(කේ. බුද්ධික කුමාරසිරි)
සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත පළමු හෝටලය හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත විය.
මෙම හෝටලය තුළ තමන්ගේ සුරතල් සුනඛයින්ට නවතා තබා යාමට හැකියාව ඇති අතර එහිදී සුඛෝපභෝගී වායු සමීකරණය කරන ලද කාමරවල එම සුනඛයන්ට නවතම පහසුකම් හිමි වේ.
එසේම එම සුනඛයින් සඳහා පිහිනුම් තටාක පහසුකම් ආහාර ඖෂධ විශේෂ පුහුණුවීම් ආදිය මෙම හෝටලයේදී ලබාදීමට සැලසුම් කර ඇති අතර එම සුනඛයින්ගේ උපන්දින සාද ආදිය පැවැත්වීමට ද සුනඛයෙන් සමඟ කාලය ගත කිරීමට කැමති පුද්ගලයින් සඳහා එම අවස්ථාවන් ලබාදීම ද මෙහිදී සිදු කෙරේ.
තවද සිනමා පට සහ ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයින් පුහුණු කර ලබාදීමද මෙම හෝටලයෙන් ලබාගත හැකි සේවාවන් අතර වේ. අදාළ හෝටලය විවෘත කිරීමෙන් අනතුරුව සුරූපී නිරූපණ ශිල්පින් සමගින් සුනඛයින් කුරුල්ලන් මාළුවන් ආදී සතුන් සමග මෝස්තර නිරූපණ දැක්මක්ද සිදුවිය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
සුනඛයින්ට හෝටලයක්
Perera Thursday, 19 December 2024 04:32 PM
බල්ලන්ට ගිය හෝටල් කියන්නේ මේවට තමයි.