වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්  සඳහා  කොවිඩ් මර්දන එන්නතහි තෙවැනි මාත්‍රාව ලබා දීම අද (17) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී   කාර්යාලයේ දී  60ට වැඩි වැඩිහිටියන්  සඳහා  බූස්ටර්  එන්නත ලබාදෙන අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

මේ අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ද , සයිනොෆාම්  පළමු මාත්‍රාවක් හා සයිනොෆාම් දෙවන මාත්‍රාව ද ලබාදීමේ වැඩ වැඩසටහනක් ද කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද  (17) පෙරවරුවේ සිට පස්වරුව දක්වා පැවැත්විණි.

 එහිදී යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් එම එන්නත් ලබා දුන් අයුරු ද  ඡායාරූපයන්හි දැක්වෙයි .

(ඡායාරූප ශාන්ත රත්නායක)

ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී බූස්ටර්  එන්නත ලබාදෙන අයුරු


(ඡායාරූප ගයාන් අමරසේකර)

යුද හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් එම එන්නත් ලබා දුන් අයුරු

පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අයුරු