IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


සුරා බදු ආදායම් පරිපාලනය ඩිජිටල් වෙයි

(අංජුල මහික වීරරත්න)

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා සම්පුර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, ඒකාබද්ධ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2024-05-22 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 

එකී පද්ධතිය මඟින්, බාධාවකින් තොරව දත්ත හුවමාරු කිරීම, අවදානම් කළමනාකරණය, ආදායම් තුලිතකරණය, ඉහළ නංවන ලද විනිවිද භාවය සහ වගවීම සක්‍රීය කිරීම අපේක්ෂා කරනු ලැබේ. 

එකී ආදායම් පරිපාලන පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම පිණිස තනි අදියර ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ කොන්ත්‍රාත්තුව Millennium I.T.E.S.P (pvt) Ltd. Metropolitan Technologies (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 1,310.94 ක (බදු රහිත) මුදලකට ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ. 

එම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය වෙත අභියාවන තුනක් (3) ඉදිරිපත්ව ඇති අතර, එකී අභියාචනා ප්‍රසම්පාදන අභියාවන මණ්ඩලය විසින් නිෂ්ප්‍රභ කර ඇත. ඒ අනුව, සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වූ ප්‍රසම්පාදනය Millennium LT.E.S.P (pvt) Ltd. o Metropolitan Technologies (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සුරා බදු ආදායම් පරිපාලනය ඩිජිටල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 676 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 855 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site