1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා රෝද පුටුවක් පිරිනැමීමේ සමාජ සත්කාරයක් බොරැල්ල මංසන්ධියේදී අද දැක ගත හැකි විය.
ජූලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පී. අමරදිවාකර මහතා පැවැසුවේ පැවැති සෑම රජයක්ම බලයට ඒමේදී ජූලි වර්ජකයන් වන තමන්ගේ ගැටලූ ඉක්මනින් විසඳා සහනයක් දෙන බව කීවත් තවමත් කිසිදු පිළිසරණක් නොමැති ජූලි වර්ජකයන් ඕනෑ තරම් සිටින බවයි.
ශ්‍රී ලංකා මහජන සහෘද සංගමයේ සභාපති මාදම්පාගම අස්සජි හිමියෝ රෝද පුටුවද ජූලි වර්ජකයන්ගේ සංවිධානය මුදල් ද පරිත්‍යාග කළහ.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අර 80 වර්ජනේ මෙහෙයවපු කට්ටිය?
මේ වර්ජනය දැන් කට්ටියට අමතක වෙලා .ඒත් තවමත් මිනිස්සු මැයි දිනයට පෙළපාලි යනවා . ඔන්න ඕකයි කම්කරුවන්ගේ කතාව.
දේශපාලඥයො පස්සේ ගිහින් වැඩි වාසි ගන්න හිතලා පාරට වැටුණු අය ගැන හිකලා අපිටක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්
ඇත්තටම දුකයි. ඒත් ජේ.ආර්.ට බනින්න මම කැමති නැහැ...
ඇත්තටම දුකයි.දේශපාලන පක්ෂ තමන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටු කර ගන්න මෙවන් වර්ජන පාවිච්චි කිරීමෙන් වෙන්නේ අහිංසක සේවකයෝ පාරට වැටෙන එකයි අවුරුදු 32කට පස්සේ රෝදපුටවක් දීල කෑ ගහන්නෙ.. මෙච්චරකල් ඒ මනුෂ්වයා ඔය කට්ටියට පෙනුනෙ නැද්ද?????
වර්ජනය කරල ලබාගත්ත දේවල් ගොඩක් අඩුයි...
පව් අහිංසක මිනිස්සු, බලයේ සිටින නිලධාරීන්ගෙ අවධානයට යොමු වෙන්න ඕන...
කෝ වර්ජන කරන කොට හිටපු උදවුකාරයෝ ටික?
බොහොම හොද සත් ක්‍රියාවක්.. මීට පෙරත් මේ අය ගැන පුවත් කීප වතාවක් පළ වුණා. ඒත් හිගමනට වැටෙනකම් හිටපු එකයි දුක. ඉදිරියටත් මෙවැනි අසරණ අය සොයා දිරියක් දීමට කටයුතු කලොත් යහපත්...
හොඳ දෙයක් ,නමුත් විසඳන්න දෙයක් ඉතුරුවෙන එකක් නෑ...ස්වාභාවිකව කාලයා විසඳාවි....
අවුරැදු 32කට පස්සේ රෝදපුටවක් දීල කෑ ගහන්නෙ.. මෙච්චරකල් ඒ මනුෂ්වයා ඔය කට්ටියට පෙනුනෙ නැද්ද අනේ හා...
මිනිහා ජීවත් විය යුත්තේ ඉබ්බෙක් විදියට මිසක් මාළුවෙක් විදියට නොවේ... පැරණි කියමනක්...
මේ අසරණ මිනිසාට උදව්කළ සැමට පිං...
මෙය ලෝකයටම පෙන්නන්න සුදුසු දෙයක්
මාදමිපාගම අස්සජි හාමුදුරුවන්ව දැක්ක කල්. ඉතින් කොහොමද හාමුදුරුවනේ? හුගාක් දවසකට පස්සේ ස්වාමින් වහන්සේව දුටුවෙ.ඔබ වහන්සේ එදා ඉදලාම නිහඩ සේවයක් කරන ස්වාමින් වහන්සේ නමක්නේ. මට තවම මතකයි මහා ගංවතුරක් ගලපු අවස්තාවෙ ඔබ වහන්සේ ජනතාව අතරට ගිහිල්ලා කරපු සේවය. ආගමි බේදයකින් තොරව කටයුතු කරපු ආකාරය. සර්ව ආගමික වැඩසටහන් වලදී මදනි මවුලවිලා අපි එකට එකතුවී කටයුතු කරපු ආකාරය මට තවම මතකයි.ඔබ වහන්සේ තවමත් පුණ්‍යභුමියේ සිටීම අපට ආඩමිබරයි. මට ඇත්තෙන්ම ඔබ වහන් ඡායාරූපය දුටු මොහොතේ ඇති වූ සතුටට මෙම සටහන තබමි.
