දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස් ගණනක් පාර දිගේ හැළුහ.පෞද්ගලික සමාගම කිරි ලීටරය රුපියල් පනහකට ගත් නමුත් දැන් කිරි නොගනිතියි ගොවියෝ කියති. මහා පාරේ තැනැ තැන කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම කිරිවලින් නෑවෝය.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට දුන්න නම් ඔයිට ලාබයි...
මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ කිරි වලින්
ආශ්චර්යය සහ ගොවියාගේ කල දසාව. විකුණගන්ඩ බැරිනම් හලන් නැතුව බොන්ඩද කියන්නෙ
දකුනු ආසියාවේ ආශ්චර්යය
මේක නම් මෝඩ විරෝධයක්. සංකේතයක් හැටියට පොඩ්ඩක් හලලා ඉතුරු ටික ඉස්කෝලෙක අහිංසක දුප්පත් ළමයින්ට හරි බොන්න දුන්න නනම් පිනක් වත් සිද්ද වෙනවා. මේක කරපු එවුන්ගේ කිරි නම් කවුරුවත් ගන්න හොඳ නැහැ. මුන් කිරි නෙමෙයි වතුරවත් නැතිව මැරිලා යන්න ඕන .
බලධාරීන් නිදිද ? (ස)
මොන තරම් අපරාධයක්ද මේ කරල තීයෙන්නේ. අහිංසක සත්තුන්ගෙ කිරි නේද මේ? උන්ගෙ පැටව් වෙනුවෙන් එරුනු කිරි පැටව්න්ටවත් බොන්න නොදී දොවාගෙන මහ පාරට හලනවා. මේවා අපරාධ. ඇත්තටම ප්‍රශ්නයක් ඇති මේ මිනිස්සුන්ට. ඒත් මේ වගෙ අපරාධ කිරීම අනුමත කරන්න බෑ කොහොමවත්ම.
මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බට මේවා අපරාධ වැඩ..
අන්තිමට කියයිද දන්නෑහැ ඒ විසිකලේ කිරි නෙවෙයි සුදුපාට දියරයක් කියල .
අපේ අය හරක් කිරි බීලද මේ හරක් වැඩ කරන්නේ... (ස)
ඔය අයුරින් තමයි ලාභ ලබන ආයතන පාඩු ලබන විදියට පත් කරවන්නෙ,ඊට පස්‌සෙ සැපයුම් කරුවන් නැත කියා ආයතන වහල දාල රටින් ගේන්න පුලුවන්නේ,හැම දේම මිනිසුන්ට එපා කරවනවා.
කෘෂිකර්ම ඇමති ඉන්නේ ඕවටනේ . වගකිවයුත්තෝ නිදාගෙන ඉද්දි මේවා වෙනවා (ස)
හරක් කිරි මුදවන්න බැරිද ???
මෙහෙව් රටේ නේද කිරිපිටි පිටරටින් ගේන්නේ (ස)
අහින්සක මිනිස්සුන්ගේ කිරි විසිකරන අයත් ගවයෝ වෙන්න ඕන.
අපි ගෙදර බත්කන පිගාන පොලවේ ගහන්නේ නැහැ.අපි පොඩිකාලේ ඉදන් පුරුදුවෙලා ඉන්නේ අපි හරි හම්බ කරගන්නා දේවල් වලට ගරු කරන්න. ඒවා විසි කරන්න හෝ පොලවේ ගහන්න නෙමේ. දඹුල්ලේ ගොවියොත් ඕක කරලා අද වෙනකම් දුක් විදිනවා තමන්ගේ බෝග හරි මිලකට විකුණගන්න බැරිව. ඒ කන දේ පොලවේ ගහලා කරපු විනාසේට. මේ මිනිස්සුන්ටත් ඒක තමයි වෙන්නේ. තමන්ටම දඩුවම ලබා ගන්නවා. ඇත්තටම ඉහල කියලා තියෙන විදිහට පිනට දුන්න නම් ඔයිට වැඩිය ප්‍රචාරයක් ලබා ගන්න තිබුනා.
ග්‍රීසියෙත් මේ වගේම දේවල් වුණා. අවසානේ අද පාන් කෑල්ලක් වත් නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා... (ස)
නිහාල් නෙල්සන් අයියා හරි..ඔයාගේ කිරි අම්මා ගීතයෙන් මේ ප්‍රශ්නය විසඳලා දෙන්න.....(ස)
පව් අහිංසක මිනිස්සු...වගකිව යුත්තෝ මේ ගැන සොයා බලන්න...
