ඕනෑම කෙනෙක් විවාහ උත්සවය මෙන්ම විවාහ චාරිත‍්‍ර කරන්නේ ජීවිතයේ එක් වතාවකදී පමණයි. දික්කසාද වූ අයෙක් නැවත විවාහ වී උත්සව ගන්නා අවස්ථා තිබුණද විවාහ වී සිටින යුවළක් නැවත විවාහ වී උත්සවයක් ගන්නා අවස්ථා දැකගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජනප‍්‍රිය මේරියන්ස් සංගීත කණ්ඩායමේ 17 වසරක් සැක්සෆෝන් වාද්‍ය ශිල්පියකු සහ ගායන ශිල්පියකු ලෙස කටයුතු කළ දැනට ඩි-මේජර් (D Major) නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ”හෙක්ටර් ඩයස්” පසුගියදා එලෙසින් නැවත විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහුගේ මනාලිය වූයේ බිරිඳ පාඨලීය. පුතුන් දෙදෙනා සහ දියණිය මල්කුමරුන් සහ කුමරිය ලෙස පෙනී සිටියහ. හෙක්ටර් ඇයි මේ විදියට නැවත විවාහ උත්සවයක් පැවැත්වුවේ?
”අඳුර ගලායන හෝරාවේ
සඳවත පීදෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ”
මේ විදියට නැවත විවාහ වූ දවසේ හෙක්ටර් තමා විසින්ම නිර්මාණය කළ ඒ ගීතය ගයමින් උත්සවය ආරම්භ කළේය. ඉන්පසුව ”ජීවිතය” ගැන කතා කළේ මෙලෙසිනි.
ජීවිතේ මැරෙනකල්ම අලූත් විදියට ජීවත්වෙන්න පුළුවන් නම් ඒක තමයි සුන්දරම දේ. පාඨලී සහ මම විවාහවෙලා මේ වසරට අවුරුදු 10 යි. ඉතින් ඒ විවාහ සංවත්සරය අපට අලූත් විදියට සමරන්න ඕනෑ වුණා. මේ විදියට කවදාහරි කරමු කියන දේ ගැන අපි දෙන්නාම කලින් කතා කරගෙනයි තිබුණෙ. ගෙවීගිය වසර දහය ගැන මොකද හිතන්නෙ? මොනවද වෙච්ච වෙනස්කම්?
හරිම සුන්දරව ගෙවීගිය දස වසරක් වුණා. පුතාලා දෙන්නා සහ දියණිය පවුලට එක්වුණා. ලොකු පුතා ඩෙවින්, දුව ඩියෝනා, පොඞ්ඩා ඩිලෝන්.
”ඩි” යොදා ගත්තෙ ඇයි? ඔබගෙ ඞී මේජර් කණ්ඩායමට ඒ දරුවනුත් බඳවාගන්න හිතාගෙනද?
ඇත්තටම ඒ අදහසත් නැතුවාම නෙවෙයි. එයාලා දැනටමත් සංගීතය හදාරනවා.
ආයෙත් විවාහ උත්සවයක් පැවැත්වීම නිසා ලොකු මුදලක් යන්න ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. නමුත් වියදම් කළ මුදලට වඩා අපට ඕනෑ වුණේ සමාජයට ආදර්ශයක් ගෙනදීමටයි.
මොකක්ද මේ නිසා සමාජයට ලැබෙන ආදර්ශය?
ලංකාවේ දිනකට විවාහ උත්සව සියයක් විතර සිද්ධවෙනවා. ලෝකයේ අනන්තවත් වෙනවා. ඒ විදියට විවාහ වෙන්නෙ මැරෙනකල්ම දෙන්නා එකට ජීවත්වෙන්න අරමුණු කරගෙනයි. නමුත් සමහර අයට වරදිනවා. අපි මෙහෙම කළේ ජීවිතය නැවත අලූත්කර ගන්නයි. ආයෙත් අපි සපත කරගන්නවා, ආයෙත් අලූත් ගමනකට. දේවස්ථානයේදී චාරිත‍්‍ර සියල්ල සිදුකළා. මුදු මාරු කරගත්තා. හරිම සුන්දරයි.
මේ විදියට නැවතත් විවාහවීම සම්ප‍්‍රදායානුකූල නැහැ නේද?
