IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොකී කාන්තා - පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදාවට

මහජන බැංකු සත් සාමාජික හොකී තරගාවලියේ කී‍්‍රඩා සමාජ සඳහා වූ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් සමත්වූහ. ශ්‍රී ලංකා පොලිසියේ තිලිණ පෙරේරා කී‍්‍රඩා සමාජ අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, ගුවන් හමුදාවේ තුසිත් රත්නසිරි එම කණ්ඩයේ දක්ෂතම දැළ රකින්නා ලෙසත් තේරී පත්වූහ.

ගුවන් හමුදා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පැමිණි අතර පොලිස් කණ්ඩායම අවසන් තරගයට පැමිණියේ අවසන් පූර්ව වටයේදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමිනි.
කී‍්‍රඩා සමාජ අංශයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස චතුරිකා පේ‍්‍රමසිරිත්, දක්ෂතම දැළ රකින්නිය ලෙස ජීවන්තිකා කීර්තිරත්නත් සම්මාන ලබාගත්හ.

පාසල් කාණ්ඩයේ දක්ෂතම කීඩකයා ලෙස විජය විදුහලේ විනුර සමන් සහ දක්ෂතම දැල රකින්නා ලෙස ධර්මත විදුහලේ මල්ෂාන් දිනායක සම්මාන ලබාගනිද්දී, සීතාදේවි විදුහලේ සමදරා චන්ද්‍රිකා දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත්, එම විදුහලේම සකුන්තලා ඉලේපෙරුම දක්ෂතම දැල රකින්නිය ලෙස තේරී පත්වූහ.
නුවර මහජන බැංකුවේ අනුග‍්‍රහය ඇතිව මහනුවර සීතාදේවී විදුහල විසින් 19 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 40 ක් සහ කී‍්‍රඩා සමාජ කණ්ඩායම් 32 ක් සහභාගීවූහ.

පිරිමි අංශයේ කී‍්‍රඩා සමාජ ශූරතාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරන ලදී. (දඬුවම් පහර 3 - 2)

පිරිමි අංශයේ පාසල් කුසලාන ශූරතාව
මාතලේ විජය විදුහල විසින් බදුල්ලේ ධර්මධූත විදුහල පරාජය කරන ලදී. (ගෝල 3 - 0)

පිරිමි අංශයේ පාසල් පළඟ ශූරතාව
ශාන්ත සිල්වෙස්ටර් විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

පිරිමි අංශයේ පාසල් බඳුන ශූරතාව
මාතලේ සහිරා විදුහල විසින් මාතලේ කි‍්‍රස්තුදේව විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

පිරිමි අංශයේ පාසල් පළිහ ශූරතාව
නුවර කිංග්වුඞ් විදුහල විසින් කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

කාන්තා අංශයේ කී‍්‍රඩා සමාජ ශූරතාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරන ලදී. (ගෝල 2 - 1)

කාන්තා අංශයේ පාසල් කුසලාන ශූරතාව
සම ශූරතාව මහනුවර සීතිදේවී විදුහල සහ මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල

කාන්තා අංශයේ පාසල් පළඟ ශූරතාව
කොළඹ යසෝදරා විදුහල විසින් බදුල්ල විහාරමහා දේවී විදුහල පරාජය කරන ලදී. (ගෝල 2 - 0)

කාන්තා අංශයේ පාසල් බඳුන ශූරතාව
පානදුර සුමංගල බාලිකා විදුහල විසින් නුවර ගෝතමී විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

කාන්තා අංශයේ පාසල් පළිහ ශූරතාව
කොළඹ විශාකා විදුහල විසින් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

15 න් පහළ කාන්තා අංශයේ පාසල් ශූරතාව
ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් මහනුවර උසස් බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 1 - 0)

(*)



අදහස් (0)

හොකී කාන්තා - පිරිමි ශූරතා දෙකම ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site