හැටන් පාසලක ශිෂ්‍යාවන් 6 දෙනකු ලබන 24 වැනි දා දක්වා හතමුණ බෝසත් බාළිකා ළමා නිවාසයේ රඳවා තබන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත එපිටවෙල මහතා නියෝග කෙළේය. හැටන් පාසලක නේවාසිකාගාරයේ නතර වී සිටිය දී මෙම සිසුවියන් හය දෙනා අනවසරයෙන් නේවාසිකාගාරයෙන් පිට වී මින්නේරියේ හේන්වල පාසල් මිතුරියකගේ නිවසකට පැමිණ සිටිය දී සොයාගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මින්නේරියේ මිතුරිය දැන් එම පාසලේ ආදි ශිෂ්‍යාවක බව ද එහි නතර වූ දැරියන් අවුරුදු 15 සිට 19 දක්වා වයසේ අය බව පොලිසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හතමුණ කියන්නෙත් දකුණු පළාතේම ගමක්ද . එහෙනම් ...!
උඹ නාඩන්- උඹ නාඩන් අපට ඕව හොඳ පාඩම්'
"අපි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" තංගල්ල ප්‍රාදේශීය සභාව
මේ වයසේ ළමුන්ගේ හිතුවක්කාරකම් නිසා මේ ලමයින්මයි අමාරුවේ වැටෙන්නේ...ආයේ මේ වගේ දේවල් නොකරන්න ළමා නිවසේ දාපු එක හොදයි,,එතකොටවත් විනයක් ඇතිව හැදෙයි...
ෂුවර් එකටම පාලිකාවගේ වැඩ නිසා වෙන්න ඇති ළමයි පැනල ගියේ....
ලංකාවනම් හොදයි .. ලංකාවේ ඉන්න මිනිස්සුනේ හොද නැත්තේ....
ඔය වගේ සිදුවිම් නම් සෑහෙන්න සිදුවෙනවා කොළඹ පෑත්තේ . දෙමපියනුත් සල්ලි විතරක් හොයලා මදි.ළමයි ගෑනත් හොයන්න ඕන. මොනවා හරි උනට පස්සෙ බොරුවට දඟලලා වෑඩක් නෑහෑ.
ඒ ළමයි දෙමාපියන්ට භාරදුන්නම් වඩා හොඳයි.....තව ප්‍රශ්න වෙන්න කලින් . නංගියේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න...
ඔය අලුතෙන් ආපු රුපවාහිනී චනෙල් වලින් පොඩි ළමයිට ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. හරිම අපුරුයි ලංකාවේ වැඩ.
අම්මපා අපි නුවර ඉස්කෝලෙ යද්දි හොස්ටල් එකෙන් පැනල ගෙදර ගියා මතකයි. හැබැයි අපිට වෙන මගුල් වල යනවට වඩා ගෙදර යන එක තමයි ඒ කාලෙ වටින්නෙ. නමුත් ඉතිං දැං කාලේ ගෑනු ළමයින්ගේ හොස්ටල් වල සිද්ධ වෙන දේවල් වල හැටියට, මේ වගේ දේවල් ගැන හොඳට හොයල හිතල බලන්න වෙනව. අනික එක වයසෙ ළමයි නෙමෙයි නෙ මේ කට්ටිය නේ.. කොහොමටත් ළමයි හොස්ටල් වල තනි කරල උගන්නන්න හිතන දෙමවුපියන්ටත් හොඳ පාඩං මෙව්ව...
අපූරුයි වැඩේ.පෙර පුහුණුවකටවත් ගෙනාවද කියන්න බෑ නේද?
හේන් කොටන්න යන්න ඇති
අවුරුදු 19 ළමා වයසක්ද අද කාලේ
ළමයි හය දෙනෙක් යනකන් පාලිකාව කොහෙද දන්නේ නෑ හිටියේ.ළමයි විතරද ළමා නිවාසෙට යැවුවේ?
ගිහිං තියෙන්නෙ පරණ යාලුවෙක් හමුවන්න වෙන්න ඇති...
මේ ළමයි දැන් හොඳ හොඳ දේවල් ඉගෙන ගනියි. මේ නිවාස වල ට දාන්නේ අපචාර වලට පවා බඳුන් වූ දෙමවුපිය ආරක්ෂාව අහිමි වූ දරුවන්. අනවසරයෙන් ඉස්කෝලෙන් ගියා නම් පොලිසිය දෙමවුපියන් ගෙන්වල බාරදෙන්න ඕන. දැන් 24 වෙනකන් ඉන්නේ නැතුව දෙමවුපියන් මෝසමක් දාල ළමයින්ව බාර ගන්න. නැත්නම් ළමයි එහේම තියාගන්න කියන්න තමයි වෙන්නේ.
ඔන්න ප්‍රාදේශීය සභාවලට වැඩ
නේවාසිකාරයෙන් පිට යනවා කියන එකේ තේරුම එහේ මෙහේ යනවා කියන එක තමයි. sltk, ඔයා ළමයින්ගේ දෙමාපියන්ට වග කියනවද?
මෙක සුලුවට ගන්න එපා. මතකනෙ අර හක්මන අවුරුදු 14 ලමයට වුනු දෙ..!! මොකක් හරි වරදක් වුනනම් අද අපි හෙමොටම වෙන්නෙ දුක් වෙන්න...!!
අනෙය් පව්. අනවසරයෙන් නේවාසිකාගාරයෙන් යනඑක මෙච්චර ලොකු වරදක් ද? අනිත් එක එහෙ මෙහෙ ගිහින් නෙමේ නේ, ගිහින් තියෙන්නේ පාසල් මිතුරියකගේ ගෙදර නේ. මෙවැනි දෙයක් කල කියල ළමය් නිවාසව හිර කලාම කොච්චර මානසික පීඩනයක් එනවා ඇති ද ?