අන්තර්ජාල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී හැකර් කිරීම හෙවත් දත්ත මකා දැමීම සඳහා තම ගනුදෙනුකරුවනට මෘදුකාංග හා උපදෙස් දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් මහ නුවර ගයාන් උෂාන්ත සිල්වා රුපියල් පනද් සහසක මුදල් ඇප සහ රුපියල් දස දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔහු උසාවියට ඉදිරිපත් කළ රහස් පොලීසිය පැවසුවේ ඔහුගේ ක්‍රියාවෙන් රජයේ වෙබ් අඩවිවලට කිසිම හානියක් සිදුවූ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් සොයා නොගත් බවයි. හානි සිදුවූයේදැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ කර ගෙන යන බවයි.

සැකකරුගේ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසුවේ තම සේවාදායකයා ඉංග්‍රීසි උපදෙස් සිංහලට පරිවර්ථනය කිරීම හැර පරිගණක අපරාධයක් කර නැති බවයි.