අපි ලෝකයේ ජීවත්වන්නෙ කෙටි කාලයයි. මේ කාලයේදී ”සතුට” තමයි නිතර අවශ්‍ය. දුක් විඳින්නෙ නැතුව ජීවිතය සතුටින් ගත කරන්න ඕනෑ. අපි දෙන්නාම ”සතුට” මුල්කරගෙන පවුල් ජීවිතය ගෙනයන යුවළක්. පාඨලී සහ දරු තිදෙනා වෙසෙන්නේ ප‍්‍රංශයේ. නිවාඩු ලබාගෙන මේ විදියට උත්සවය සමරන්න අපි එකතුවුණා. අපේ සමීපතම මිතුරු මිතුරියන් සියලූ දේ සම්බන්ධීකරණය කරන්න වගේම සැලසුම් කර දෙන්න ඉදිරිපත්වුණා. වියදමටත් වඩා අපට වටින්නේ ප‍්‍රීතිමත් ජීවිතයක්.
නමුත් සමහරු මෙය විකාරයක් කියලා හිතාවි?
ජීවිතය ගැන නිසි අවබෝධයක් ඇති කෙනෙක් නම් එහෙම හිතන එකක් නැහැ. විවාහවෙලා දස වසරක් ගෙව්වා කියන්නෙ සුළුපටු කාලයක් නොවෙයි. ඒක දිගු ගමනක්. පවුල අතරට ”සතුට” පිටින් ලබාගන්න බැහැ. ඒ වගේම පවුලක සතුට පිටට දෙන්නත් බැහැ. එය කාටවත් කරදරයක් නෙවෙයි. තවත් කෙනෙකුට ආදර්ශයක්ම මිස. මොකද එදා අපි දෙන්නා ජීවිතය පටන්ගත්තෙ. අද නැවතත් විවාහ ජීවිතය පටන්ගන්නෙ දරු තිදෙනා එක්ක පවුලක් ලෙසයි.
මෙම උත්සවය දවසේ ඔබ පාඨලී වෙනුවෙන්ම ගීතයක් ගැයුවා නේද?
”ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා” ගීතය ගයන්න කියලා ඇය විශේෂයෙන් ඉල්ලීමක් කළා. මම එය ඉටුකළා.
මේක ඇත්තටම ඔබ ආයෙත් ප‍්‍රසිද්ධියක් ලබාගන්න කළ දෙයක් නෙවෙයිද?
කොහෙත්ම නැහැ. එහෙම නම් ඒ සඳහා ඕනෑ තරම් දේවල් සංගීතයෙන් කරන්න අපට පුළුවනි. හොඳ ප‍්‍රසංගයක් කරලා එය කරන්න තිබුණා. නමුත් අපට අවශ්‍ය වුණේ ලෝකයට ආදර්ශයක් දෙන්නයි.
ළඟදී ප‍්‍රසංගයකුත් කරනවා නේද?
ඩෙස්මන්ඞ් විත් ඞී-මේජර් නමින් මෙම 22 වැනිදා මීගමුව ආවේ මරියා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. අපේ ඞී මේජර් සංගීත කණ්ඩායම සමග ප‍්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා සමග ඒ ප‍්‍රසංගය නවමු රටාවකින් ඔබට වින්දනය කළ හැකියි.
දූ දරුවන් සමග...
