රවුෆ් හකීම් මහතා වර්ෂ 2005 දීත්, 2010 දීත්, 2015 දීත් සිටියේ විරුද්ධ පක්ෂයේ බවත් එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දීත් , 2010 දීත් ජයග්‍රහණය කළ බවත් 2015 දීත් එලෙසම ජයග්‍රහණය කරන බවත් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හංවැල්ල නගරයේදී පැවති ජන රැලියක් අමතමින් කීවේය.
“ ෆොන්සේකා රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න දේශපාලනමය ලෙස අන්ධ සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙලා තියෙනවා. එදා ෆොන්සේකා මහත්තයා වටා එක්වුණු සම්බන්ධන්ලා, හකීම්ලා අද සිරිසේන මහත්තයා වටා එක්වෙලා ඉන්නේ යහපාලනයක් ගේන්නද? සිරිසේන මහත්තයා පළමු මාධ්‍ය සාකච්ඡාව තියලා කිව්වේ, මහින්ද රාජපක්ෂ රට බෙදන එක බලන් ඉන්න බැරි නිසා ඉවත්වුණා කියලද? රාජ්‍ය ආයතන විකුණන් කනවා බලන් ඉන්න බැරි නිසා ඉවත්වුණා කියලද? රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා රට විපතට පත් කරපු නිසා ඉවත්වුණා කියලද? නැහැ. සිරිසේන මහත්තයා ආවේ තමන්ගේ පනත නැති වුණා, සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% සිට 60% දක්වා අඩු වුණා ආදී වශයෙන් විවිධ දේ කියමින් අඬා වැලපෙමිනුයි.
මේ හවුලට දුදනෝ සුදනෝ කරන්න යන්නේ පැයයි දෙකයි. ආණ්ඩුවේ ඉන්නකන් දුදනෝ කියන ඕනම කෙනෙක් ඒ වේදිකාවට ගොඩ උනාම සුදනෙක් වෙනවා. ධීවර අමාත්‍යංශයේ අයවැය විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ධීවර ඇමතිගේ නැව් 15 කින් මාළු හොරකම් කරනවා, මෙහෙම ධීවර ඇමති කෙනෙක් එක්ක වැඩක් කරන්න බැහැ කියලා. නමුත් අද ඒ වේදිකාවට ආවාහම සුදනා. රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවේ ඉඳිද්දී, අධිකරණයට ගල් ගැහුවා, නීතියට එරෙහි වුණා ආදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ චෝදනා එල්ලවුණා. නමුත් අද සුදනා කරලා තිබෙනවා.
ජනාධිපතිවරණයක් ළං වෙද්දී වික්‍රමසිංහ මහත්තයා අහසේ කඩන් වැටෙන තරු දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා පෙර ආත්මයක බරපතළ අකුසල කර්මයක් කරපු කවුරුහරි මගේ ඔඩොක්කුවට කඩන් වැටෙයිද මේ පාරත් මගේ විපක්ෂ නායකකම බේරගන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව....චන්ද නැතත් දිනන්න පුළුවන් කියල හිතාගෙන වැඩ කරපු එකේ විපාක බලන්න තව දවස් 10 කින් පුළුවන්. (නදී)
මාවරමණ්ඩිය පැත්තේ පොඩි කොමියුනිකේෂන් එකක් කරගෙන හිටිය කොල්ලට ගිය කල. බෙන්ස් වලින් දැන් යන්නේ. අනේ වාසනාවන් අපේ හාමුදුරුවනේ (නදී)
හරි උප්පැනයක් නැහැ කියන්නේ හරි ජාතකයක් නැහැ කියන එකයි.(නදී)
වන්දිබට්ටයන් උනත් කතාව ඇත්තනේ. පුද්ගලයට නොව කරන කියන දේ විමසා බලන්න ඕනනේ. (ර)
මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමට කියයිද දන්නෙ නැහැ, කවුරු ඡන්දෙ නුදුන්නත් දිනන්න පුළුවන් කියලා (නි)
ඔබතුමාගේ අදහස හරියටම හරි. (නි)
මේ කියන්නේ බොරුවක් නෙමේ කියල කාට උනත් තේරෙනවා..(නදී)
ඔබ තුමා රටට ආදරේ කෙනෙක් අපේ ජනාධිපති තුමා වගේ ජය වේවා (නදී)
ඔව්, 8 වෙනිදාට ඉතුරු වෙන්නේ මොකක්ද කියලා බලමුකෝ. (නි)
9 වෙනිදට ඇමතිකම ගහල යනවට දුක නැද්ද?(නදී)
මෙයාගේ මුළු ජීවිතේම බොරුවක්. අපි දැක්ක විවාහ සහතිකේ (නදී)
පුට් බයිසිකලයක් ගන්න රුපියල් සීයක් තිබුනේ නෙහෙ කියා කටින්ම කියූ මොහු අද කෝටිපතියෙක් වුනේ කොහොමද කියන ප්‍රශ්නය ඉදිරියේදී හොයා ගන්න පුළුවන් වේවි....(නදී)
වන්දිභට්ටයා වුනත් කියන දේ පිලිගන්නවා "තමා සම්මතයේ පිහිටා සිට" කියනවා නම්. (නදී)
අති ගරු මහින්ද ජනාධිපති තුමාට නිකම්ම නිකන් ජයක් නොව විශිෂ්ඨ ජයක් 8 දිනට ජයෙන් ජයම වේවා.... (නදී)
අනේ ඔයා ජේවීපී එකේ ඉන්නකොට කියපු දේවල් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නකෝ. (නි)
බලමුකෝ 8 වැනිදාට.(හේ)
සත්‍ය එයමයි. ජයවේවා! (නි)
අර පරණ අධිරාජ්‍යවාදී තැටිය මේ පාර වාදනය කරන්න අමතකවුණාද? (නි)
වීරවංශතුමනි, මේක කියන්න තිබුනේ ඔවුන් යන්න කලින්නේ. (නි)
ඉතින් හකීම් නැතුව දිනන්න පුලුවන්නම් මොකටද ඔයහැටි බෙරිහන් දෙන්නේ. (නි)
විමල්ට ජයවේවා! (නි)
මියෙම්වාද? රැකෙම්වාද? (නි)
ඉන්දික , රාජු, මේ කතා මෙයා කලින් (හකීම් මේ පැත්තේ ඉන්නකොට) කිව්වේ නැත්තේ මොකද? (නි)
නියම කතාව මහත්තයෝ! (නි)
මෙයාගේ කතා අහන්න හරිම ආසයි මට (නි)
නියම කතාව. විමල්ගේ කතා මොන පක්ෂයේ වුණත් අහගෙන ඉන්න ආසයි (නි).
මෙච්චර දුෂණ වංචා කරන මේ වගේ පාලකයන්ටත් හොදයි කියන මෝඩ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ. තමන් ගැන විතරක් නොහිතා රට ගැන හිතන්න. . (නදී)
අනුන්ගේ කුණු අවුස්සන්න කලින් තමන්ගේ වැඩ ටික අවුලක් තියද කියල බැලුවොත් හොඳයි නේද ? (දිල්)
මෙයා තරම් වන්දි බට්ටයෙක්, මුළු ලංකා ඉතිහාසයේම ඉඳලා නෑ. රජ කාලේ පවා හිටියේ නෑ. රජකාලේ හිටියෙත් කෙලින් වන්දි බට්ටයෝ, පැත්ත මාරු කරපු අය නෙවි, (දිල්)
විමල එක අතකින් හොදයි පැරදෙන බව දැන දැන. තම ස්වාමියාව දාල යන්නෑ (දිල්)
ජේ.වී.පී එකේ ඉන්නකන් ආණ්ඩුවේ පලු යවලා, සියලු වරප්‍රසාද අරන් ධනපති පන්තියට කිසි හිරිකිතයක් නැතිව ගොඩ උන ඔබ තුමා මොන ගොඩටද අයිති වෙන්නේ එතකොට?සුදන ගොඩටද දුදන ගොඩටද? (නදී)
මේ වගේ නළුවෙක් මන් කොහෙවත් දැකල නෑ. සාමාන්‍ය පෙළ යන්තම් පාස් මෙතුමා තමා දැන් ආණ්ඩුවේ ගැලව්ම් කාරය. තිර රචනා ලියන්නත් රගපාන්නත් අන්දනත් මෙතුමා තරම් දක්ෂයෙක් ලංකාවේම නැ. සම්මානයක් දෙන්න වටිනවා. මෙතුමා නියම සමාජවාදිය. මූණ බැලුවම ඇත්තම කියන්නේ කියල අපට තේරෙනවා. (බ)