මී හරක් !!!!!
මේවා මෝඩ වැඩ. මිනිස්සුන්ට නිකන් දුන්නනම් වටිනාකම වැඩියි නේද ???
පව් තමයි මේවා...නීති හදල හිරේ දාන්න ඕන....
අපේ වැස්සියන්ගේ කිරි විකිණෙන්නේ නෑ කියලා අපේ හරක් කිරි විසි කරලා (ස)
අපේ හරක් පිට රටින් කිරි ගේනකම් ඉන්නවා , මුලින්ම පිටරටවලින් කිරි පිටි ගේන එක නවත්වන්න ඕනි , (ස)
මේවා කිරිද, කිරි වතුරද දන්නේ නෑ මෙච්චර කිසිම ගානක් නැතිව හලන්නේ? මෙච්චර කන්න බොන්න නැතුව මිනිස්සු ඉද්දි මේ වගේ දේ කරද්දි, දෙවියෝ ආයෙත් මේ මිනිස්සුන්ට මේ වගේ අස්වැන්නක් දෙයිද කියලත් ප්‍රශ්නයක්.
ලංකාවේ නිෂ්පාදන කරන්න බෑ කියල අපේ කිරිපිටි සමාගම කෑ ගහන්නේ.....මේ කිරි නෙමෙයිද? පහු ගිය කාලයේ මී කිරි නිෂ්පාදන සියල්ල මිළ වැඩි වුනා.මේ විදිහට අදාල ආයතන කිරි මිළදී නොගෙන බොරු මවා පෑමක්ද කරන්නේ?නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වලට මිළ වැඩි කරන විට එයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලට මිළ වැඩි කළ යුතු නොවේද? කම්කරු අයිතීන් යනුවෙන් හඩ නැගුවේ මෙයටද?
මොලේ නැති වැඩක් තමයි මේක, කිරි වේලක් නැතිව ඉන්න කොච්චර ළමයි ඉන්නවද ? (ස)
කිරි ඉතිරේවා නව වසරේ.......(ස)
නිසි කලමණාකරනයක් නැති කමේ ප්‍රතිථලයි මේ..
ඇත්තටම මේ ගැන කණගාටුයි. මොකද අපේ අය දුරදිග බලන්නේ නෑ. මේ කිරි අපිටත් නෑ, ඒ සත්තුන්ගේ පැටව්න්ටත් නෑ. මීට වැඩිය යමක් කරන්න තිබුණා ම් මිනිස්සුන්ට.
ඇයි දෙයියනේ, නිරි දන්සලක් දෙන්න තිබුණනේ.................. කාගෙ හරි දරුවෙකුගෙ මව් කිරි ටික නේද මේ.....? .... මනුස්ස දරුවන්ගෙ වෙස් අරන් ඉන්න ගව දරුවො “ටිකක්“ ද කොහෙද?
අපරාදේ මේ කිරිටික දුප්පත් ජනතාවට දෙන්න තිබුණා . (ස)
කිරි නැතිව බඩගින්නේ ඉන්න දරුවෝ ඉන්නවා , ඒ වගේ ගමකට දෙන්න තිබුණා (ස)
ලංකාවේ නිෂ්පාදන වලට වෙන දේවල් ,මේවගේ දේවල් උනහම රට සංවර්ධනය වේවිද ......... කවුරුද මේවට වග කියන්න ඕන ...... ලෝකේ කිසිම රටක නොවෙන දේවල් ලංකාවේ දැන් දැන් සිදු වෙමින් පවතිනවා ............... මේ තත්වය වෙනස් කරන්න නම් ජනතාව මීට වඩා හිතන්න ඕන ..
ආසියාවෙ ආශ්චර්‍යය කවද දකින්නඳ ? මෙහෙම ගීයොත් ලංකාවේ ඉන්න පාලකයන්ට කිසිම උවමනාවක් නෑ මෙවට විසඳුම් දෙන්න. මෙවා දකිනකොට හරිම කනගාටුයී රට යන අරාජිත තත්වය. මේවට හෑකි ඉක්මනින් විසදුම් ලබා දී නගාසිටුවීමට පාලකයො ක්‍රියාකරන්න ඕනේ .
