
(රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)
හැටන් නගරයේ ගැට කැපිමට පැමිණ බව කියන කාන්තාවන් පස්දෙනෙක් හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
එළඹෙන දිපවාලි උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරිමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් පස් දෙනා හොදින් ඇද පැළද උත්සව සමයේ හදුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගන්නා බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
අවු 18 – 30 වයස් කාණ්ඩවල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබි මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත,
හැටන් පොලිසිය මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවත් එම පිරිස හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ පින්තූර පෙන්වන්න එපා...!
ජනතාවගේ ආරක්ෂාව සඳහා මොවුන්ගේ මුහුණු පැහැදිලිව පෙන්වන්න. මොකද ඉංග්‍රීසි කියමනක් තිබෙනවා වනස් අ තීෆ් ඕල්වේස් අ තීෆ් කියලා. එක සැරයක් හොරා උන කෙනෙක් හැමදාටම හොරෙක් කියලා.