහත්තයෝ, ඔයාගේ ප්‍රතිචාර දකිනකොට ඔයාගේ මෑණියන් මතක් වෙනවා (නි)
දැන් ඔය ලේඛනාගාරයේ කැමරාව ගත්තේ කව්ද? (නි)
අනේ කරුණාකරලා ඔය බන්දුල පෙරේරා කියන දේවල් වලට ප්‍රතිචාර දක්වන එක නවත්තමුද දැන්වත්. නිකම් කාලේ නාස්ති නොකර. (නි)
නීතිය හසුරුවන්නේ තමන්ට විරුද්ද කෙනාට රිදවන්න බව අපට ඉතිහාස පාඩම් කියල දීලා තියෙනවා. පිල්ලේ නෝනා එනකොට අපක්ෂපාතී සාදාරන තීන්දුවක් රට වෙනුවෙන් ඉල්ලන්නේ මෙහෙම අසාදාරන කටයුතු කරන අයයි. ලංකාවේ නීතිය ගැන මානව හිමිකම් ගැන පිල්ලේ නෝනා වගේ 100 රටට එන එක පුදුමයක්ද?.(නදී)
බලන්න හසන්ත මහත්තයෝ මේ අය කියන දේවල්.(නදී)
බන්දුල 'කඩේ යෑම' ගැන කාගේවත් විරුද්ධත්වයක් නැත. අපට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇඳිවත උනා දා කඩේ යාමයි. (නි)
කුමාර වැන්නන් අපේ සමාජයේ විරල නැත. ඔබේ තර්ක පෝෂණය කරන්නට බන්දුල නමින් තවත් මහීෂ පෝතකයෙක් ද මෙහි ඇත. (නි)
බන්දුල හා කුමාරලා වගේ අය එළියේ ඉඳලා නඩුව අහන්නත් පෙරයි තීන්දු දෙන්නේ. (නි)
ඇතැමුන්ගේ සිතුවිලි කිසිම හරයක් නැති අදහස් බවට පත්වී දෝරේ ගැලීම කණගාටුදායකයි. මානව හිතවාදී ජීව ගුණය බිදක්වත් ගෑවි නැතුවාක් මෙන්ම තාර්කික බවවත් අඩු වශයෙන් තිබුණා නම් කියවන්න පිරියක් ඇතිවේ. (නි)
මෙතන සුසිල් මහතා කියන කතාව සහතික ඇත්ත. හැමවිටම ඔය බන්දුල පෙරේරා දමන අදහස් වලට මටත් ප්‍රතිචාර දමන්න හිතුනත් මම එයින් වැළකී මගේ අදහස මෙහි දමනවා.නමුත් බොහෝ කට්ටිය පුවතට අදහසක් දැමීමට සිතා මෙහි පැමිණියත් බන්දුල පෙරේරාගේ අදහස කියවා පුවත අමතක කර ඔහුට ප්‍රතිචාර දක්වනවා.එම නිසා සමහරවිට ජනතාවට දිය හැකි වටිනා අදහසක් නැති වී ගොස් නිකම්ම නිකන් ආවේගශීලි අදහසක් පමණක් ඉස්මතු වෙන බවයි පෙනෙන්නේ (නි)
මම හිතනවා මෙතුමිය ගත් තීරණය හරි කියලා. (නි)
මෙතුමිය අගවිනිසුරුව සිටිද්දී ඇතැම් නඩුවලදී නිසි අයුරින් කටයුතු නොකළ බව පෙනුනා. හැබැයි එහෙම කියල අනික් යුක්තිය පසිඳ ලන්නන්ට ඒ විදිහට වැරදි කල හැකිද? කොටි මිනි මැරුව කියල ආණ්ඩුවට මිනි මැරිය හැකිද? ඒ එක පැත්තක්. කොමිසම පැහැදිලිවම ඉහලින් නැටවෙන රූකඩයක් වගේ හැසිරෙන බව පේනවා. හැබැයි, නීතියේ මුලධර්මවලට පටහැනිවෙලා නම් නැහැ. මිනීමරුවෝ 100 කින් තරහකාර එකෙකුට විතරක් නඩු දැම්මොත් එක 'පක්ෂග්‍රාහී කැත වැඩක්' වුනත් නීතියට පටහැනි වීමක් නැහැනේ. අන්න ඒ වගේ. ස්වාභාවික යුක්ති මුලධර්මයේ තියෙන්නේ "තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුය" කියල. කොමිසම නඩු අහන්නේ නැහැනේ. කොමිසම විනිසුරු නොවෙයි. පැමිණිලිකරු පමණයි. ඒ නිසා මෙතුමිය කියන පරිදි ඒ මුලධර්මය කඩවෙලා නැහැ. ඒක සිද්දවෙන්න පුළුවන් "විනිශ්චයකදී" විතරයි. හැබැයි, කොමිසමේ වැඩේ 'පක්ෂග්‍රාහියිද? (නදී)