මේක මහා පව්කාර වැඩක්. පිට රට අයත් ඔය වැඩේ කර බවුසර් ගණන් කිරි හලලා ගිය අව්රුද්දෙ . ඒ දේම ලංකාවේ කරන්න තරම් ............ මේ මිනිස්සු කිරි බොන්න සල්ලි නැතුව කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද ?? මේ මිනිස්සු ඉපදුන දා ඉඳල වැස්සිගේ කිරිබෝනවා මැරෙනකන්. ඒ කිරි වලට මීට වඩා ගරු කරන්න ඕනේ .. මේවානම් මහා අපරාද .. සල්ලි වලට මිනිසත්කම අමතක වෙලා.
කිරි දන්සලක් දීල විරෝධය දක්වුවනම් පිනකුත් ලැබෙනව, ඉල්ලීමත් ඉටුකරගන්න තිබ්බ.
මේක කියන එක හරි නැහැ. එත් නොකියා වෙන මොනවා කරන්නද. බුදු හාමුදුරුවෝ අර ත්‍රිපිටකයේ මෝඝ පුරිස කියන ආමන්ත්‍රණයෙන් හඳුන් වන්න වටින ක්‍රියාවක් තමයි මේ කරලා තිබෙන්නේ.මේකේ කලින් ලියලා තියෙන අදහස් ටික හරියටම හරි. එක්කෝ මේ මිනිසුන්ට කිරි ටික අපතේ යවන්නේ නැතිව නැති බැරි අයගේ ප්‍රයෝජනයකට යොදවන්න තිබ්බා. විකුණන්න අකමැති නම්. කිරිටික බිම හලලා පිටි කිරිවල ගාන ඉහලටම නැග්ගා. අනේ දැන් අපේ රටේ මිනිස්සු කටයුතු කරන්නේ හරියට දෙයියන්ගේ හාල් කැවිලා වගේ. රටේ වගකිව යුතු අය බුදිද? මේ අය මේ වගේ ප්‍රශ්න මේ විදිහට ඔඩු දුවන්න ඉඩ දීලා මොනවද කරන්නේ? අහිංසක මිනිස්සු ගැන වගකීමෙන් හිතන්න අපේ පිරිසට බුද්ධිය පෑදේවා..
මනෝජ්, මේ කිරි දොවාගෙන තියෙන්නේ අපරාධ කරන්න නෙමෙයි. එත් ඒ මිනිස්සුන්ට සාධාරණ ගානකට කිරි ටික විකුණා ගන්න බැරිනම් මොකද කරන්නේ. මේ දවස් දෙකක් පරණ කිරි. මේ මිනිස්සු මේවා දවස් දෙකක් තිස්සේ විකුණා ගන්න උත්සාහ කරලා තියෙනවා. කිරි ඊට වැඩ තියා ගන්න බෑ නේද. සත්තුන්ගේ කිරි උන්ගේ පැටවුන්ටත් බොන්න නැති උනා තමා. එත් මේ කිරි ටික විකුණගන්න බැරි උනා නිසා මේ මිනිස්සුන්ගේ ළමයි කී දෙනෙක් මේ දවස් දෙකේ බඩගින්නේ ඉන්න ඇතිද?
මනෝජ්ගේ, සංජීවගේ සහ නිපුනගේ කතාවට මමත් එකගයි. මේ කිරි ඒ සතුන්ගේ පැටවුන්ට දෙන්න තිබුන. එකෙන් ප්‍රචාරයක් ලැබෙන්නේ නැතිනම්, මේවගේම හැටන් නගරයේ මිනිස්සුන්ට පිනට දීල මේ සිද්දිය සඳහා ප්‍රචාරයක් ලබා ගන්න තිබුන. එහෙමත් නැතුව කිරි බිමට හැලුව කියල තමන්ට ලැබෙන දෙයකුත් නැහැ අනුන්ට ලැබෙන දෙයකුත් නැහැ.
හොඳ චින්තනයක් අපේ රටට
අහින්සක සත්තුන්ගේ රුධිරය.
මෝඩයන්ගේ හෙණ ගහන අපරාද
මොනතරම් අපරාධයක්ද ? කිරි උගුරක් බොන්න නැති දුප්පත් අයට බෙදා දුන්නනම් හරිනේ............(ස)
මේවා කවදා ඉවර වෙයිද ? (ස)
අම්මපා, ඇයි බොන්න බැරිද? බැරි නම් දුප්පත් මිනිස්සුන්ට නිකං දෙන්න බැරිද?
මේක නරක තත්වයක්....
මේක නම් නරක තත්ත්වයක්
මම නම් දකින්නේ මේකට තියෙන හොදම විසදුම ඔක්කොම හැටන් වෙළෙන්දෝ එකතු වෙලා කඩවල් වල කිරිපිටි විකිණීමත් මිළදී ගැනීමත් වර්ජනය කරන්න ඕනි
රබර් කිරිද? අළු හුණූද? අනේ මන්දා...
