(කේ. බුද්ධික කුමාරසිරි)


මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දී  මොරටුවේ "සුරා" නැමැති අයෙකු ත්‍රීරෝද රථයක් තුල පහර දී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ උත්සව ශාලාවක ගබඩාවක සගවා තිබූ තියුණු ආයුධ, අත් බෝම්බ සහ වායු රයිෆලයක් ඇතුලු අවි ආයුධ තොගයක් අද (13) දින සොයා ගැනීමට හැකි වූ බව මොරටුමුල්ල පොලිසිය පවසයි.

අදාල  පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් බවට හදුනාගත් තිදෙනෙකු ඉකුත්දා අත්අඩංගුවට  ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය විසින් එම සැකකරුවන් මොරටුමුල්ල පොලීසිය වෙත භාර දී තිබුණි

ඒ අනුව මොරටු මුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි ඇතුළු අපරාධ අංශයේ  නිලධාරීන් විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී ප්‍රධාන සැකකරුගේ උත්සව ශාලාවේ ගබඩා කාමරයක තිබී මෙම ආයුධ සියල්ල සොයාගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මොරටුමුල්ල  පොලිසියට බාර දීමෙන් අනතුරුව මොරටුමුල්ල  පොලිසිය  ඊයේ (12 ) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමේ නියෝග මත අද  13  (අද)  දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර දී තිබුණි