නියමයි, නියමයි ඔහොම යන් (නදී)
ඔව් ඔව් ජනතාවගේ ඡන්දෙ නැතත් දිනනවා කියල අපි දන්නාවා අනේ(දිල්)
රටේ ප්‍රාග් ධනය හොරකම් කරපු උන් හිරේ දානවද මහින්දගේ අර්න්ඩුව අාවම ? (බ)
ඔන්න සමාජවාදය ඉතිරෙනවා. (දිල්)
නව වැනිදට බලමුකෝ (දිල්)
විමල් විරවංශ මහතා කරන තර්කය හරියටම හරි. ඔහු කතා කර තිබෙන්නේ ඇහැට පෙනෙන යථාර්ථය පමණයි. එයට විරුද්ධ වන්නෝ යථාර්ථය දකින්නට අකමැති මනෝ ලෝකයක ඉන්නට කැමති කුඩුකාරයන් මෙනි. (දිල්)
මෙයාත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ වගේ බැජ් එක පළදින්න පටනං අරගෙන වගෙයි. (දිල්)
මම නම් අනුන්ගේ ගිවිසුම් වලට කලින් මගේ විවාහ සහතිකය දරුවන්ගේ උප්පැන්න ආදියේ මගේ සහ මහත්තයාගේ වයස නිවැරදි දැයි සොයා බලනවා.(දිල්)
වැඩ කොහොම වුණත් කතාවට දක්ෂයිනේ (දිල්)
පොදු අපේක්ෂක කව්රු ආවත් රටේ නිතියනම් අනිවාර්යයෙන් වෙනස් කරන්න වෙනවා. (නදී)
කව්ද කිව්වේ 1948 නිදහස හම්බවුණා කියලා (නදී)
8 වැනිදායින් පස්සේ බලමුකෝ (දිල්)
මට පේන්නේ රාජු මේ දැන් මනෝ ලෝකයෙන් ගොඩ බැහැලා වගේ.(දිල්)
මේ කතාවල හැටියට අන්තිමට කවුරු නැතත් අපි දිනලා තියෙයිද දන්නේ නෑ (දිල්)
මොන හිරයක්ද අදින කමිසයක්ම ලක්ෂ 3 ක් ලු, ඉතින් ප්‍රාග්ධනය හොරකන් කල අය දානව නම් මුලින්ම මෙයාල කැමැත්තෙන්ම හිරේ යන්න එපැයි (නදී)
බලමු නව වැනිදා උදේට(දිල්)
නුගත් කම තමයි දැන් දේශපාලනය කරන්න තිබෙන ලොකුම සුදුසුකම. (නදී)
හපොයි ඔව්. (ර)
මේ දවස්වල හොඳ හොඳ කියුම් අහන්න ලැබෙනවා මාධ්‍ය තුලින්. ඒ වගේම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. (ර)
මට අර මහාව්ෂධ ජාතකයේ කේවට්ටයාව මතක් වෙනවා. (හේ)
ළමයි පුංච්යට ඉඳල ලොකුවෙනවා. මෙයා ලොකුවෙලා ඉඳල පුංචි වෙනවා. (ර)
අනුන්ගේ දුෂණ වලට කලින් තමන්ගේ වැඩ ගැන බලා ගත්ත නම් හොඳයි. (ර)
තවමත් ඉන්නේ අනුන්ගේ කුණු ඇද ඇද . හරි දැන් ඔබතුමාගේ අනාගත වැඩ පිළිවෙල මොකද්ද ලංකාවේ දියුණුව සඳහා. දැන්වත් ඒක කියන්න. අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ වැඩ පිළිවෙල කියන්න. ඔබතුමාට තියෙන්නේ කුණු ඇවිස්සීමේ ඇමතිධුරය නෙවෙයිනේ. මෙහෙම අනුන්ගේ වල්පල් විතරක් කියව කියව හිටියොත් අපිට හිතන්න වෙන්නේ ඔබතුමාට වැඩ බැරි නිසා කිසිම වෙනත් වැඩක් ඉහලින් භාර දීල නැහැ කියලා (නදී)
ජයවේවා ජනාධිපතිතුමනි (නදී)
මේ මොන විහිලුවක්ද ? (නදී)
තමන්ගේ කටෙන් නෙවෙයි වැඩ වලින් තමයි රට ගත යුත්තක් තියනවා නම් තියෙන්නේ. (හේ)
බලමුකෝ කට්ටිය තනිවෙලා දිනන විදිය.(හේ)
ගෙදර යන්න විමල්. ඔයාගෙ බයිලා අහල හොඳටම ඇති. ඔයා තමයි නොම්මර එකේ කුමන්ත්‍රණ කාරයා. අපිට පේන්නේ තමුන්නැහේ කුමන්ත්‍රණයකින් තමයි මේ ලෝකෙට අැවිත් තියෙන්නේ (බ)
ඉන්නකම් මොක්කුත් කීව්වේ නැහැ (නදී)