අප්‍රේල් 20 වැනි දා යාපනයේ පැවැති රැස්වීමක දී වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මගින් දන්වා තිබේ.
නීතීඥ දාබරේ මහතා මෙසේද දන්වා ඇත.
‘මාගේ සේවාදයකයන් වෙතින් තවදුරටත් උපදෙස් ලැබී ඇත්තේ මාගේ සේවාදායක සංගමයේ සාමාජිකත්වයට අගතිදායී ලෙස කටයුතු කරමින් සහ එම සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන ලද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පිරිසකගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමක් සිදු කොට ඇති බවත් එලෙස සාමාජිකත්වය අත්හිටුවන ලෙස වෛද්‍යවරුන් විවිධ කරුණු ආවේගශීලීව ඉදිරිපත් කළ බවත් දන්වන ලෙසය.‘‘
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලෙස දන්වා ඇත්තේ අප්‍රේල් 20 වැනි දා ‘දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි‘ මැයෙන් ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් නීතීඥවරයා මාර්ගයෙන් ලිපියක් එවමිනි.
‘දොස්තර සංගමයේ ප්‍රකාශක‘ ලෙස එම ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය ඇතුළු කිරීම වැරදි බවත්, එහි නිල නාමය ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ ලෙස විය යුතු බවත් ඔහු දන්වා එවා තිබේ.
එසැණ එම ප්‍රවෘත්තිය තුළ එම සංගමයේ නම නිසි ආකාරව සටහන් කර තිබිණි. ශීර්ෂ පාඨයේ ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‘ ලෙස යෙදීම දීර්ඝ නිසා ‘දොස්තර සංගමය‘ ලෙස සටහන් කර තිබිණි.
එම රැස්වීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකට හූ නොකී බව ද ඔහු කියා තිබේ.
එමෙන්ම මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව හැසිරුණු බව මාධ්‍ය ප්‍රකාශක සඳහක් කළ බවට පළ කිරීම අසත්‍යයක් බව ද නීතීඥවරයා මාර්ගයෙන් සංගමය දන්වා ඇත.
එහෙත් එසැණ අප්‍රේල් 20 වැනි දා එම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකට කතා කළ අතර ඔහු ඉහත ප්‍රකාශය කරමින් කීවේ තමා එම රැස්වීමට සහභාගී වී නැවත කොළඹ එමින් සිටින බවයි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හූ කිව්වේ නැතිලු : දොස්තර සංගමෙත් නෙමෙයිලු
වින්සන්ට් Wednesday, 27 April 2016 09:25 PM
ඔටුණු පළදා නොගත් පාඨකයන් වන අපට නම් එය කුමන සංගමයක් ගැන කරන ශිර්ෂ පාඨයක්ද යන්න තේරුම් ගැනීම ඉතා පහසු විය. රජයේ වෛද්‍යවරු සිටියේ ඉස්සර කාලයේය. දවසේ වැඩි කාලයක් පුද්ගලික සේවයේ යෙදෙන සාමාජික වෛද්‍යවරු සිටින මෙම සංගමයට "රජයේ වෛද්‍ය නිලධාරී" කියා අප කියන්නේ කෙසේද? (නි)
මොහාන් Thursday, 28 April 2016 02:13 AM
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මහත්වරුනි , ඔබට මුළු ලංකාවම හූ කියන බව ඔබ දන්නවාද? (හේ)
චානක Thursday, 28 April 2016 02:36 AM
දොස්තරලා නෙමෙයි හූ කියන්නේ, නරියෝ නේ හූ කියන්නේ (බ)