හැඩගැන්වීම ධනංජය බණ්ඩාර
Location: Hayleys Cafa Pikel






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරා, ඔයාගේ කොළ බිස්නස් එකට කුරුණෑගල පැත්තේ ගියා නම් ගොඩම තමයි.හෝල්-සේල් වැඩේ කරන්න පුළුවන් 27 න් පසු . (නි)
සල්ලි වැඩි වෙලාද ?(අ)
ජීවිතේ විඳින අයට ඊර්ෂ්‍යා කරන්න එපා. ආශිර්වාද කරන්න. ලොකුවට විවාහ මංගල උත්සව අරගෙන ටික කලකින් දික්කසාද වෙලා තව ලොකුවට මංගල උත්සව ගන්න අය ඉන්නවා. මේ දෙපළට තව අවුරුදු ගණනාවක් මේ දරුවන්ට ආදර්ශයක් වෙන මව්පිය දෙපළක් වගේම මේ දරුවන්ටත් විවාහය කියන බැඳීම අර්ථවත් කරවන යුවලක් වේවා!!! මගේ හද පිරි පැතුම්! සුබ විවාහ සංවත්සරයකම වේවා !! (නි)
සමන්ගේ සල්ලිද වෙඩිං එකට අරන් තියෙන්නේ ? (නදී)
අපේ සුභ පැතුම් (ම)
මට නම් මේකේ කිසිම වරදක් නැහැ (නි)
නාකි අයත් බෝනික්කෝ නලවන....කාලේ බැන්දම මොකද ආයෙත් සමරා......ආලේ (ම)
සුබ පැතුම්! (නි)
පුංචි දරුවෝ දෙන්නම කන්නාඩි දානවා. අනේ මන්ද හොදට කොල ජාති ටිකක් කවන්නකෝ . මේ දෙන්න විවාහ වෙලා අවරුදු 10ක් වුණා කියල නැවත විවාහ වෙන්නේ , අඩුගානේ අවරුදු 25ක් වත් වෙලානම් කමක්නැහැ. සමන්ගේ මතයට මම එකාඟයි.(අ)
රටට පරකාසේ ගෙදරට මරගාතේ නම් වෙන්න එපා (නි)
එක වරක් ආශීර්වාදකාර බන්ධනයට ඇතුළු වූ දෙන්නෙක් තවත් වරක් සියලුම චාරිත්‍ර පවත්වා දේවස්ථානයේ විවාහ කරවූ පියතුමා කවුද ..? කතෝලික සභාවේ ප්‍රධානින් මේ ගැන දරන මතය කුමක්ද ? (නදී)
නියමයි. සුබ පැතුම්! (නි)
පිස්සු මගුල් කියන්නේ මේවට තමයි (නදී)
අපිත් මෙහෙම කරනවා කවුරුහරි අපිට 'ස්පොන්සර්' කරනවා නම් ..... (නි)
අපිට ඕන විදියට ඉපදීම මැරෙන එක තීරණය කරන්න බැරි එකේ විවාහයවත් අපිට කැමති විදියට හැකි පමණින් සැමරුවාට මොකද වෙන්නේ ? මගේ විවාහයේදී මම ඇඳුමට අච්චර වියදම් කරලා, සංග්‍රහයට මෙච්චර වියදම් කරලා කියලා වැරදි කියපු ඥාති කෙනෙක් එයාගේ දුවගේ විවාහය මට වැඩිය තුන් හතර ගුණයක් වියදම් කරලා ඊට මාස කිහිපයකට පසු පැවැත්වුයේ. (නදී)
මේක එයාලගේ පුද්ගලික කැමැත්තනේ (නි)
අපේ විවාහයේ විසිපස් වෙනි සංවත්සරය දවසේ පව්ලේ අය එකතුවෙලා පොඩි උත්සවයක් ගත්තා. හොඳටම ගෙවිලා තිබුණු මඟුල් මුදු අයින් කරලා අප නැවත මුදුමාරු කළා. අපේ ආදරය හිතේ තියාගෙන ඉඳලා විතරක් මදි, ප්‍රකාශ කරන්නත් ඕනෑ. එතකොට ජීවිතේ අලුත් වෙනවා. (නදී)
දෙවැනි සැරේට හනිමූන් යනවා.(බ)
ලස්සන වැඩක් මන් ආස සින්ගර් කෙනෙක් (නදී)
තමන්ගේ සහ පවුලේ අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සල්ලි වියදම් කරලා විශේෂ දෙයක් කරන එකේ මම නම් වරදක් දකින්නේ නෑ. (නදී)
අපිට මොකද ඉතින්? (නි)
මේ සල්ලි දෙන්නකෝ අහිංසක දුප්පත් මිනිසුන්ට! (නි)
සොපී තමයි මේකේ හොදම කමෙන්ට් එක දලා තියෙන්නේ.(හේ)
අවංකව විවාහ දිවිය ගතකරන්න (නි)
ඔබ දෙපලට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
