ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පස් වැනිදා ආරම්භ වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වන ජාතික හොකී පිරිමි කණ්ඩායමේ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ඉන්දීය වීසා සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කිරීම වළක්වලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කල වාරණය ගාස්තුවට යටත්ව විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී ඩී ගුණසේකර මහතා අද නියෝග කළේය.
වාරණයට එරෙහිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමින් එම වාරණය විසුරුවා හැරීමට ප්‍රධාන දිසා විනිසුරුවරයා තීන්දු කළේය.
ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන පෙත්සම්කාර දිලුක මධුෂංක ජයසූරිය නැමැත්තා ගොනු කළ පැමි‚ල්ල මඟින් ලබා ගත් වාරණය නිසි පරිදි අධිකරණයට කරුණු නොදක්වමින් අධිකරණය නොමඟ යවමින් ලබා ගත් එකක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය දන්වා සිටි අතර කිසි ලෙසකින්වත් ක්‍රීඩා පනත උල්ලංඝනය කර නොමැති බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට ඇගිලි නොගසනවා කියමින් දේශපාලන බල අධිකාරිය කල බලපෑම් වලට යටත්ව දුන් මේ තීන්දුවට මගේ අප්‍රසාදය සහ විරෝධය! මේ විරෝධයට එරෙහිව මට නීති මගින් කටයුතු කරන්නට ඇවැසිනම් මගේ සත්‍ය තොරතුරු අන්තර්ජාලයේ මා රහසිගත නොවන බව දනිමි. (කෞ)
වාරණය ඉවත් කළ එක හොඳයි.(හේ)