එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අනුරාධ ජයරත්න මහතාගේ පෝස්ටර් තලාතුඔය මාරස්සන නගරයේ අලවමින් සිටියදී අද (24) අලුයම 1.30 ට පමණ තිදෙනකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
පෝස්ටර් ඇලවිම සඳහා පැමිණි වෑන් රථය හා පෝස්ටර් තොගයක්ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් මාරස්සන පදිංචි කරුවන් බවත් පොලිසිය කියයි.
මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රටවල මැතිවරණයක් පවත්වන විටදී මොවුන් මේ සඳහා ක්‍රියාත්මක කර ඇති නීති පිළිපදින ආකාරය දෙස බලනවිට අපි ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ තවම ගල් යුගයේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඇයි අපේ අගමැති තුමාගේ පොස්ටේර් ඕන තරම් තියෙන්නේ.....(ම)
පෙරේරා, අගමැති කරමු කියල නේද? (බ)
අනේ. මෙහෙමත් විහිලු. මෙහෙ නම් කොල පාට පෝස්ටර් ගොඩායි තාප්ප වල. (බ)
ප්‍රචාරය නොකර ඡන්දය කරන්නෙ කොහොමද? අලුත් අපෙක්ෂකයකු බිහි වෙන්නෙ කොහොමද ? පරණ අය විතරද දිනන්න ඕනේ.එම නිතිය නිසා අසාධාරණයක් සිදු වෙනවා අලුත් අපෙක්ෂකයන්ට................... (ම)
හිටපු අගමැති කියල විතරයි කියන්න තියෙන්නේ.. (ම)
කවුරු වුණත් කමක් නෑ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (අ)
නීතිය කාටත් පොදු වියයුතුයි (නි)
යූඇන්පියේ මංගල සමරවීර මහතාගේ පෝස්ටර් අලවන්නේ පොලීසිය මගින් බවයි පේන්නේ. ඒවා හැර අනෙක් අපේක්ෂකයන්ගේ පෝස්ටර් ගලවනවා. පොලිසිය පෙරමුණේ පෝස්ටර් ගලවනවා. යූඇන්පී පෝස්ටර් අලවලා. අපූරුයි නේද යහපාලනය ? (නදී)