
(අංජුල මහික වීරරත්න)
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) තනතුරට විශේෂඥ වෛද්ය එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතාට පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ප්රදානය කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී සිදු කෙරිණි.
ජ්යෙෂ්ඨ වෛද්ය පරිපාලකයෙකු වන විශේෂඥ වෛද්ය එස්. මහේන්ද්ර ආනල්ඩ් මහතා නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්ය) ධූරයේ රාජකාරී කටයුතු සිදු කරන ලද අතර, කොවිඩ්-19 (COVID-19) වසංගතය මෙරට පැතිර ගිය සමයේ සෞඛ්ය අමාත්යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසත්, ජාතික බෝවන රෝග විද්යායතනයේ (National Institute of Infectious Diseases) අධ්යක්ෂවරයා ලෙසත්, කොළඹ ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd