වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය නිසා, අපරභාගයේ දී  සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අකුණු සමඟ වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 17/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

95

55

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

95

70

උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

24

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

95

80

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

33

26

95

65

උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

31

20

95

65

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

22

12

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

34

24

95

70

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

32

25

95

70

උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

25

90

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං වයඹ දෙසින් හෝ ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).