(පද්මා කුමාරී කංකානම්ගේ)

දෙදරු මවක වන අටමස් ගැඹිණියකට ඇයගේ සැමියාගේ පිහිට පහරින්  ගැඹිණියත් ඇගේ කුස තුළ සිටි බිළිදාත්  මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

කල්පිටිය ,එස්.පී.ආර්.වත්ත,තලවිල යන ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුම සිදුවී ඇත.පොලිස් හදිසි දුරකථන ඇමතුම් සේවයට 119 ලද තොරතුරකට අනුව ක්ෂ්ණිකව ක්‍රියාත්මක වූ, කල්පිටිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.එස්.සුසන්ත මහතා ඇතුලු කණ්ඩායමක් විනාඩි 45 ක් තුළ ලුහු බැද ගොස් සැකකරු හා අපරාධයට යොදා ගත්  පිහිය ද සමග  අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ මිය ගොස් ඇත්තේ කැලෑ පල්ලිය තලවිල යන ලිපිනයේ පදිංචිව සිටි,රම්පට දේවයලාගේ තිළිණි දිල්රුක්ෂි නම් 26 හැවිරිදි කතකි.