විකුණන්න බැරිනම් නිකං දෙන්නනේ තිබුණේ
කිරියෙන් ඉතිරෙන රට....
කිරි ටික මුදවලා අහළ පහළ රෝහලකට දුන්න නම් හොද නැද්ද? මෙහෙම තමයි අපි අපේ කම රකින්නේ
හෙණ ගහණ අපරාධ
කිරි කදුලක් නැතුව හඩන කිරි දරුවෝ කී දාහක් ඉන්නවද අපේ ලංකාවේ...
දැන් කියයි කිරි වලින් රට ස්වයංපෝෂිතයි කියල....ඔන එකකට උත්තර තියෙන්නෙ...ඔය පේන්නෙ නැද්ද අපි හැමෝම ගොඩක් ගවුරවයෙන් සලකපු එස්.ටී. එප් එක ගැන ඇහෙන කතා....
අනේ කිරි ටික.. පැටියටත් නෑ.. කාටවත්ම නෑ..
මොන තරම් අපරාධයක්ද මේ කරල තීන්නෙ. අහිංසක සත්තුන්ගෙ කිරි නේද මේ? උන්ගෙ පැටව් වෙනුවෙන් එරුනු කිරි පැටව්න්ටවත් බොන්න නොදී දොවාගෙන මහ පාරට හලනවා. මේවා හෙන ගහන අපරාධ. ඇත්තටම ප්‍රශ්නයක් ඇති මේ මිනිස්සුන්ට. ඒත් මේ වගෙ අපරාධ කිරීම අනුමත කරන්න බෑ කොහොමවත්ම.
මේවා හෙණ ගහන අපරාධ.අහිංසක පැටවුන්ටත් නැහැ මුන්ටත් නැහැ.මේවා පෙන්නන මාධ්‍යකරයන්ටත් ගහන්න ඕන අනවශ්‍යප්‍රචාරය දෙනවට.
පව් අසරණ වැස්සියන්ගේ කිරි ටික ,අමාරුවෙන් අරගෙන විසික් කරනවා ,මෙයාලට තියෙන්නේ හරක් මොලයක් ,විකුණන බැරි නම් දෙව්වේ මොකටද ?
අයියෝ සල්ලි
දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහන අයට ඒ සදහා වැඩපිළිවෙළක් නැති බව මේකෙන්ම ඔප්පු වෙනවා නේද?
මොන තරම් අපරාධයක්ද මේ කරල තීන්නෙ. අහිංසක සත්තුන්ගෙ කිරි නේද මේ? උන්ගෙ පැටව් වෙනුවෙන් එරුනු කිරි පැටව්න්ටවත් බොන්න නොදී දොවාගෙන මහ පාරට හලනවා. මේවා අපරාධ. ඇත්තටම ප්‍රශ්නයක් ඇති මේ මිනිස්සුන්ට. ඒත් මේ වගෙ අපරාධ කිරීම අනුමත කරන්න බෑ කොහොමවත්ම.
අපේ දේවල් අගේ නැති හැටි. පව් අසරණ ගොවියෝ
ලංකාවේ නිෂ්පාදන කරන්න බෑ කියල අපේ කිරිපිටි සමාගම කෑ ගහන්නේ.....මේ කිරි නෙමෙයිද? පහු ගිය කාලයේ මී කිරි නිෂ්පාදන සියල්ල මිළ වැඩි වුනා.මේ විදිහට අදාල ආයතන කිරි මිළදී නොගෙන බොරු මවා පෑමක්ද කරන්නේ?නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වලට මිළ වැඩි කරන විට එයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලට මිළ වැඩි කළ යුතු නොවේද?ඊයේ කම්කරු අයිතීන් යනුවෙන් හඩ නැගුවේ මෙයටද?
ඇයි කිරි ඉතිරේවා නව වසරේ කිවුවනේ. ඒ කරපු ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල තමයි මේ. දැන් ඉතින් මේ කිරි ඉතිරෙනවා.
කන්ඩ බොන්ඩ නැතිව කී දෙනෙක් ඉන්නවද මේ ලංකාවේ .. ඒ වගේ අසරණයන්ට දුන්නනම් කොච්චර පිනක්ද??? මේවට බැනලා වැඩක් නැහැ. කී බෝර්ඩ් එකේ කීස් ටික නාස්ති වෙන එක විතරයි වෙන්නේ..