(අජන්ත කුමාර අගලකඩ)
බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කරගැනීම බව පවසා ඇත.
එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු පත්කරන එක බොරු වැඩක්. නීතිමය පියවර ගතයුතුයි.
ඉතින් එහෙම අය තමයි පාස්කු දින බෝම්බ ප්‍රහාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාඩිවෙලා නඩු අහන්නේ.
තමුන් වඩාත් සැලකිය යුත්තේ කුමකටද කියා හකීම් මහත්තය දන්නවා. ඕවට දැන් කෑගසා වැඩක් නැහැ පාටලී මහත්තය
තම තොප්පිය ඔලුවේ.
සය්ටම් විරෝදය මෙතනට එන්නේ නැහැ මේකේ ඉන්නේ බහුතරය සිංහලයෝ ඔවුන්තමන්ගේ අයට පමණක් උගෙන ගන්න ඉඩ දෙන්නේ නැති තමන්ගේ ම පිරිසෙන් පමණක් කකුලෙන් අදින ඉන්දියානු සම්බවයක් ඇති පිරිසක්
චන්ද පොරොන්දුවක් බවට ඕක පරිවර්තනය කරගන්න තමා ඕක කල් අරින්නේ.අපි නොදන්නා හකීම්!!
හොරාගේ අම්මගෙන් පේන අහනවා