( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම සදහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ට පුරවැසි කමිටු බල මණ්ඩලය මගින් වැඩිහිටියන්ගේ කුසලතා දැක්වීමේ උත්සවයක් හික්කඩුව සිංහ සමාජ ශාලාවේදී ඹක්තෝබර් 01 දින පැවැත්විණි.
හික්කඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය සදහා ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටු 68 ක් පවතින අතර එහි වැඩිහිටි සාමාජික - සාමාජිකාවෝ 3600 ක් සාමාජිකත්වය ලබාගෙන සිටිති.
එදින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා ආයුර්වේද වෛද්‍ය සායනයක්, පොල් පැල 500 ක් බෙදාදීම ද සහභාගී වූ සියලුම දෙනා සදහා උදේ-දිවා ආහාරද ලබාදීම එම බල මණ්ඩලය මගින් සැලසුම් කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් "අමිල සුවද" නමින් සගරාවක්ද එදින ආරම්භ විය. මෙම අවස්ථාවට හික්කඩුව ප්‍රාදේශීය ලේකම් දමයන්ති පරනගම මහත්මිය , රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් , විපක්ෂ නායක මංගල ලියනගේ මහත්වරුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හික්කඩු වැඩිහිටි දිනය සැමරේ.
චන්දි Saturday, 05 October 2013 10:05 AM
හරිම ,ලස්සනයි ,, මේවා හරි වැදගත් ., සංවිධානය කර අයට ස්තුති කරමි (දී)
අසෝක Friday, 04 October 2013 04:53 PM
ෂාහ් , නියමයි, ඇත්තටම වයසට ගියාම ඒ අයගේ සතුට වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න සංවිධානය කළ අයට මම මුළු හිතින්ම ප්‍රශංසා කරනවා. (නි)