( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම සදහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ට පුරවැසි කමිටු බල මණ්ඩලය මගින් වැඩිහිටියන්ගේ කුසලතා දැක්වීමේ උත්සවයක් හික්කඩුව සිංහ සමාජ ශාලාවේදී ඹක්තෝබර් 01 දින පැවැත්විණි.
හික්කඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය සදහා ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටු 68 ක් පවතින අතර එහි වැඩිහිටි සාමාජික - සාමාජිකාවෝ 3600 ක් සාමාජිකත්වය ලබාගෙන සිටිති.
එදින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා ආයුර්වේද වෛද්‍ය සායනයක්, පොල් පැල 500 ක් බෙදාදීම ද සහභාගී වූ සියලුම දෙනා සදහා උදේ-දිවා ආහාරද ලබාදීම එම බල මණ්ඩලය මගින් සැලසුම් කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් "අමිල සුවද" නමින් සගරාවක්ද එදින ආරම්භ විය. මෙම අවස්ථාවට හික්කඩුව ප්‍රාදේශීය ලේකම් දමයන්ති පරනගම මහත්මිය , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් , විපක්ෂ නායක මංගල ලියනගේ මහත්වරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ,ලස්සනයි ,, මේවා හරි වැදගත් ., සංවිධානය කර අයට ස්තුති කරමි (දී)
ෂාහ් , නියමයි, ඇත්තටම වයසට ගියාම ඒ අයගේ සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න සංවිධානය කළ අයට මම මුළු හිතින්ම ප්‍රශංසා කරනවා. (නි)