(රංජන් කස්තුරි)
රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි.
ඒ අනුව වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 හා ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 61 මට්ටමේ තැබෙන බව ද එම ආරංචි මාර්ග කියයි.
ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය අපෙක්ෂාකරන බව ද ඉන් පසුව අදාළ උපදෙස් නිකුත්කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක විදියට අසූගණන්වල අත්‍යාවශ්‍යම සේවාවල අයට අවුරුදු 65 දක්වා සේවයේ යෙදීමට අවසර දුන්නු රා.ප.රි. චක්‍රලේඛයක් තිබුණා..
තරුණ පිරිසට රැකියා අවස්ථා ලබාදීම සඳහා විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 කළ යුතුයි...
අනිවාර්යයෙන් දොස්තරලා හැර... අනික් හැමෝම 55න් ගෙදර යැවිය යුතුයි...
අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි උසස් තනතුරු ද අවුරුදු 60ක උපරිම වයස් සීමාවට යටත් කළ යුතුය.
60 නෙමෙයි 55 කරා නම් හරි. ඔය නාකි ඈයො ඉන්නකම් මේ රට ගොඩ ගන්නවා බොරු
විශ්‍රාම යාමේ වයස 55 කල යුතුයි, ඒවිට සෑහෙන පිරිසක් මේකට ඇතුලත් වෙයි.ඒවිට බලාපොරොත්තු වන ප්‍රමාණය රඡය සේවයෙන් ඉවත් කල හැකියි,
රාජ්‍ය සේවයේ මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහාද වයස අවුරුදු 60 සීමාව පැනවීම ගැන නීති සෑදීමට සුදුසු කාලයයි මේ...!
50 යවලා අලුතින් රැකියා දෙන්න පුළුවන්...!