
(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (25) අලුයම 4.00ට ඉවත් කිරිමට නියමිතය .
පොසොන් දිනය යෙදුණු අද (24) ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා දිවයින පුරා සංචරණ සීමා රජය විසින් ඊයේ (23) රාත්‍රියේ සිට පනවනු ලැබීය .
සංචරණ සීමා හෙට අලුයම සිට ඉවත් කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේම කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ක්‍රියාත්මකවන සීමාද දිගටම පවතිනු ඇත.
මේ අතර කොවිඩ් ආසාදිතයන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීහු පවසති .
සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්දයාව නිදහස් කරන කම් තමයි රට වහලා තිබ්බේ... එහෙනම්. මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...
ඔවු දැන් රටම ඇරගෙන තමයි යන්නේ...
රටවල් වහගෙන ඉන්න බෑ. ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. එන්නත් කරනය දිගටම යා යුතුයි. සියයට පනහකට වැඩියෙන් එන්නත් පළමු මාත්‍රාව හෝ දීගත් පසුව සහනදායි ලෙස ඉදිරියට යන්න හැකි වේවි. මේවා දේශපාලන ප්‍රශ්න නෙවෙයි.