පසුගිය මැතවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වලින් රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් මුල්‍ය අපරාධ විමර්ශන පොලීසිය අද ප්‍රශ්න කිරීම ඇරඹිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහතාගේ ආගමික උපදේශකවරයෙකු වශයෙන් ඒ හිමියන් පත් කර තිබිණි.
සෝමානන්ද හිමියන්ගේ ප්‍රශ්ණ කිරීම අද පෙරවරු 9.30 ට අරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳ වැඩක් නේ ...හැබැයි අට කෝටියක් බෙදුවට ගත්ත කෙනෙක් නම් නැහැනේ ,මේවා බොරු මාධ්‍ය සංදර්ශන දැන් දින සිය ඉවරයි නේ .තව කාලයක් ඉන්න ...අපි අහුවෙයි ..කෝ කුඩු ලොක්ක ඇල්ලුවද ? තම එළියේ ලස්සනට .අහිංසකයෝ ඇතුලේ ... (ස).
කුඩු කන්ටේනර් පිටින් ගෙනගිය අය තාම නිදැල්ලේ. (නි)
අනේ ඉතින්! ගිහියන්ට දානයක් පිරිනැමුවොත්, ඒත් අල්ලගෙන ගිහින් හිරේ විලංගුවේ දමාවිනේ ? (නි)
තවත් මාධ්‍ය සංදර්ශනයක ආරම්භයක් . මේ සියළුම දේවල් ඡන්දෙ වෙනකන් තමා , දැන් ලැම්බෝ ගිනි අල්ලලා ඉවරයි , හෙලිකොප්ටර් අල්ලලා ඉවරයි . බුබායි බැංකුවේ ඩොලර් කොටි 10,000 අල්ලලා ඉවරයි. ඊට පසු ශි ෂෙල්ස් වල මහජන බැංකු කතාවක් ගෙනාව , දැන් එ්කත් ඉවරයි වගේ . හැබැයි මහා බැංකුවේ බැඳුම් කරයේ වරද කාරයට නිල නොලත් වශයෙන් දඬුවම් ලැබිලා වගේ . දින 100 ට මෙහෙම නම් දින 1000 ක් හිටියා නම් කොහොම වෙයිද ? ඒ අනුව නියම හොරු අදුනාගෙන ඊළඟ මහා ඡන්දෙදි ජනතාව නිසි පිළිතුරු දෙවි . (බ)
නන්දලාල් මහත්තයාගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ නියාමනය කියන වචනයේ. සිල් රෙද්දෙන් බෞද්ධයන් නියාමනය කරන්න හිතන්න ඇති. (බ)
අැයි ශෂීගේ පාස්පෝර්ට් දෙක අල්ල ගත්තා මදිද දින සීයට? (බ)
පන්සලේ කෙරෙන්න ඕන වැඩ නෙමෙයි හාමුදුරුවොත් අද කාලේ කරන්නේ.(බ)
මෙච්චර අපරාධ වෙන රටේ මාසෙකට සැරයක් වත් පන්සල් ගිහින් සිල් ගන්න කොයි ආණ්ඩුද සිල් රෙදි බෙදුවේ. මහා බැංකුව කොල්ල කන්නේ නැතුව මේ වගේ පිනක් කරපු ආණ්ඩුවක් නැවත පත් කළ යුතුයි. අහල තියනවද දුන් දේ සුවඳයි. නොදුන් දේ ගඳයි. (බ)
එක සිල් රෙද්දක් රුපියල් 1000 උනොත් , සිල් රෙදි ලක්ෂ 6 ක් ගන්ඩ පුළුවන් , මේක බොරුවක් (නදී)
අර කොළඹ පැත්තේ මරික්කාර් කියල හාදයෙක් මේ දිනවල ක්‍රිකට් බැට් බෙද බෙද යන්නේ කාගේ ස්ල්ලිවලින්ද?මේ යහ පාලනයේ බොරු මාධ්‍ය සංදර්ශන නවතා දමා රට ආරක්ෂා කර ගන්නවානම් හොඳයි. (බ)
රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදලත් ලැබුනේ ඡන්ද කී ලක්ෂයයිද? දිය රෙද්දෙන් බෙල්ල කපන අය ඉන්න රටේ, සිල් රෙද්දෙන් ඡන්ද ගන්න නම් බැරි වුණා නේද? (නි)
විදුලි සංදේශ නියාමන කොමිසමයි, සිල් රෙද්දයි අතර තිබෙන සම්බන්ධය මොකද්ද? කොහොම වුණත් ඒ "විදුලි සංදේශ" පණිවුඩය නම් ඡන්දදායකයන්ට ලැබිලා නැහැ වගෙයි (නි)
මහානාම, හැම එකම හැමදාම කියන්න ගියොත් පත්තර මදි වෙනවා. ඩුබායි සල්ලි ගැන ජාත්‍යන්තර උදවු අරගෙන තව හොයනවා. සී ෂෙල්ස් බැංකුව ගැන බැංකු ලොක්කගේ වැඩ තහනම්. දවසින් කරන්න බෑ නීතියට අනුව. ඉස්සරනම් කුදලල අරන් ගියානේ. ඒකම තමයි මෝඩයන්ට ඕන නේද? (අ)