අට වසරකට පෙර මිය ගිය හමුදා පුතා වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක පාරිතෝෂිකයක් පිරිනමන බව කියමින් පන්විල තවලම්තැන්නේ මවක මහනුවර දිසාපති කාර්යාලයට අසලට රැගෙනගොස් රුපියල් අසූ දහසක් වංචා කළැයි කියන පුද්ගලයකු සොයා ගැනීමට පන්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී එම මව හමුවිමට ගිය වංචාකාරයා ඇයට කියා ඇත්තේ පාරිතෝෂිකය ලබා ගැනීමට පෙර රුපියල් අසූ දහසක් කච්චේරියේ තැන්පත් විය යුතු බවයි.
මුදල් රැගෙන කච්චේරිය ඇතුළට ගිය ඔහු යළි පැමිණ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෙක් අහිමි වුණ මවක් අසරණයි. ඒ අම්මට දොස් කියන්න එපා. මගෙ මල්ලී නැති වුණ වෙලේ මගේ අම්මාගේ මානසික තත්ත්වය මම දන්නවා. හමුදා නිල ඈදුමට අගෞරවය කළ ඒ හොර දෙටුවාට නිසි දඩුවම් දෙන්න නීතියට බාරයි. (නි)
දැන් එතකොට තම්බි කෙනෙක්ද මේ වැඩේ කළේ? (නි)
අහිංසක ජනතාව මේ වගේ රැවටීමට ලක්කරන්නන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුය(නු)
වැඩි තන්හාවට ගිහිං උන දෙයක් තමයි..!(නු)
වැඩි තණ්හාවට ගිහින් වුණු දෙයක්? (නි)
ජයතිස්ස ..අහිංසක මිනිස්සු ගැන ඔහොම කියලා ඔයාගේ නූගත් කම රටටම පෙන්වන්න එපා (ස)
එකත් එකටම අර මහයියාවේ බැංකුවට රිංගපු නංගි වෙන්න ඇති.(නදී)
අම්මෝ පුදුම කාක්කොනේ ලංකාවේ ඉන්නේ (ස)
ඉක්මණට අල්ලා ගන්න බලන්න. මේ අම්මාට එයාව දැක්කොත් අදුරගන්න පුලුවන් වේවි. (නි)
ඕක එක රැයින් වෙන්න බැහැනේ. කලින් සිටම කතා බහ කරලා කරන්න ඇත්තේ. (නි)
ජයතිස්ස, ඔළුව හොද නැද්ද? (නදී)