අවුරුදු 10 ක් ගිහිල්ලත් හෙක්ටර පාඨලී මේ විදියට ඉන්න එක කොච්චර දෙයක්ද? අනික මෙහෙම උත්සව ගන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? ඒක ඒ අයගෙ කැමැත්ත. මේ දෙයට වැරදියි කියන්නෙ ඉතින් හිතේ පොඩියට හරි ඊර්ශ්‍යාවක් තියන අය තමයි. (නදී)
මම නම් මේවාට කැමති නැහැ (නි)
ඇත්තෝ කති බොති... (නි)
ලඟදි එක මෙගා නිලියෙකුත් මේ කෝලමම නැටුවා. හෙට අනිද්දා වෙනකොට අනිත් අයටත් මේ රෝගය බෝ වෙයි. (නදී)
නැවත පටන්ගන්න එක ගොඩක් හොඳයි කොහෙන්හරි වැරදුනොත්.(ම)
එක එක්කෙනා හිතන්නේ වෙනස් විදියට. මේකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. මොකද මෙයාලා සතුටු වෙන්නේ මේ විදියට. මෙයාලා විශේෂයක් කරනවා කියලා දකින්නේ මේ විදියට. වෙන කෙනෙක් විශේෂයක් කරනවා කියලා දකින්නේ වෙනත් විදියකට. ලෝක ස්වභාවයට අනුව ගැළපුනාද නොගැළපුනාද කියා තම තමන් දකින ආකාරයට අනුවයි මිනිසුන් කටයුතු කරන්නේ. ඒකට අපි එයාලත් එක්ක ගැටිලා වැඩක් නැහැ. (නි)
විවහා වෙලා දරුවොත් ඉද්දි දික්කසාද වෙන රටේ මෙහෙම සියලු දෙනාම එකතුවෙලා උත්සවයක් පවත්වලා සතුටුවෙන එක හොඳ දෙයක් (නදී)
අනේ මම නම් මෙහි කිසිම වරදක් දකින්නේ නැහැ (නි)
පාඨලි සහ දරු තිදෙන ඉන්නේ ප්‍රංශයේ නමි ඉතින් කොහෙද ප්‍රශ්න ඇතිවෙන්නේ? (නි)
මුන්ට පිස්සු! මගුලක් කරන්න කොච්චර මුදල් කන්දරාවක් වැය වෙනවද ? අපේ රට දුප්පත් රටක්. ඔය මුදලෙන් දුප්පත් දරුවෝ කී දෙනකුට ශිෂ්‍යත්වයක් දෙන්න තිබුනද. (නදී)
ගොඩක් කට්ටිය කලබලවෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගෝ සල්ලි වලින් මේ දෙපළ නැවත විවාහවුණා වගේනේ? ඒ කට්ටියගේ කැමැත්තට ඒ කට්ටිය කරන දේ විවේචනය කරන්න අපි කවුද? කසාද බැඳලා මාස 3 දික්කසාද වෙන මේ සමාජයේ අවුරුදු 10 සතුටින් ඉන්නවා කියන එකත් වාසනාවක්. ඔබ දෙපළටත් දරුවන්ටත් ආශිර්වාද කරමි! (නි)
මේක ගොඩක් හොඳ දෙයක් (නි)
මංගල උත්සවයක් කියන්නේ මොනතරම් වැදගත් දෙයක්ද? (නි)
ඒ සල්ලි වලින් අසරණ දරුවෙකුට හරි පුවලකට හරි උදව් කරන්න (නදී)
සමහරු අගය කරන්නේ සරල බව. නමුත් මොවුන් එහෙම නැහැ කියලයි හිතෙන්නේ. මේ මුදලින් මීටවඩා සතුට ගෙනදෙන ඕනෑතරම් දේවල් කරන්න තිබුනා. නමුත් මුදල් දුන්නේ අපි නෙමෙයිනේ. මේ හැම සැපක්ම තාවකාලිකයි. කොයිදේත් තරමකට තිබුනහම වැඩිපුර ස්ථාවරයි (නි)
ගොඩක් හොඳයි.දෙදෙනාගේ කැමැත්තනේ 20 වෙනි සංවත්සරයේදී දරුවන්ගේ ළමයින් ටික ගමු මල් කුමරුන්ට හා මල කුමරියන්ට (අ)
මේවා කාටත් හොඳ ආදර්ශ (නි)
කොච්චර හොඳද? (නි)
මම නම් මෙයාලගේ මේ වැඩේ එකෙන්ම හොඳයි කියලයි කියන්නේ. (අ)
අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන්ගේ කසාදය රැකගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ අය දරුවො 3 දෙනෙකුත් හදාගෙන තොච්චර ලස්සනට ජීවත්වෙනවද? (නි)