කුමාරිකා මමද ඔබගේ අදහස අනුමත කරමි
වර්ජනය කරන අයට හොද පාඩම්
මේක වාර්තාවක් විතරයිනේ
මේ සිදුවීම සැහැල්ලුවෙන් දකින ප්‍රේක්ෂකයෝ ගැන දුකයි. අපේ මුළු ලෝකයම වෙනස් කළ පුද්ගලයෝ තමා කම්කරුවෝ. මම ඔබට ආරාධනා කරනවා යුරෝපයේ වහල් භාවය පිළිබද කියවන්න කියලා. පැය අට අපිට රිදි බන්දේසියක තියලා නෙමේ දුන්නේ. ඒ සෑම සටනකටම තම ජීවතයෙන් වන්දි ගෙවපු අය බොහෝ සිටිනවා. ඔවුන්ට සැමදා අපි ණයගැතියි. සමතපාල මහත්තයා හිගාකැවා තමා. හැබැයි සමතපාල මහත්තයා මේ රටේ සම්පත් සුරාකෑවේ නෑ. දේශපාලනඥයන්ට මුට්ටි අල්ලලා තම බඩගොස්තරය පුරව ගත්තේ නෑ. සමතපාල මහත්තයා ගැන දුකයි. නමුත් ඔහුට දැන් හරි පිහිට වීම ගැන ආඩම්බර වෙනවා
වර්ජනයට වඩා තර්ජනයෙන් ගත් දේ තමයි වැඩි.
අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රදන්නෙ.... අහසෙ මාලිගා තැනුවට අපි පොලොවේ සිටින්නෙ... අපි තාමත් සටන් කරනවා ඒත් ලැබුනු දෙයක් තියෙනවද ? මෙ මනුස්සයා අවුරුදු 32 පස්සෙ අද ඉන්න තැන ?
බලය ගැන මොන කතාද? එයාලට කිරි අපිට කැකිරි....
මෙයාලගෙ කරපිටින් ආපු සමහර අය තාමත් ඇමතිකම් කරනවා.
මේ ගැන සොයා බැලූ ලංකාදීප ඇතුළු සැමට බුදු සරණයි...
අවුරැදු 32 කට පසුවත් මෙහෙම උදව්වක් කිරීම ගැන මාදම්පාගම අස්සජි හිමියන්ට මෙන්ම සියලු දෙනාටම ප්‍රණාමය පුදකරමු. විශේෂයෙන් මොහු ගැන විශේෂ ප්‍රසිද්ධියක් ලබාදුන් ජනමාධ්‍යවේදීන්ටද ස්තුතිය පිරිනැමිය යුතුය.
මේ සුජිත් කවුද කියලා අදුරන්න බැරිද ඕගොල්ලන්ට?
මේ කට්ටියට ගොඩක් පිං....!
ඔය දීපු ගාණ ප්‍රචාරයේ තරමට වැදගත් නම් තමයි ඉතිං හොද
ඒ අසරණ මනුස්සයට ජීවත් වෙන්න මාර්ගයක් හදලාදෙන්න ඕන නේද???
කෝ අපේ ජනපති ????????????
දේශපාලනේ නරකම පැත්ත තමයි මිනිසුන් රවටා තමන්ගේ මග සකස් කර ගැනීම
ඒ කාලේ වර්ජන මේ කාලේ වර්ජන වගේ නෙමෙයි.නිකන් මෝඩකම පෙන්නන්න එපා
ජනතා මුදලින් අධ්‍යාපනය ලබා වරප්‍රසාද ලැබූවන් වර්ජනය කිරීමට පෙර මේවා ආදර්ශයට ගනිත්වා!
දේශපාලන පක්ෂ තමන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටු කර ගන්න මෙවන් වර්ජන පාවිච්චි කිරීමෙන් වෙන්නේ අහිංසක සේවකයෝ පාරට වැටෙන එකයි
වර්ජනේ කරනවා කියන්නේ මූණ එක්ක තරහට නහය කපා ගන්නවා කියන එකයි
ශශී ඔබ හරි.