රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයයේ උත්සවයකට සහභාගී වෙමිනි.

‘රාජ්‍ය සේවකයකු අවුරුදු 60න් විශ්‍රාම යැවීමේ තීරණයට මම විරුද්ධයි. එය රැකියා වියුක්තියට පිළියමක් විතරයි. අවුරුදු 85දීත් සිය අධ්‍යාපන ඥාණය බෙදාදුන් මහාචාර්යවරුන් කේන්බ්‍රිජ් සරසවියේ සිටිනවා..‘