සිවුවැනි වරටත් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතමින් විද්වත් වෘත්තිකයන්ගේ තරුණ එකමුතුව ලිපියක් යවා ඇත.
නව කැබිනට් මණ්ඩලය සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී ඒ ඒ විෂයන් පිළිබඳව වෘත්තීය නිපුණත්වයක් ඇත්තවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයිද, අගමැතිවරයාගේ මනා අවබෝධය හා විචක්ෂණ භාවය මත එකී පත් කිරීම් සිදුකරනු ඇතැයි විශ්වාස කරන බවද එම එකමුතුවේ ප්‍රචාරක ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.
අගමැතිවරයා දින 100 තුළ කළ භාරකාර ආණ්ඩුව මගින් ඇති කළ ජාතික විධායක සභාව ශක්තිමත් කර ඒ ඒ විෂයයන්ට අදාළ අනුකමිටු පිහිටුවා සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දෙන්න ගියොත් ඉතින් දෙන්න කෙනෙක් නැති වෙනවා. (ම)
මුදල් ඇමතිකම හර්ෂට සුදුසුයි . අදාල සුදුසුකම් කුසලතා ඔහු සතුව ඇත (ම)
මුදල් ඇමැතිකම හර්ෂට සුදුසුයි (බ)