අම්පාර බක්කිඇල්ල, නුගේලන්ද පන්සලක සිටි 6 හැවිරිදි සාමනේර හිමිනමක් පැහැරගෙන සිඟමනට යෙදවූ බව කියන යාචකයකු දඹුල්ල සති පොළේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාදුක්කේ වල්පිටමුල උපන් මෙම දරුවා වයස අවුරුදු 5 දී බක්කිඇල්ල පන්සලට යැවූ බවත් වසර එක හමාරකට පමණ පෙර මහණ කර ඇති බවත් ඔහුගේ මව මාලනී ජයරත්න මහත්මිය (38) පවසයි.
ආබාධිතයකු වන යාචකයා එම පන්සලේ නවාතැන්ගෙන දරුවා පැහැරගන්නට ඇතැයි ද දරුවා සොයා ගන්නා විට කොට කලිසමක් හා කමිසයක් ඇඳ සිටි බවද යාචකයාට තාත්තා යැයි ඇමතූ බවද පොලිසිය කියයි.
යාචකයා සහ දරුවා බක්කිඇල්ල පොලිසියට බාරදීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධ නතර කළයුතුයි. (ර)
මරණ දඩුවම දෙන්න බැරිද ? (ස)
වයස අවුරුදු 5ක් යනු අම්මා සමග සිටිය යුතු වයසක්. මෙපමණ බාල වයසින් මහණ කිරීම සුදුසු නැත. (නදී)
තවත් හිගන්නෝ ඉන්නවද (දිල්)
බුදු පුතකු විකුණු දෙව්දත් පරපුර (නදී)