කොන්ද කෙලින් තබාගෙන ගත් හොද තීරණයක් (නි)
බන්දුල පෙරේරා හරි. මෙතන කෑ ගහන බොහෝ අය ඒක පාක්ෂිකව ඇය කියන දෙය හරි යැයි හිතනවා. පිල්ලේ මේ ගැන සදහන් කළේ ඇයට තියෙන ආදරයකට හෝ රටේ මානව අයිතිවාසිකම් රකින්න හෝ නොවේ. රටට විරුද්ධව ගන්න පුළුවන් කියලා හිතන හැම කරුණක්ම එයා එකතු කරන නිසා. (නි)
ෆොන්සේකා 2 ජවනිකාව වගේ. මේවා ගැන හිතුවොත් මිනිස්සු ඡන්දේ දෙයිද?(නදී)
ඔබ තුමිය නිවැරදිනම් නොබියව කොමිසමට ඉදිරිපත්වන්න ඔබගේ නිවැරදි බවට කරුණු පෙන්වන්න. එවිට කොමිසමට කෙසේ වෙතත් ලෝකයටම සත්‍ය පෙනේවි වැරදි තීන්දුවක් කොමිසම දුන්නොත් එය ඔවුන්ටම පාරාවළල්ලක් වේවි. එසේ නොමැතිව වර්ජනය කිරීමෙන් ඔබේ චෝදනා සත්‍ය බව ලෝකය සිතාවි.(නදී)
බන්දුල පෙරේරා , එහෙමනම් ඉහඝ ඉඳලා පහළට එනකම් අපේ රටේ හැමෝගෙම වත්කම් හොයලා බැලුවොත් මොකද වෙන්නේ? (නි)
බන්දුල පෙරේරා ඔබ හරි.ඔබ මේ පිටුවේදී විතරක් පිළිගන්න පුළුවන් අදහසක් දාල තියෙනවා. (දී)
වැරදි කරපු සැමට තරාතිරම නොබලා දඬුවම් කරන බවට අපට නිතර කියනු ලැබේ. ඊට කිසි විරුධත්වයක් මගේ නැත. හැබැයි, එය සැමට පොදුවේ අකුරටම ක්‍රියාත්මක විය යුතුය. එහෙන් මෙහෙන් තෝරාගත් අයට පමණක් එම නිතිය ක්‍රියාත්මක නොවිය යුතුය. ඇයට එරෙහි මෙම චෝදනා සම්බන්ධයෙන් මට තිබෙන ප්‍රධානම ගැටලුව නම් ඇයි මෙම චෝදනා දිවි නැගුම පනතේ තීන්දුව ලැබෙන්නට පෙර ඉදිරිපත් නොකළේ? (දී)
බන්දුල ඔයා හරි. (නි)
හැමෝම තේරුම් ගන්න, බන්දුල කියන්නේ පක්ශපාතී පුද්ගලයෙක්, එක පැහැයක කණ්ණාඩියක් දාගත්. (නි)
අවුලක් නැහැ..මේ ප්‍රතිචාර දක්වන මහත්තුරුන්ටත් මේක ආදර්ශයට ගන්න පුළුවන්.(අ)
ආණ්ඩුව වෙනස් වූ දිනයකදී බන්දුල පෙරේරාගෙ ස්ථාවරය අංශක 180 කින් කැරකෙනවා ෂුවර් එකටම (නි)
කවදද අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයකින් පිට වැඩ කලේ ?(නදී)
මට පක්ෂ දේශපාලනයක් නෑ. හැබැයි මෙයයි එයාගේ පුරුෂයයි දෙන්නත් දෙන්නා කරපු දේවල් තියෙනවා නම් දඩුවම් ලැබෙයි.(නදී)
වැරැද්දක් කළහොත් තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි. නමුත් මේ නීති ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපට පැහැදීමක් නැහැ. යුක්තිය ඉල්ලා නීති විශාරදයොත් කෑමොර දෙන හැටි දුටුවම සාමාන්‍ය මිනිසුන් වන අපිට කාගේ සරණක්ද? වැඩි ඈතක් යන එකක් නැහැ. ළගකදීම වනචාරී යුගයකට අපේ රට තල්ලු වේවි. (නි)
