නාවුල සන්ධාන රැලියේදී තමාට හූ කීවේ මාතලේ සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයකුගේ හා තවත් සල්ලිකාරයකුගේ පිරිසක් බවත් සංස්කෘතික හා කලා රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේ මාධ්‍ය හමුවක් අමතමින් අද (27) ප්‍රකාශ කළේය.
‘මේක මගේ ජයග්‍රහණයට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක්. මේ ආරංචිය දැනගත් විගසම සන්ධානයේ අපේ පාක්ෂිකයන් මෙන්ම එජාප පාක්ෂිකයන් දැඩි කල කිරීමට පත්ව මෙයට විරුද්ධව ජනතාවට කරුණු දැක්වීමට ගෙන් ගෙට යාමට ඊයේ ඉඳලම පෙළ ගැසුණා‘ යැයිද ඒකනායක මහතා එහිදී කීවේය.
88/89 භීෂණ සමයේදී ශ්‍රීලනිපය බිඳ වැටුණු විට මාතලේ දිස්ත්‍රික්කය තුළ පක්ෂය බේරා ගත්තේ තමා බවත් මෙවැනි අය පහත් ක්‍රියාවල යෙදුණද තමන් පිරිපුන් දේශපාලනඥයකු වශයෙන් ඔවුනට අනුකම්පා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙනුත් හුවක් (බ)
මහින්ද පාවාදෙන දේපිටකාට්ටුවන්ට හූ කියන්න. (ර)
ඔයාලට හූ කියන්නෙත්, ඔයාලගේ ඇගිලි මිරිකන්නෙත් ඔක්කොම ඔයාලගේම සෙට් එකනේ. අපිට මොකෝ. (ර)
මෙයත් බල්ටි ගහන කෙනෙක්ද දන්නේ නැ මිනිස්සු හු කිව්වේ (බ)
එජාප පාක්ෂිකයන් දැඩි කල කිරීමට පත්ව මෙයට විරුද්ධව ජනතාවට කරුණු දැක්වීමට ගෙන් ගෙට යාමට ඊයේ ඉඳලම පෙළ ගැසුණා. ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා. මෙතුමා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයට යනවා වගේ. මොන පක්ෂයක හිටියත් කමක් නැහැ. නමුත් තමාගේ වාසියට තමන්ට ඡන්දෙ දුන් පාක්ෂිකයන් පාවා නොදෙන්න. (ස)
ආරේ ගති නෑරේ කිව්වලු. (ම)
ඔබ තුමාට ''හු'' නියමයි. (ර)
ඔබතුමා මෙවර පැරදුණාම, කරුණාකර ගෙදරට වෙලා ඉන්න. ආයේ නං දේශපාලනේට එන්න එපා. පෙන්ෂන් එක කොහොමත් ලැබෙනවනේ (ම)
හැම දිස්ත්‍රික්කයේම පනින්න කට්ටිය ඉන්නවා, ඒ අයට හු නොකීවත් මනාප නොලැබේවි. මාතලේ දඹුල්ල, ප්‍රදේශ වල තව 2ක් ඉන්නවා. (ස)