සාමාන්‍ය මහා ජනතාව වන අපිත් නීතිය ඉදිරියේ පෙනී නොසිට උසාවි කොමිසන් වර්ජනය කලොත් මොකක්ද රටේ නීතියට යන කල. එකට කාපු කට්ටිය දෙකට බෙදිලා කාපු ඒවගේ පව් ගෙවනවා.(නදී)
දේශපාලන වුවමනාවන් සඳහා පලිගැනීමට කරන අන්තගාමී පරීක්ෂණ වලින් ඉවත්වීම බුද්ධිමත් තීරණයක්.රටේ සියල්ලක්ම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ග්‍රහණය කරගෙන ඇති පසුබිමක මෙවැනි දේ අපේක්ෂා කල හැක(දී)
දේශපාලන වුවමනාවන් සඳහා පලිගැනීමට කරන අන්තගාමී පරීක්ෂණ වලින් ඉවත්වීම බුද්ධිමත් තීරණයක්.රටේ සියල්ලක්ම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ග්‍රහණය කරගෙන ඇති පසුබිමක මෙවැනි දේ අපේක්ෂා කල හැක. (දී)
දේශපාලන වුවමනාවන් සඳහා පලිගැනීමට කරන අන්තගාමී පරීක්ෂණ වලින් ඉවත්වීම බුද්ධිමත් තීරණයක්.රටේ සියල්ලක්ම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ග්‍රහණය කරගෙන ඇති පසුබිමක මෙවැනි දේ අපේක්ෂා කල හැක. (දී)
කට්ටිය හැමදේකටම කියන්නේ 17 වන සංසෝදනය අනුව කොමිසන් සබා පිහිටුවනම් හැම දේම හරියනවා කියලනේ..පේනවනේ රටේ ඉහලම තැනක හිටපු නෝනා දැන් අතේ කිසි බලයක් නැතුවත් කොමිසමකට දාන සත්තම..තමන් නිදොස්නම් නිදොස්බව ඔප්පු කරන්නේ නැතුව ගහන රට බයිල වැල.කොමිසම බල්ලට දාල..ඉතින් මේ වගේ නෝනලා ඉන්න කොට 17 නෙමෙයි 27 ක්‍රියාවේ යෙදෙව්වත් ප්‍රතිපලය ඕක තමයි ..කොමිසමකින් ආණ්ඩුවට සම්බන්ද කෙනෙක් වරදකරුවෙක් කලොත් කොමිසම සාදාරන අවංක කොමිසමක්..බැරි වෙලාවත් ආණ්ඩුවේ මතේට පිටින් යන කෙනෙක් වරද කරු කලොත් එක දේසපාලන පලි ගැනීමක්.රජයට කඩේ යන කොමිසමක්..කාට කියන්නද මේ නර නාටක....පිල්ලේ ඇවිත් ගියා විතරය් මෙයා ඇදගෙන තියෙන තරම... (දී)
රටේ පොදු නීතිය කාටත් එකයි (නි)
ලංකාවේ ක්‍රියාත්මක වෙන කිසි දෙයක් ගැන විශ්වාසයක් නැහැ. (නි)
මෙතුමිය ඔය කියන තරම් නිවැරදිද කියා අප දන්නේ නෑ හැබැයි තමන් පිලිබදව චෝදනා එල්ල නොවන සේ කටයුතු කිරීම කොමසාරිස් වරුන්ගේත් බරපතල වගකීමක්.(දී)
මේ දක්වා වැරදිකරු කළේ කවුද?ඒ නිසා ඔය ගැන අපි වද වෙලා වැඩක් නැති බවයි හැගෙන්නේ (නි)
එතකොට මහත්තය ගේ නඩුව තමුන්ම විභාග කරන්න ගත්තේ තමුන් මුල් පුටුවේ ඉන්න කාලේ? ඒක දැන් වලංගු නැහැ වගේද? (දී)
ලිදට වැටුණු මැඩිය ගොඩ එන්න ඕන ලින් කටෙන්ම තමයි (දී)